වෙබ් අඩවි නිර්මාණය සම්බන්ධ පාඩම් මාලාවේ දෙවැනි කොටසට තමා අද මේ කියන්නේ.  පලවෙනි පාඩම බලපු නැති අයට මෙතනින් ගිහින් ඒක බලන්න පුළුවන්.

අද කියලා දෙන්න හිතුවේ වැම්ප් සර්වර් ඉන්ස්ටෝල් කරගන්න විදියයි ඒක සැකසුම් කරන ආකාරය යි.  දැන් මුල්ම වැඩේ මේක ඩවුන්ලෝඩ් කරගන්න එක. මේ http://www.wampserver.com/en/ සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න 64 බිට් හෝ 32 (x86) බිට් එක. ඒක තමන්ගේ තියෙන OS වර්ශන් එක අනුව කරගන්න.

දැන් මේ පහල තියෙන විදියට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන

දැන් මේක ඩවුන්ලෝඩ් වෙලා ඉවර වුණාම Run කරන්නයි තියෙන්නේ.

මේක මුලින්ම පෙනෙයි Next කරලා ඉදිරියට යමු.

Accept කරන්න

WAMP ඉන්ස්ටෝලේෂන් කරන තැන. මෙතන කැමති තැනක් දෙන්න. ඒත් මේ විදියටම දෙන එක තමයි යෝග්‍ය

කලින් එක නෙක්ස්ට් කරාම ඉන්ස්ටෝල් වෙන්න පටන් ගන්නවා…

දැන් මේ installation එක complete වුනායින් පස්සේ සර්වර් එකට අවශ්‍ය කරන බ්‍රවුසර් එක දෙන්න ඕන. මම නම්  භාවිතා කරන්නේ chrome ඒකට අදාල exe  එක programfiles වලින් හොයලා ලොකේෂණ් දෙන්න ඕන. 

දැන් අපිට තියෙන්නේ ඩේටා බේස් මැනේජර් එක සෙට් අප් කරන්න. බ්‍රවුසර් එක හැදුවායින් පස්සේ මෙහෙම වින්ඩෝ එකක් ඕපන් වෙයි.

මේක NEXTකරන්න.

වැම්ප් අපි දාලා ඉවරයි. මේක finish කරායින් පස්සේ ඔයාගේ සිස්ටම් ට්‍රේ එකේ වෙලාව පෙන්වන තැන W අකුරක් රතුපාටින් පේන්න ගන්නවා. ටිකකින් ඒක තැඹිලි පාටටත් ඊට පස්සේ කොල පාටටත් මාරු වෙයි. ඒ කියන්නේ සාර්ථකව මේක අපි ස්ථාපනය කරා කියන එකයි.

දැන් ඔයාගේ බ්‍රවුසරේ localhost  කියලා ටයිප් කරලා enter කරාම මේ වගේ පිටුවක් විවෘත වෙයි. ඒකියන්නේ අපි සාර්ථකව සර්වර් එක දැම්මා කියලා

හරි දැන් බලන්න ඕන අපේ MySQL එක හරිද කියලා. ඒකට කරන්න තියෙනනේ ට්‍රේ එකේ තියෙන W අකුර උඩ ක්ලික් කරන්න. එතකොට පහල තියෙනවා වගේ මෙනු එකක්  පොප්අප් වෙයි. එතනින් phpMyAdmin තෝරගන්න.

ඒක තෝරගත්තාම ඔයාට ඩේටා බෙස් ටික බලාගන්න පුළුවන්. මේ වගේ පිටුවක් විවෘත වේවි. මගේ නම් දැනටමත් ඩේටා බේස් කිහිපයක් තියෙනවා. නමුත් පලමු වරට තියෙන්නේ information Scheme එකයි test කියන දෙක විතරයි.

මෙතන ලොග් වෙන්න පාස්වර්ඩ් එකක් බොහෝ විට දාන්න එයි. එතකොට යූසර් නේම් root ලෙසත් password එකට කිසිවත් ඇතුලත් කරන්නැතිව empty විදියට තියලා ලොග් වෙන්න.

මේ ටික දාලා විස්තර කියන්න කෝ ඊළඟ පාඩමෙන් අපි PHP  පටන් ගන්නයි හදන්නේ. වර්ඩ්  ප්‍රෙස්  පාවිච්චි කරන්න කලින් ඔයාට ලෝකල් හොස්ට් එකේ මේ සර්වර් ටික හදාගන්න වෙනවා.

අදහස් දක්වන්න

අදහස්

‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,

ඔබත් දැන්ම ගීක් කෙනෙක් වෙන්න!

You have successfully subscribed to the Geek

There was an error while trying to send your request. Please try again.

SL Geek LK will use the information you provide on this form to be in touch with you and to provide updates and marketing.

ස්මාර්ට් ගීක් කෙනෙක් වෙන්න! ගීක් මොබයිල් ඇප් එක දාගන්න.

Download Geek App now