අපි හැමෝම සිංහල ටයිපින් කරනවා නේ. ගොඩක් වෙලාවට ඒකට විවිධ මෘදුකාංග වල සහය ගන්නවා Unicode වලින් ටයිප් කරන්න. හෙලකුරු වගේම ගොඩක් දුරකතන (සැම්සුන්) වගේ නම් සිංහල යතුරු පුවරුවක් අපිට දකින්න පුළුවන්. ඒ ඔස්සෙ අපිට facebook status update කරන්න comments දාන්න පණිවුඩ යවන්නත් SMS යවන්නත් හැකියාව තියෙනවා.

ගූගල් සමාගම අලුතෙන්ම නිකුත් කරලා තියෙන ඇප් එකක් තමා Gboard කියන්නේ. මේක එක්තරා විදියට keyboard ඇප් එකක්. මේකෙ විශේෂත්වය තමා අපි කතා කරන කොට ඒ වචන හඳුනාගෙන ටයිප් කරන්න තිබෙන හැකියාව. 99.99%ක නිරවද්‍යතාවයක් මෙහි තිබෙනවා.  ඒක භාවිතා කරන කෙනාගේ උච්චාරණය මත තීරණය වෙනවා.  සුවිශේෂී කාරණය වනනේ මේක සිංහල භාෂාව ඇතුළු තවත් භාෂා 120කට සහාය දැක්වීමයි.

දැන් එතකොට කරන්න තියෙන්නේ මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටොල් කරන එකයි. default keyboard එක විදියට setup කරන එකයි.  ඉන් පස්සේ Sinhala භාෂාව (වෙනත් අවශ්‍ය භාෂාව) තෝරාගැනීම පමණයි.

දැන් ඔයාට පුළුවන් ටයිප් කරනවා වෙනුවට ටයිප් විය යුතු දෑ දුරකතනයට කියන්න. එතකොට තිරයේ දිස් වේවි ඔබ කතා කරන දේවල්.

මෙහි ඇති විශේෂතා

  1. Voice Typing
  2. ගූගල් සෙවුම් සඳහා සෘජු පිවිසුම
  3. සෙවුම් ප්‍රතිඵල කී බෝඩ් එක තුලින්ම වෙනත් අයෙකුට යැවිය හැකි වීම
  4. Gifs හා Emoji සහිතයි
  5. Google Translate කරන්න පුළුවන්
  6.  keyboard එකට අවශ්‍ය පරිදි themes ඇතුලත් කරගන්න පුළුවන
  7. Glide Typing

මේ ඇප් එක ඇන්ඩ්‍රොයිඩ් සහා ඇපල් දුරකතන වෙනුවෙන් නිකුත් කරලා තියෙනවා.  දැන් ඇගිල්ලෙන් කොට කොට ඉන්න ඕන නැ ටයිප් කරන්න ඕන දේ කියන්න. මේ ඇප් එක අපේ දුරකතනයේ තියෙන ටයිප් කරන්න හැකි ඕනෑම යෙදවුමක් එක්ක කිසි ගැටළුවක් නැතිව භාවිතා කරන්න පුළුවන්.

මෙන්න බාගන්න ලින්ක් එක (Android):- https://play.google.com/store/apps/details?id=com.google.android.inputmethod.latin

මෙන්න බාගන්න ලින්ක් එක (iOS):- https://itunes.apple.com/us/app/gboard-a-new-keyboard-from-google/id1091700242?mt=8

ChanuxBro මේක ගැන කරලා තියෙන විඩියෝව පහතින් බලන්න කෝ. ගොඩක් දැනගන්න පුළුවන්

අදහස් දක්වන්න

comments

  • පට්ට ලිපියක්
  • සතුටු දායකයි
  • අපරාදේ
  • වැඩක් නෑ
‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,