WhatsAPP, FaceBook ඇත්තටම එදා මොකද උනේ ?

ඉතින් ඔයාලට මතක ඇති දැනට දින කිහිපයකට කලින් යන Facebook , Whatsapp , instagram යන 3 යන අක්‍රිය වුනා කියල.ඉතින් ඇත්තටම ඒ මොකක්ද වුණේ?.හරි ඒගැන අපි අද ලිපියෙන් කතා කරමු.

ඇත්තටම එහිදී උනේ Server Down වීමක්. සරලව කිව්වොත් ඔයාල හිතන්න ඔයාලගෙ ගෙදරට එන ඇඩ්‍රස් එකක් තියනව කියල.ඉතින් වෙබ්සයිට් වලත් මෙන්න මේ වගේ ඇඩ්‍රස් එකක් තියනව.හැබැයි මේක සරල ඇඩ්‍රස් එකක් නෙවේ.ඒකියන්නෙ කෙනෙක්ට කිව්වට තේරෙන්නෙ නැති ඇඩ්‍රස් එකක් තියෙන්නෙ.ඉතින් අන්න ඒ කාටවත්ම හිතාගන්නවත් බැරි ඇඩ්‍රස් එක කෙනෙක්ට තේරෙන විදියට හදන්න DNS කියල දෙයක් බාවිතා කරනව.කොටින්ම කිව්වොත් මෙතනදි උනේ හරියට Dns හා අර ඇඩ්‍රස් එක ගැලපුනේ නැති එක.ඉතින් මීට කලිනුත් මේ වගේම ප්‍රශ්ණ ගොඩක් ආවත් මෙම කාලෙදි ගෙදර සිට වැඩ කරන නිසා මේක විසදන්න ගොඩක් අමාරු වුනා. Facebook ආයතනයේ යම් මිනිසුන් ප්‍රමාණයක් සිටියත් ඔවුන්ට මේ දේ හදාගන්න Access ලැබිලා තිබුනේ නැහැ.ඒකියන්නෙ එයාලට ඒ දේ විසදන්න තරම් දැනුමක් තිබුනේ නැහැ.කොහොම උනත් පැය 6කට විතර පමණ පස්සෙ මෙය විසදන්න Facebook ආයතනය සමත් වුනා.එසේ උනත් Facebook නිර්මාත්‍රෞවරයා වන Mark Zuckerberg හට මෙහිදී ඩොලර් බිලියන 7ක පමණ පාඩුවක් සිදු වුනා.මෙම හේතුව නිසා ලෝකයේ ධනවත්ම පුද්ගලයන්ගේ 4 වෙනි තැන සිටි Mark 5 වෙනි තැන දක්වා පහලට බැස තිබෙනවා. ඉතින් මේ පිලිඹදව වැඩිදුර තොරතුරු පහල වීඩීයෝවෙන්.