Roaming ගැන දැනගමු

ලංකාව තුලදී අපි අන්තර්ජාලයට සම්බන්ද වීමට විවිධ service providers ලා භාවිත කරනවා. සාමාන්යෙන් ලංකාවේ Dialog, Mobitel, Airtel සහ Hutch ලෙස ප්‍රධාන සේවා දායකයින් බලාගන්න පුළුවන්.

ලංකාව තුලදී අපි හැමෝම දන්නා පරිදි cell towers හරහා යම් service provider කෙනෙක්ගේ network එකකට අපේ දුරකථනය සම්බන්ද වීම සිදු වෙනවා. මේ සඳහා sim card එකක් භාවිත කරනවා. මේ සිම් පත identification එකක් ලෙස නැත්නම් එක්තරා ආකාරයකට හැඳුනුම්පතක් ලෙස භාවිත කරන බව අපි දනිමු. මෙලෙස අපගේ දුරකථනය cell towers හා සම්බන්ද වී පසුව main network එකට සම්බන්ධ වන බවත්, මෙතනින් අපට calls, sms සහ අන්තර්ජාලය භාවිත කිරීමට අවස්තාව සැලසේ.

මෙලෙසම වෙනත් රටකට ගිය පසුද එම රටට අදාළ සේවා දායකයකු හරහා සිම් පතක් මිලදී ගෙන මෙම සේවා භාවිත කල හැකි බව අපි දනිමු. නමුත්, අපේ ලංකාවේ භාවිත කරන sim පතම රැගෙන යා හැකිද ?

පිළිතුර ඔව්. මෙය Roaming ලෙස හඳුන්වමු.

Roaming යනු සරලවම අප භාවිත කරන සිම් පත හරහා වෙනත් ජාලයකට සම්බන්ද වීමයි. සරලවම උදාහරණයක් ලෙස ලංකාවේ A නම් ආයතනයෙන් මිලදී ගත සිම් පතක් ඔබ විසින් සිංගප්පුරුව තුල භාවිත කරන්නේ යයි සිතමු. ඔබ සිංගප්පුරුවේදී ගුවන්යානයෙන් ඉවතට පැමිණ ඔබගේ දුරකතනයේ ලංකාවේ A සමාගමේ සිම් පත සමග දුරකථනය on කල පසු ඔබට එය වෙනත් network එකකට සම්බන්ද වී ඇති බව දැකිය හැකි වේ.

බොහෝ විට ඔබගේ දුරකතනයේ එක පසක මෙය දැකිය හැකි වන අතර උදාහරණයට අනුව මෙතෙක් ඔබට A ලෙස පෙන්වුවද දැන් එය B ලෙස පෙන්වීම සිදුවේ. (B යනු සිංගප්පුරුවේ සේවාදායකයෙක් ලෙස සලකමු). මෙහිදී සැබෑ ලෙසම සිදුවන්නේ A සහ B network අතර ඇති aggrements මත ඔබ විසින් B network එකට පිවිසීමය. මෙහිදී ඔබ විසින් ලබාගන්න ඇමතුම් සහ අන්තර්ජාල භාවිත කිරීම් B network එක විසින් සිදු වන බැවින් ඒ සඳහා A network එක (එනම් ඔබගේ සිම් පත අයිති ලංකාවේ ආයතනය) ගෙවීම් සිදු කරයි. එය ඔවුන් ඔබගේ reload හරහා හෝ මාසික බිල් පතෙන් අය කිරීම සිදු කරයි. මෙනිසා roaming තරමක් මිලින් අධික වේ.

මෙහිදී ඔබ විසින් ලංකාවේ සිම් පත වෙනත් රටකට රැගෙන යන්නේ නම්, ඔබගේ අංකය වෙනස් වීමක් සිදු නොවන අතර ලංකාවේ සිටින අයට සුපුරුදු පරිදි ඔබට ඇමතුම් ගැනුමට හැකිවේ. මෙහිදී සමහර විටෙක “User currently roaming internationally, Please hold on if you wish to be connected” වැනි පණිවුඩයක් දුරකථන ඇමතුම ගැනීම සිදු කරන පුද්ගලයට ඇසීමට අවස්තාව ඇත. මෙහිදී ඔහු විසින් ඔබට දුරකථන අමතුමක් හෝ sms පණිවුඩයක් යොමු කලද, ඔහුට ශ්‍රී ලංකාවේ ඔබ සිටියා සේ ම, සාමාන්‍ය ගාස්තු පමණක් අය වීම සිදු වේ. නමුත් ඔබ විසින් ලංකාවට ගන්නා ඇමතුම් සහ SMS සඳහා සැලකිය යුතු වැඩි ගාස්තුවක් අයවේ .

එලෙසම ඔබට incomming calls සඳහා එවැනිම ගාස්තුවක් අදාළ වේ. සාමාන්යෙන් ඔබ ශ්‍රී ලංකාව තුල සිටියදී ඔබට incomming නොමිලේ තිබුණු අතර ඔබ විසින් ගන්න ඇමතුම් සඳහා පමණක් ගෙවීමට සිදු විය. නමුත් මෙහිදී ලැබෙන ඇමතුම් සඳහාද ඔබ විසින් ඇමතුම් ගැනීමේදී ගෙවිය යුතු වැනි සැලකිය යුතු වැඩි මුදලක් ගෙවීමට සිදුවේ. කෙසේ නමුත් ලැබෙන කෙටි පණිවුඩ නොමිලේ.

අන්තර්ජාලය ගැන කතා කිරීමේදී roaming කර internet භාවිත කිරීම අතිශය මිල අධික වේ. 1 Mb සඳහා රු. දහස් ගණනින් අයවේ . නමුත් විසඳුමක් ලෙස roaming internet packages සක්‍රිය කල හැක. මේ හරහා සාධාරණ මිල ගණන් වලට අන්තර්ජලය භාවිත කල හැකි වේ.

අවසාන වශයෙන්, ඔබ විසින් ඔබගේ sim card එක වෙනත් රටකට ගෙනිහින් එය භාවිත කර calls ලබන්නේ නොමැතිනම්, sms නොයවන්නේ නැතිනම්, අන්තර්ජාලය භාවිත නොකරන්නේ නම්, ඔබට කිසිදු වියදමක් නැතුව ඔබගේ සිම් පත තබාගත හැක. නමුත් ඔබ විසින් reload භාවිත කරන්නේ නම් මාස කිහිපයකට වතාවක් reload එකක් දැමිය යුතුය. මක් නිසාද යත්, inactive connections මාස කිහිපයකින් අක්‍රිය වන බැවින්.