iOS 16 දාගමු

අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ කොහොමද ඔයාගේ iPhone එකට iOS 16 Beta එක කලින්ම දාගන්නේ කියලා. Apple ආයතනය iOS 16 පසුගිය දිනයක තිබුණු WWDC event එකේදී පළවෙනිම වතාවට announce කළා. මේ ගැන අපි කලින් ලිපියකදී කතා කළා.

සාමන්යෙන් මේ වගේ iOS update එකක ප්‍රධාන ආකාර 3 ක් තියනවා. මෙතනින් මුලින්ම එන්නේ Developer Beta එක. සරලවම කියනවනම් Apple Developer account එකක් තිබෙන කෙනෙක්ට ඉතාමත් පහසුවෙන් Download කරගන්න පුළුවන් විදියටයි මේක ලැබෙන්නේ. ඔයා Apple Dev කෙනෙක්නම් apple developer website එකට ගිහින් iOS 16 යටතේ developer profile එක download කරගෙන, settings වලින් install කරාට පස්සේ software updates යටතේ ඔයාට ලැබෙනවා iOS 16 Beta එක.

කොහොම නමුත් අනික් වර්ග දෙක තමයි එකක්, Public Beta එක. මේක සමස්තයක් විදියට බොහොමයක් දෙනෙක්ට ලබාගන්න පුළුවන් නොමිලේ. හැබැයි release වෙන්න ටික කාලයක් යනවා වගේම සමහර features අඩු හෝ නැති වෙන්න පුළුවන්. අවසාන එක තමයි Public release එක. මේක සිද්ද වෙන්නේ අලුත් iPhones release වෙද්දී. ඒ කියන්නේ සැප්තැම්බර් වගේ.

දැන් අපි කතා කරමු කොහොමද developer account එකක් නැතිව මේ මුලින්ම release වෙන developer beta එක දාගන්නේ කියලා. මේක දාගන්න කලින් කැමති අය SL Geek Video එක බලල හිටියොත් වැඩි විස්තර දැනගන්න පුළුවන් වේවි developer beta එක ගැන.

මුලින්ම මේ සඳහා අඩුම iPhone SE හෝ iPhone 8 එකක් වත් තිබිය යුතුයි. මොකද iOS 16 නිකුත් වුනේ iPhone 8 සහ ඉහල ඒවාට විතරයි. ඒ වගේම මේ install කරන්නේ developer beta එකක් නිසා 100% ආරක්‍ෂිත යයි කියන්න අමාරුයි. සමහර විට විවිධ ගැටළු තියෙන්න පුළුවන්. ඒ නිසා install කිරීමේදී යම් කිසි අවදානමක් ඔයාට ගන්න වෙනවා. installation එකේදී reset වුමක් සිදු වන්නේ නම් නැහැ. හැබැයි කෝකටත් පුලුවන්නම් data ටික backup කරගන්න. දැනට iPhone 13 pro සහ 13 pro max යන iPhones දෙකටම developer beta එක භාවිතා කරන්න පටන් ගත්ත අතර කිසිම ගැටළුවක් බලාගන්න හම්බවුනේ නැහැ.

මුලින්ම කරන්න තියෙන්නේ Safari Browser එක පාවිච්චි කරලා https://betaprofiles.com/ කියන වෙබ් අඩවියට යන්න. මෙතැනදී iOS ද , iPad ද නැත්නම් iWatch OS ද කියන එක බලලා එකට අදාළ beta profile එක download කරගන්න.මෙතැනදී Install anyway ලබාදී allow කිරීම සිදු කරන්න.

දැන් Settings වලට යන්න. Setting app එකේ profile එකක් download වුනා කියලා වැටිලා ඇති. එහිදී install යන්න ලබාදෙන්න.

දැන් iPhone එකේ software updates වල iOS 16 Beta Update එක ලැබී ඇති. (ආසන්න වශයෙන් 5GB). එය download කර සාමාන්‍ය software update එකක් ලෙස install කරගන්න.

දැන් මේ විදියට ඔයාට iOS 16 භාවිත කරන්න පුළුවන්. ඉතින් මෙතැනදී beta එකට එන updates දිගටම ලැබෙනවා. ඒවා ගෙන අලුත් features try කරනන්ත් අමතක කරන්න එපා.