Google ඇතුළු social media අපිව track කරනවා කියන්නේ අපි නොදන්නා කාරනාවක් නෙමේ. මේකට තියන ලොකුම හේතුව තමයි සාර්ථක ad network එකක් build කරන්න. ඉතින් මේ විදියට අපිව track කරන නිසා තමයි අපි ආස කැමති ads විතරක් අපිට පෙන්නේ.

උදාහරණයකට හිතන්න ඔයා chocolate business කරනවා කියලා. එතකොට ඔයා මේ business එකෙන් ශ්‍රී ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කය ඇතුලත විතරක් delivery කරනවා කියල හිතමු. දැන් ඔයාට facebook එකේ youtube එකේ ads දාන්න අවශ්‍යනම් ඔයා ad එකක් දාල මේ ad එක හැමෝටම පෙන්නන්න ගියොත් වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. අපි මේ ad එක පෙන්නන්න ඕනේ chocolate වලට ආස , අපි හිතමු උදාහරණයක් විදියට අවුරුදු 18-35 අතර වගේ වයසක කොළඹ දිස්ත්රික්කයේ ජිවත් වෙන අයට . මෙන්න මේ විදියට කරන්න නම් මේ platforms අපේ වයස, අපි කැමති දේවල්, අපි ඉන්නේ කොහෙද , අපි වැඩිපුරම හොයන්නේ මොනවද වගේ දේවල් track කරන්න වෙනවා.

මේ විදියට google එකත් අපි ගැන මොනවද දන්නේ කියල මෙතනින් ගිහින් දැනගන්න පුළුවන්. අවශ්‍යනම් මේ දේවල් අපිට turn off කරන්නත් පුළුවන්. හැබැයි එහෙම කළා කියලා ඔයාට ads පේන එක නවතින්නේ නැහැ. එක අතකින් මේක on කරන එක හොඳයි. කොහොමත් ads පේන එකේ ටිකක් හරි වැදගත් වෙන්න පුළුවන් ටිකක් පේන නිසා.

මේ ගැන වැඩි විස්තර SL Geek Video එක බලලා දැනගන්න පුළුවන්.
Leave a Reply