You Tube App එක හරහා Comments වෙනත් බසකට හැරවීමේ හැකියාව ලබා දෙයි.

Google සමාගම විසින් YouTube ජංගම දුරකථන App එක තුල Comments වෙනත් බසකට පරිවර්තනය කිරීම සඳහා නව විශේෂාංගයක් හදුන්වා දි තිබෙනවා. මෙය Google Translate මගින් සිදුවන දෙයක් බව අපට සොයාගන්නට ලැබුණී. මෙම විශේෂාංගය iOS සහ Android සඳහා වෙන YouTube Apps තුල ක්‍රියා කරන අතර Comments Section එකෙහි Translate Option එක භාවිතා කිරීමෙන් භාෂා 50 කට වැඩි ගණනක Comments පරිවර්තනය කිරීමට පහසුකම ලැබෙනවා.

පහත රූප මගින් එය ඔබට දැකගත හැකිය.

මෙය තවමත් ඔබේ YouTube App එකේ ලැබී නැතිනම් ඉක්මනින්ම එය අප්ඩේට් කරගන්න.