Whatsapp Down වෙයි

Last Update – 100% Fixed | 25.10.2022

Instant Messaging app එකක් ලෙස බොහෝ දෙනෙක් භාවිතා කරන Meta ආයතනය සතු WhatsApp යෙදුම මේ වන විට ගැටලුවකට මුහුණ දී ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් ගණනාවක සිටින WhatsApp භාවිතා කරන්නන්ට දැනට පණිවිඩ යැවීමට සහ ලැබීමට නොහැකිය.

මිට අමතරව status update කිරීම් හෝ කිසිදු ආකාරයේ දෙයක් සිදු කල නොහැකි අතර අන්තර්ජාලය විසන්ධි වූ විට පෙන්වන connecting පණිවුඩය දැකගත හැකි වේ.

Down Detector වෙබ් අදවියට අනුව පසුගිය පැයක කාලය තුල පැමිණිලි 4000 අධික ප්‍රමාණයක් වාර්තා වී ඇත.