Apple යනු Mobile Phone industry එක තුල බලාගන්න හම්බවෙන වෙනස්ම විදියේ ආයතනයක් කිව්වොත් නිවැරදි. ඔවුන්ගේ hardware, software (iOS) සියල්ල තුල ඔවුන්ගේ අණසක පැතිරවීමට, තෙවැනි පාර්ශවයකට කිසිවකට මැදිහත් වීමට නොහැකි වෙන පරිදි ඔවුන් සියල්ල සකස් කර තිබීම මෙයට හේතුවයි.
Android තුල කල හැකි hardware repairs, software වෙනස් කම්, apple තුල කිරීම අපහසු අතර බොහෝ දේ සිදුකිරීමට නොහැකි වන ලෙස පවත්වාගෙන යයි. මෙනිසාම apple යනු reliable වගේම secured eco system එකක් ලෙස බොහෝ දෙනා අතර ජනප්‍රියයි.
කෙසේ නමුත් පහුගිය වකවානුව තුල පෙනී ගියේ, apple ආයතනය ඔවුන්ගේ limits අඩු කරමින් android වලට ලඟා වෙමින් පවතින බවයි. පහුගිය iOS updates මෙයට හොඳම උදාහරණයයි. widgets එකතු කර home screen customize කිරීමේ සිට මේ වන විට lock screen පවා customize කිරීමට අවස්තාව ඔවුන් සලසා දෙන අතර එය android වලටත් වඩා ඉහල තැනක පවතී. (Depth Lockscreen Photos)

එලෙසම 3 වෙනි පාර්ශවට repair කිරීමට නිල වශයෙන් පහසුකම් සැලසීමත් ඔවුන් විසින් පසුගිය කාලයේ සිදු කළා. වැදගත්ම දේ නම්, ඔවුන්ගේ iPhones, macbook වලට පැමිණෙන screws / ඇණ වර්ග පවා ඔවුන්ටම අවේනික එකක් වීමයි. මෙලෙසම lightning port එක. එයද ඔවුන්ට අවේනික වුවකි.
කෙසේ වෙතත් පහුගිය සමයේ Europian Union එක හරහා Apple සමාගමට විශාල බලපෑමක් එල්ල වීමට පටන් ගත්තේ lightning තවදුරටත් භාවිත නොකර සියලුම iPhone සඳහා type c භාවිත කිරීමටයි. මෙයට හේතුව e-wastage අවම කිරීමට යුරෝපය පුරාම එකම වර්ගයක charger සියලුම උපාංග සඳහා භාවිත කිරීමටයි. අප සැම දන්නා පරිදි බොහෝ android දුරකථන, headsets, buds, smart devices ඇතුළු බොහෝ දෑ charge කිරීම සඳහා මේ වන විටත් type c ports පැමිණේ. නමුත් iPhones වල lightning ports ඇති නිසා පරිශීලකයින්ට ඒ සඳහාම වෙනම charger එකක් මිලදී ගැනීමට සිදුවේ. මෙමගින් මුදල් පමණක් නොව වැඩිපුර chargers මිලදී ගැනීමේ ප්‍රතිපලයක් ලෙස වැඩිපුර e-wastage එකක් සිදුවේ. එනම් පරිසරයට නිකුත් වන විද්‍යුත් කසල ප්‍රමාණය වැඩිවේ. නමුත් ඇපල් යනු ඇපල් . ඔවුන් එසේ සිදු කිරීම සිදුවිය නොහැක්කක් වේ.

නමුත් මේ වන විට දැනගන්න ලැබෙන්නේ Apple ආයතනයේ vice president (Wordwide Marketing) වන Greg Joswiak මහතා EU නීති සමග එකඟ වෙමින් iPhone 15 line up එක සඳහා type c නිකුත් කිරීමට අදහස් කරන බවත් පරිශීලකයින්ට එය බලාපොරොත්තු විය හැකි බවයි. කෙසෙස් වෙතත් මෙය යුරෝපය සඳහා පමණක්ද, සියලුම iPhone 15 lineup එකම type c වේවිද යන්න තවම අදහසක් නොමැත.
කෙසේ නමුත් මේ වන විටත් MacBook පරිගණක වන type c ports බලාගත හැක. එනිසා iPhone වලටත් නුදුරු අනාගතයේ පැමිණීමට වඩාත් වැඩි ඉඩක් ඇත. apple සතු 20W charger එකේ පවා type-c output port එකක් තිබෙන අතර ඔවුන්ට සිදුකිරීමට ඇත්තේ iPhone එක සමග type-c to lightning cable එකක් වෙනුවට type c to type-c cable එකක් එවීම පමණයි.

Leave a Reply