Elon Musk පසුගිය දිනෙක twitter සමාජ මාධ්‍ය වෙබ් අඩවිය මිලදී ගැනීමෙන් පසු වෙනස්කම් වල කොටසක් ලෙස, Musk මහතා පැවසුවේ twitter ජලයට හිසරදයක් ව පවතින Spam/scam නතර කිරීමට ක්‍රියාමාර්ග ගත යුතු බවයි.
පරිශීලක නාමය (User Name) අසල නිල් හරියක සලකුණක්, එනම් verification badge එක සාමාන්‍යයෙන් ඉහළ පිළිගැනීමක් ඇති පුද්ගලයින් සඳහා නොමිලේ ලබාගත හැක.

මෙම පියවර නිසා සමහර විශ්වාසදායක මූලාශ්‍ර හඳුනාගැනීමට අපහසු වන බව විචාරකයෝ පවසති.
ලොව ධනවත්ම පුද්ගලයා වන මස්ක් මහතා විසින් මුදල් ගෙවීමක් සිදුකරන පරිශීලකයින් හට වැඩි ප්‍රමුඛතාවක් ලැබෙන පරිදි සියල්ල වෙනස් කිරීමට සැරසේ. එනම් මෙලෙස මුදල් ගෙවන්නේ නම්, search results, commet replies වල මුලින්ම එවැනි accounts feature කිරීමට සැරසේ.
“Power to the people! Blue for $8/month” එනම් ජනතාවට බලය! $8/මසකට verification badge එක,” ලෙස elon twitter පණිවුඩයක් නිකුත් කර ඇත. ඒ පැරණි නිල් ටික් සත්‍යාපනය කිරීමේ ක්‍රමය “ස්වාමිවරුන් සහ ගොවීන්ගේ ක්‍රමයක්” ලෙස විවේචනය කරමින්.
නමුත් Twitter හිටපු Global Policy Communications ප්‍රධානී Nu Wexler අනතුරු ඇඟවූයේ verification badge සඳහා මෙලෙස ගාස්තුවක් අය කිරීමෙන්, වැරදි තොරතුරු ප්‍රචාරයන් වැඩිවිය හැකි බවය.

බොහෝ සමාජ ජාල මාධ්‍යයන්හි false information හෙවත් වැරදි තොරතුරු පලවීම ඉතාමත් කරදරකාරී තත්වයක් බවට පත්ව ඇත. ඒ පිලිබඳ එම සමාජ ජාලා කටයුතු කරමින් සිටි. එහිදී verification badge වැදගත් සහ පිළිගත් මාධ්‍යවේදීන්ට සහ ආයතන වලට ලබාදීමෙන් පිළිගත හැකි මට්ටමේ මුලාශ්‍ර ආරක්ෂා වීම සිදුවේ. නමුත් මෙයින් ඒ සඳහා ගැටළුවක් ඇති වෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ වෙතත් මේ වන තෙක් twitter verification ලබාදුන්නේ online application එකකින් වන අතර ඒ සඳහා සම්පුර්ණ කලයුතු අවශ්‍යතා සහ verification process එකක් තිබිණි. නමුත් මින් පසු එය වෙනස් විය හැක.
Leave a Reply