Telegram යෙදුම මෙම මසේදී (සැප්තැම්බර්) updates කිහිපයක්ම නිකුත් කිරීමට කටයුතු යොදා ඇත. අපි එම Updates එකින් එක විමසා බලමු.
Full Screen Live Emoji
දැනටමත් ලබා දී තිබෙන Live ඉමෝජි touch කිරීමෙන් පසු සම්පූර්ණ තිරය (full screen) පුරා විසිරී යන සේ සජීවීකරණ කිහිපයක් දක්නට ලැබේ. ඒවා, කලින් එම ඉමොජි touch කිරීමේදී vibrate වීමට අමතරව දැන් මුළු තිරය පුරාම ක්‍රියා කිරීමක් සිදුවේ. දැන් ඒවා ඉතා ආකර්ෂණීය ලෙස ක්‍රියා කරන අතර මෙහිදී ඔබ සහ ඔබ සමග චැට් කරමින් සිටින අනෙක් පුද්ගලයාගේද chat open කර තිබෙන අවස්ථාවේදී එම ඉමෝජී වල ක්‍රියාකාරීත්වය ඔහුට ද දැක ගත හැකිය. මෙය දැනට ක්‍රියාත්මක වන්නේ පෞද්ගලික සංවාද තුල පමණි.

Chat Themes
මෙම update එක මගින් chat themes විශේෂයෙන් Personal Chat සඳහා ඔබට නව Themes 8ක් ලබා දී ඇත. එම සියලු තේමාවන් වර්ණවත් මෙන්ම ඉතා අලංකාර පසුබිම් රටාවලින් සමන්විත වේ. Chat එකෙහි ඉහල ඇති තිත් තුන touch කර “Change Colors” මගින් ඔබට එය වෙනස් කළ හැකිය.
Groups වල ඔබේ පණිවිඩය කියවූ අය
සාමාන්‍යයෙන් Group තුල ඔබ පණිවිඩයක් යැවූ පසු කවුරුන් හෝ එය කියවූ විගස ✓✓ ලෙස සලකුණු කෙරේ. නමුත් දැන් ඕනෑම කුඩා සමූහයකට, එනම් සාමාජිකයන් 50ට අඩු සමූහ වලට ඔබ යම් පණිවිඩයක් යැවූ පසු එය කියවූ අය කවුරුන්ද යන්න ඔබට දැක බලා ගත හැකිය. මීට පෙර වට්සැප් තුල මෙය ලබාදී තිබුනද ටෙලිග්‍රෑම් තුල මේ මස සිට මෙම පහසුකම ලබා දීමට කටයුතු කර තිබේ. එමෙන්ම ටෙලිග්‍රෑම් තුල පරිශීලකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම පණිවිඩයක එය කියවූ පුද්ගලයන් කවුරුන්ද යන්න සටහන් වන්නේ දින හතක් යන තුරු පමණි.
මෙම Update එක ඉතා ඉක්මනින් නිකුත් කල අතර එහි හේතුවක් ලෙස ඔවුන් සදහන් කරන්නේ ඔවුන්ගේ database වල සිදු වූ migration එකක් බවයි. එනම් 2013 සිට ඔවුන් භාවිතා කල “int32” storage system එක පරිශීලක සංඛ්‍යාවේ වැඩි වීමත් සමගම User ID වල සහ Bots, Channels සැකසීමේ පහසුකම ක්‍රමයෙන් අවසන් වීමත් හේතු කොටගෙන “int64” වෙත මාරු කර ඇත.
කෙසේ නමුත්, ටෙලිග්‍රෑම් පරිශීලකයින් උනන්දුවෙන් සිටින Emoji Reactions යාවත්කාලීනය පිලිබදව තවමත් කිසිදු ඉගියක් හෝ දක්නට නොලැබේ. suggestions.telegram.org හි top suggestion එකක් ලෙස මෙය දක්නට ලැබෙන අතර, එම feature එකද වඩාත් ගුණාත්මකව නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු විය හැක.
Sources ; – telegram.org , https://t.me/tginfosi
Leave a Reply