Starlink මගින් ගුවන් සේවාවල වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබාදෙන බව Elon musk පවසයි.

Starlink මගින් ගුවන් සේවාවල වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබාදෙන බව Elon musk පවසයි. අධිවේගී Starlink අන්තර්ජාල සේවාව ගුවන් සේවාවලට එක් කිරීමට තම සමාගම ගුවන් සමාගම් සමග සාකච්ඡා කරමින් සිටින බව Elon Musk පසුගියදා අවධාරණය කළේය.

Starlink යනු ලොව පුරා සිටින ඕනෑම පුද්ගලයෙකුට අධිවේගී අන්තර්ජාල සේවාවක් ලබා දීම සදහා තාරකා මණ්ඩලයක් ලෙස අභ්‍යාවකාශයේ ස්ථාපිත කර ඇති චන්ද්‍රිකා සමග අන්තර් සම්බන්ධිත ජාලයකි. SpaceX සමාගම විසින් මේ දක්වා Starlink චන්ද්‍රිකා 1740ක් දියත් කර ඇති අතර,එම ජාලයට රටවල් 14ක 100,000 කට අධික පරිශීලකයින් සංක්‍යාවක් beta වැඩසටහනකට සහභාගී වී සිටින අතර ඒ සදහා ඔවුන් මසකට ඇමරිකානු ඩොලර් 99 මාසිකව ගෙවනු ලබයි.

SpaceX සමාගමේ උප සභාපති Jonathan Hofeller මේ වසර මුලදී පවසා සිටියේ Starlink සේවාව ගුවන් යානා වල ස්ථාපිත කිරීමට ගුවන් සමාගම් කිහිපයක් සමග සාකච්ඡා කරමින් සිටින බවයි.

Author :- Chamal Sandeepa