Windows 11 තව දින 3කින්

Microsoft සමාගමේ අලුත්ම Operating System එක වන Windows 11 තව දින 3කින් නිල වශයෙන් නිකුත් කිරීමට නියමිතයි.මේ වන විටත් Beta Testing නිකුත් කර ඇති අතර එම Beta Test වලදී ඇතිවන සියලුම ගැටළු නිරාකරණය කරමින් මෙම මස 5 වෙනි දින මෙම Windows 11 Os එක Release කිරීමට නියමිතයි.ඔබට මීට පෙර මතක ඇති SLGeek අපි Leak වුන Windows 11 Iso File එක ඔබට ලබාදුන්නා.

ඒවගේම Windows 10 බාවිතා කරන ඔබට Windows 11 Os එක නොමිලේ Upgrade කරගැනීමේ හැකියාවද ඇත.එමෙන්ම මෙලෙස Windows 11 free Upgrade එක 2022 වර්ෂය දක්වා සිදු වනු ඇති අතර 2022 වර්ෂයේ මැද භාගය වන විට සියළුම eligiable PC සඳහා Windows 11 upgrade එක ලබාදීමට Microsoft සමාගම කටයුතු කරනු ඇත.
කොහොම නමුත් මෙම Windows 11 මෙහෙයුම් පද්ධතිය භාවිතා කිරීම සඳහා අලුත් Hardware අවශ්‍යය වන බව පෙන්වාදෙමින් Microsoft සමාගම ප්‍රකාශ කරන්නේ Windows 10 භාවිතා වන පැරණි PC, Windows 11 වෙත upgrade කිරීමේදී drivers සොයාගැනීමේ අපහසුතා වැනි ගැටළු වලට මුහුණදීමට සිදුවිය හැකි බවයි.

Sources ; Microsoft Site