Nokia වෙතින් අලුත්ම Products පෙලක්

ඇත්තටම මුලින්ම ලංකාවට පැමිනි Phones අතරින් ගොඩක් ප්‍රසිද්ද සහ ගොඩක් දෙනෙක් මුල් කාලෙ බාවිතා කල Phone ලෙස අපිට Nokia Phones හදුන්වල දෙන්න පුලුවන්.ඉතින් ඒවගේම ඔන්න මේපාරත් අලුත්ම Product කිහිපයක්ම Nokiaල ඉදිරිපත් කලා.ඉතින් අපි එකින් එක ඒවා මොනවද කියල බලමු.

Nokia PureBook S14

මෙම Lap එක Nokiaලා හඳුන්වන්නෙ Purebook කියල. කලින් Release කරපු X-14 එකට වඩා හොද Chipset එකක් සහ Processor එකක් එක්ක එන මේ S- 14 Purebook එක අලුත්ම වින්ඩෝස් 11 එක්ක තමයි එන්නෙ. ඒ වගේම ගොඩක්ම Powerfull Processor එකක් වන Intel Core i5 11th Gen Processor එක හා Xe Graphics Card එකක් මේකට ඇතුලත් කරල තියෙනව කියල තමයි අපට දැනගැනීමට ලැබුනෙ. ඒවගේම මෙය 8GB හෝ 16GB RAM එකක් එක්ක ගන්න පුළුවන්. USB -C Port එකක්, USB -A Port එකක්, HDMI Port එකක් වගේම 3.5mm Headphone Port එක්ක් හා Micro SD Card Slot එකක්ද මේකට දාල තිබෙනව.

Nokia Smart Tv

සමාගමේ අලුත්ම නිර්මාණයක් වන මෙම එක දෙකකින් ඔයාලට මිලදී ගන්න පුලුවන්

1.QLED 4Kඅඟල් 50, 55 සයිස් එකෙන්

2. LCD 4K අඟල් 43, 50, 55 සයිස් එකෙන්

මෙම Smart Tv එක බලගැන්වෙන්නෙ අලුත්ම Android 11 සමඟින් වීමත් විශේශයි. ඒවගේම මෙම Tv එක 2GB RAM එකකින් හා 16GB ROM සමන්විතයි. ඒවගේම තමයි Harmon Kardenල Powered කරපු Jbl Speaker System එකක් මේකට දීලා තියෙන්නෙ. ඒනිසා සුපිරිම Audio Experience එකක් ගන්න පුළුවන්වෙයි කියල අපි හිතනව.

ඉතින් මෙම දෙකේම මිල තවම අපට දැන ගන්න ලැබුනේ නැහැ.බොහෝ විට මෙම නොවැම්බර් මාසයේදී ලංකාවට මෙම Devices ලැබෙයි කියල අපි බලාපොරොත්තු වෙනවා. ඒවගේම අපේ App එක Download කරගන්නත් අමතක කරන්න එපා.