Smart Phones පාවිච්චි කරන බොහෝ දෙනෙක් සිතාගෙන සිටින මිත්‍යාගැන අද අපි කතා කරමු.ඇත්තටම ගොඩක් බොරු මිත්‍යා මත තියනව අපි අතර ඒ මිත්‍යාවන් අපි එකින් එක පහලින් දැනගනිමු.
- Phone එකේ බැට්‍රිය 0% බහින්න ඕනෙ Phone එක චාජ් කරන්න

ඔව් ඇත්තටම මෙහෙම කාලය්ක් තිබුනා ඒ තමයි Phone ආව මුල් කාලෙ ඒකියන්නෙ Button සහිත දුරකථන ආව කාලෙ මොකද ඒ කාලෙ Phone වල බැට්‍රිය හරියට Optimize කරල නැති නිසා.උදාහරණ ලෙස Nokia,Motorolla යන දුරකතන සදහා ඒවාට ලැබුන බැටරි වන්නෙ Ni-Cad (Nickel Cadmium) සහ Ni-MH (Nickel Metal Hydride) බැටරි වර්ග නිසා. මෙම බැටරි තිබෙන Phone වල අනිවාර්‍යයෙන්ම චාජ් එක 0 වෙනකන්ම ඉන්න ඕනෙ චාජ් කරන්න නම් ඒත් දැන් එන දුරකථන (2015 සිට) සදහා එම බැටරි යොදා නොතිබීම නිසා සහ බැටරිය හොදට Optimize කරල තිබෙන නිසා අපට කිසිම බියකින් තොරව 99% තිබ්බත් Phone එක චාජ් කලාට කිසිම ප්‍රශ්ණයක් නැහැ.
- රැයක් පුරා ෆෝන් එක චාජ් කරන එක හොද නැහැ.
ඇත්තටම මේකත් මිත්‍යා මතයක් මොකද 2014 සිට එන දුරකථන සදහා බැටරිය සම්පූර්ණයෙන් චාජ් වෙලා අවස්න් ඌ විගස චාජර් එකෙන් Phone එක ඔටෝම ඩිස්කනෙක්ට් වෙනවා. ඒ නිසා ඔයා රැයක් පුරා නොවේ දවස් 2ක් චාජ් එකට Phone එක ගහල තිබ්බත් බය වෙන්න ඇත්තටම දෙයක් නැහැ.
- Original Charger එකම හැමදාම පාවිච්චි කරන්න ඕනෙ.
අපි කවුරුත් අතර තියෙන මතයක් තමයි ෆෝන් එක charge කරන්න ඕනේ ඔරිජිනල් චාජර් එකෙන්මයි කියල. මෙන්න මේ කියන දේ හරිත් නෑ වැරදිත් නෑ. හරියටම කියනව නම් මේක 50%ක් හරි 50%ක් වැරදී. බොහොමයක්ම ෆෝන් හදන සමාගම් වල Marketing Trick එකක් තමයි ඔරිජිනල් charger එකකින් charge කරන්න කියන එක. මොකද වැඩි ගාණකට එයාලගේ Accessories විකුණ ගන්න පුළුවන් නිසා. ගොඩක්ම චාජර් එකකට බලපාන්නෙ වොට් ගණන ඉතින් ඔයා හරියටම වොට් ගනන බලල හරි චාජර් එකක් ගත්තොත් ඔයාට කිසිම ප්‍රශ්ණයක් ඇති වෙන්නෙ නැහැ.
ඒවගේම පහල වීඩීයෝවෙන් වැඩිදුර තොරතුරු දැනගන්න පුලුවන්.
Leave a Reply