Iphone 14 එළිදැක්වීම අද

ඇපල් සමාගමේ අලුත්ම Iphone මාලාව වන Iphone 14 series එක අද දින එනම් 2022/09/07 වන දින ඇපල් පාක් ස්ටීව් ජොබ්ස් තියටර් හිදී ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.30ට සජීවීව පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර තිබෙනවා.මෙම Event එක apple.com සහ Apple Youtube චැනලය හරහාද Live stream කෙරෙනවා. එසේම Iphone වල දිගු කලක් සිට පැමිණෙන Display Notch එක ඉවත් කර ඒ වෙනුවට punch hall + pill design එකක් යොදා ඇති බවටත් වාර්තා වෙනවා. අද දිනයේදි Iphone 14 series එක නිවේදනය කලද ලොව පුරා බෙදා හැරීම සිදුවන්නේ 2022/09/16 දිනයේ පටන් ය. අද දිනයේ නිකුත් කිරීමට නියමිත Iphone 14 දුරකතන මාදිලි වන්නේ,

  • Iphone 14
  • Iphone 14 Max
  • Iphone 14 Pro
  • Iphone 14 Pro Max

එමෙන්ම මෙම එකේදී නිකුත් කිරීමට නියමිත යැයි සැක කල හැකි තවත් Devices කිහිපයක් පහතින්

  • Apple Watch (8,8Pro,SE2)
  • AirPods Pro 2