iPhone 14 සැපයුම අඩපණ වේ.

ඔබ iPhone 14 Pro හෝ 14 Pro Max ඇණවුම් කිරීමට අදහස් කරන්නේ නම්, වැඩි කාලයක් බලාගෙන සිටීමට සිදුවන බව Apple පවසයි. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සමාගම පැහැදිලි කරන්නේ දැනට සැලකිය යුතු ලෙස අඩු කළ ධාරිතාවයකින් චීනයේ Zhengzhou හි iPhone කර්මාන්ත ශාලාවට ක්‍රියාත්මක වන බවත් එයට හේතුව covid ව්‍යාප්තිය සහ සිමා දැඩි වීමයි.

“iPhone 14 Pro සහ iPhone 14 Pro Max මාදිලි සඳහා දැඩි ඉල්ලුමක් නිරීක්ෂණය වන බවත්, අපි කලින් බලාපොරොත්තු වූවාට වඩා අඩු iPhone 14 Pro සහ iPhone 14 Pro Max ship කිරීමට බලාපොරොත්තු වනනමුත් පෙරට වඩා ගැනුම් කරුවන් හට ඔවුන්ගේ නව නිෂ්පාදන ලබා ගැනීමට වැඩි කාලයක් බලා සිටීමට සිදුවනු ඇති බව ඇපල් ආයතනය වැඩි දුරටත් සඳහන් කරයි.

ඔක්තෝම්බර් මාසයේදී රොයිටර්ස් හි වාර්තාවක් හෙළි කළේ ෆොක්ස්කොන් වෙත බලපාන දැඩි කෝවිඩ් සීමාවන් හේතුවෙන් අයිෆෝන් නිෂ්පාදනය අවම වශයෙන් සියයට 30 කින් පහත වැටිය හැකි බවයි, චීනය පදනම් කරගත් කර්මාන්තශාලා ඇපල් සිය නව අයිෆෝන් තැනීම සඳහා භාවිතා කරයි.