මේ වන විට ශ්‍රී ලංකවේ පවතින නීති පද්ධතිය සමහ තවදුරටත් සාමාන්‍ය පරිදි ජංගම දුරකතනයක් මිලදී ගැනීමට නොලැබීම ඉතාමත් අසතුටුදායකයි. මිට වසරකට පමණ පෙර iPhone ඇතුළු සියලුම ජංගම දුරකථන, TRC තුල ලියාපදිංචි විය යුතු යයි අනිවාර්ය කිරීමත් සමග මෙම තත්වය උද්ගත විය. කෙසේවෙතත් මෙය කිසියම් පිරිසකගේ උවමනාවන් සන්සිදවනු පිණිස සිදු වුව දෙයක් බවත් 21 වන ශතවර්ෂයේ ජංගම දුරකථන වැනි දෑ අත්‍යවශ්‍ය භාණ්ඩයක් වී ඇති සමයක මෙවැනි ගල්යුගයේ තීරණ ගන්නා පිරිස් සහ මුල්‍ය අහේනියකින් සිටින රජය ගන්නා තීරණ වලට හිස නැමීම මිස අපට අන් කවර විසඳුමක් නොමැත.

මෙනිසා රු.220,000 පමණ මිල වන apple iPhone 13 pro max දුරකථනය සිරි ලංකාවේදී මිලදී ගැනීමට සිදුවනුයේ රු.ලක්ෂ 4 කට ආසන්න මුදලකටයි. ඇමෙරිකාව තුල ඒක පුද්ගල ආදායම රු.ලක්ෂ 6 කට ආසන්න වේ. කෙසේ නමුත් ලක්ෂ 2 ක iPhone එක ලක්ෂ 4 කට අලෙවි වන ශ්‍රී ලංකාවේ මේ වන විට මාසික ඒක පුද්ගල ආදායම (සාමාන්‍ය අගය) වනුයේ රු.20,000 පමණය.
කෙසේ නමුත් මිට වසර 2 කට ඉහත, එනම් iPhone 11 සංස්කරණය පැමිණීමේදී 11 pro max දුරකථනය apple ආයතනය රු.220,000 මුදලකට, එනම් මෙවර නිකුත් කල මුදලටම නිකුත් කල අතර එය රු.245,000 මුදලකට මිලදී ගැනීමට හැකියාව තිබිණි. නමුත් trc නිතිය සහ භාණ්ඩ ආනයනයේදී 100% මුදල් යෙදවීමය අවශ්‍ය වීමේ නීති වැනි දෑ නිසා එම අගය සීග්‍ර ලෙස වැඩි විය.
කෙසේවෙතත් මෙය උදාහරණයක් පමණි. මෙය සැම ජංගම දුරකතනයටම අදාළ කාරනාවකි. මෙහි ඇති වැදගත්ම කරුණ නම්, අප මේ වෙසෙන්නේ ව්‍යසන කාරී තත්වයක් සමගයි. තව දුරටත් හමුවීම්, රැස්වීම්, පාසල් , පන්ති, රැකියා වලට යෑම් සිදු කල නොහැකි සමයකයි. එවැනි කාලයක දුරකථන යනු අත්‍යාවශ්‍යය දෙයකි. බොහොමයක් දෙමාපියන් තමන්ගේ රත්රන් භාණ්ඩ පවා උකස් කර මෙලෙස අවශ්‍ය මුදල් සොයාගෙන තම ළමයින් හට ඉගෙනීමට අවශ්‍ය phones, tablets ලබාදීමට උත්සාහ කරන සමයක, මෙලෙස සිදුකිරීම කෙතරම් පහත් කාරනාවක්ද යන්න, අමුතුවෙන් කිවයුතු නැත. රු.5000 ට ගත් tablet එක රු.10,000 පමණ වේ. 30,000 පමන තිබු දුරකථන රු.40,000 – 50,000 පමණ වේ.
කෙසේවෙතත් මෙවර iPhone 13 series එකේ මිල ගණන් පහත පරිදි වේ. කෙසේ වෙතත් මෙම මිලගණන් ලබාගන්නා දුරකතනයේ storage එක මත වෙනස් වේ. එසේම ආයතන කිහිපයක් ගෙන්වීම සිදු කරන අතර ඔවුන්ගේ මිල ගණන් වෙනස් වේ.
නිවැරදි මිල ගණන් දැනගැනීමට සහ අඩුම මිල දැනගැනීමට Shop Guru වෙත පිවිසෙන්න. මෙතනින්…..
iPhone 13 mini – Rs.250,000 සිට ඉහලට
iPhone 13 – Rs.280,000 සිට ඉහලට
iPhone 13 Pro – Rs.350,000 සිට ඉහලට
iPhone 13 Pro Max – Rs.385,000 සිට ඉහලට
This post is about the iPhone 13 price in Sri Lanka, iPhone 13 pro max price in sri lanka , iphone prices lanka , iphone 13 mila , i phone 13 lanka
Leave a Reply