ලොව ධනවත්ම පුද්ගලයා ලෙස Elon Musk මහතා හැඳින්විය හැක. ඔහු විසින් පසුගිය දිනයක sink එකක් රැගෙන twitter ආයතනයට ඇතුල් වීමත් සමග නිකුත් කල වීඩියෝව සමාජ මාධ්‍යය තුල මහත් ජනප්‍රියත්වයට පත්විය.
මේ පිලිබඳ අප පෙර කතා කළා ඔබට මතක ඇති.
මෙලස අවසන් වුයේ අධිකරණයට පවා යාමට තිබු ඩොලර් බිලියන 44 ක ගනුදෙනුවකි.
Twitter හෝ ජ්‍යෙෂ්ඨ පුද්ගලයින් දැනටමත් සමාගමෙන් ඉවත් වීමට පටන් ගෙන ඇති අතර මූල්‍ය ප්‍රධානී නෙඩ් සේගල් ඔහුගේ ඉවත්වීම නිවේදනය කරයි. සභාපති බ්‍රෙට් ටේලර් ද ඉවත්ව ගොස් ඇති අතර ට්විටර් හි ප්‍රධාන විධායක පැරග් අග්‍රවාල් ගොස් ඇති බවටද වාර්තා වේ.
අප්‍රේල් මාසයේ twitter ආයතනයේ කොටස් විශාල ප්‍රමාණයක් මිලදී ගත් Elon, පසුව තීරණය කරන්නේ සමාගමේ සියලුම අයිතිය තමා සතු කරගැනීමටයි. මෙලෙස ඔහු ඩොලර් බි.44 ක ගණුදෙනුවකට එකඟ වුවත්, පසුව එය අවලංගු කිරීමට උත්සාහ කළේය.
කෙසේ වෙතත් twitter හි හිමිකාරත්වය ඔහු ලබාගැනීමත් සමග බොහෝ වෙනස් කම් සිදුවීමට නියමිත බව සඳහන්. ඔහුගේ ගිණුමේ “Chief Twit” ලෙස සඳහන් කර තිබීමත් විශේෂත්වයක්.

භාෂණයේ නිදහස ගැන නිතර විශ්වාස කරන අයෙක් විදියට Elon, එළබෙන සඳුදා දින පමණ වන විට twitter තුල තහනම් කෙරුණු ඇමෙරිකාවේ හිටපු ජනාධිපති Donald Trump මහතා ගේ twitter ගිණුම නැවතත් සක්‍රිය කරනු ඇති බව සඳහන්.

Leave a Reply