WWDC 2022 සිංහලෙන්

Apple ආයතනය වසරක් පාසා පවත්වන ලොකුම developer conference එක ලෙස WWDC event එක හඳුන්වන්න පුළුවන්. 2022 වර්ශයේත් මිට පැය කිහිපයකට පෙර WWDC 2022 event එක පැවැත්වුනා. Software වලට මුල් තැනක් ලැබෙන, එත් Macbook වගේ devices release වෙන ප්‍රධානම keynotes දෙකෙන් එකක් විදියට මේ event එක පෙන්වාදෙන්න පුළුවන්.

(1) IOS

WWDC event එකකදී announce කරන වැදගත්ම දෙයක් ලෙස iOS update එක හඳුන්වන්න පුළුවන්. එලෙසම මෙවර iOS 16 සංස්කරණය නිකුත්කරනු ලැබූ අතර එහිදී lock screen එකට ප්‍රමුකතාවයක් ලබාදී ඇත.

Lock Screen එක තව දුරටත් personalize කිරීමට අවස්තාව ලබාදී ඇත. තිබෙන layout එක customize කිරීමේ සිට තව දුරටත් widgets එකතු කිරීමේ අවස්තාව ප්‍රථම වතාවට ලබාදී ඇත. මෙලෙස එකතු කල හැකි widgets සංඛ්‍යාව 2 කි. එලෙසම විවිධ modes වලට අදාලව lock screens වෙනම පවත්වාගෙන යාමටද හැකියාව ඇත. උදා – sleeping mode එකේදී sleeping වලට අදාළ widgets තබාගත හැක. නැවත regular mode එකට මාරු වූ පසු නැවතත් එහි තිබු සැකැස්ම ඇත.

මිට අමතරව notifications, android වලට විරුද්දව එනම් පහල සිට ඉහලට බලාගත හැකි වේ. එලෙසම live notifications හඳුන්වා දී ඇති අතර මෙනිසා notifications කිහිපයක් වෙනුවට එකම notification එක update කිරීමට අවස්තාව ඇත.

iMessages edit කිරීමට අවස්තාව ඇත. යැවීමෙන් පසුව වුවද වෙනස් කිරීමට හැකියාව තිබීම වාසියක් වන අතර social media post වල මෙන් edited ලෙස දිස්වීම සිදුවේ.

පින්තුරයක තිබු object එකක් select කිරීමට හැකියාව ඇති අතර එය hold කරගෙන drag කිරීමෙන් අවශ්‍ය apps මතට දමා share කිරීමට හැක.

Video එකක් pause කර text එක select කර copy කරගැනීමට අවස්තාව ඇත.

Car Play ගැනත් අවදානය යොමු වුනා වගේම upgrades බලාගන්න හැකියාව ලැබුනා.

iWatch හි tracking activities වල වැඩිපුර details ලබාදෙන අතර (උදා- heart rate zones) , activities auto detect කිරීමේ පහසුකම ලබාදේ. එනම්, ඔබ බයිසිකලයක් පැද , පිහිනා නැවත දිවීම සිදු කලොත්, එය manually මාරු කිරීමට අවශ්‍ය නොවේ.

අපි කතා කරමු Apple Silicon Second Gen එක ගැන, එහෙම නැත්නම් M2 ගැන. මේක 5nm Chip එකක්. බිලියන 20 ක් විතර transistors ප්‍රමාණයක් අන්තර්ගතයි. පෙර අගය එක්ක 25% කින් විතර වැඩි. 100GB/s memory bandwidth එකක් බලාගන්න පුළුවන් වගේම M1 එකට සාපේක්ෂව 50% ක් වැඩි. 24GB දක්වා unified memory එකක් බලාගන්න පුළුවන්. 50% ක වැඩිවීමක් නැවතත්. CPU සහ GPU performence පිලිවෙලින් 18% කින් සහ 35% කින් වැඩි වෙලා තිබෙනවා.

මේ event එක ගැන සම්පුර්ණ විස්තර මේ වීඩියෝ එකෙන් බලන්නත් පුළුවන්.