Microsoft සමාගම Windows 10 සංස්කරණය ලබාදුන් පසු නැවත Windows සංස්කරණයක් නිකුත් නොකරන බව නිල වශයෙන් දැනුම් දුන්නත් 2021 වසරේ Windows 11 යන නාමයෙන් නවතම Windows සංස්කරණය නිශ්පාදනය කලා.එය 2021 වසරේ ජූනි මාසයෙ නිල වශයෙන් ඔවුන්ගේ Windows 11 සංස්කරණය හදුන්වා දුන්නා.මෙයට හේතුව ලෙස නව සේවකයන් සහ පරිපාලක නිලදාරී පැමිණි නිසා මෙම තීරණය වෙනස් කර ඇතැයි අපි විශ්වාසා කරනවා.

Windows 10/8/7 යන Windows සංස්කරණ අසාර්තක වුවා.Windows 11 සංස්කරණය නවතම ආකාරයට නිශ්පාදනය කර තිබෙන නිසා බොහෝ පිරිසක් Windows 11 සංස්කරණය භාවිතයට හුරු වී තිබේ.
Windows 11 සංස්කරණය නිකුත් කර මාසයක් පමන කාලයක් යන විට් Modern pc වලින් 5% ප්‍රමාණයක් පමණ භාවිතා කරන බව AdDuplex මගින් සිදු කරන ලද සමික්ෂණයකින් හෙළි වුවා.
2021 වසයේ නොවැම්බර් මාසයේදී Windows 11 පරිශීලකයන් ප්‍රමාණය 8.6% ක් පමණ වූ බව තවුරු වී තිබේ.එසේ උවත් 2022 වසරේ ජනවාරි මාසයේදී එය දෙගුණ වී 16.1% දක්වා ඉහළ ගොස් ඇත බව සමීක්ශනයෙන් තහවුරු වී තිබේ.පහත තිබෙන රූපයෙන් එක වඩාත් පැහැදිලිව පෙනෙ.

මීට සතියකට පමන ඉහතදී මෙය පිලිබද Microsoft සමාගමෙහි නිල Blog පිටුවේ Blog සටහනක් මගින් දන්වා තිබ්බා.Windows 10 සංස්කරණයට වඩා දෙගුනයක් පරිශීලක ඉල්ලීමක් ඇති බව AdDuplex තහවුරු කර තිබේ.
Leave a Reply