Facebook Geek
Follow me

Facebook Geek

Facebook Geek යනු ෆේස්බුක් තුළ පළවන වටිනා Geek ලිපි ගීක් ඔබ වෙතට ගෙන එන නව විශේෂාංගයකි. ඔබටත් මෙවන් ලිපි හමුවුවහොත් අප ෆේස්බුක් පිටුව වෙත දන්වන්න.
Facebook Geek
Follow me

ඉතින් අද අපි බලමු ඔයාලට ගෙවන මිලට සාදාරණයක් ඉටු කරන ලංකාවේ තියෙන දැනට මාර්කට් එකෙන් හුගක් විකුණුන මිඩ් රේන්ජ් ස්මාර්ට් ෆෝන් ටිකක් ගැන. මම මේ ගැන පෞද්ගලිකව හොයල බලලා ලියන්නේ මම මේ සදහා ෆෝන් ශොප් 10ක දත්ත එකතු කලා . මට සමහර ෆෝන් මගහැරුනා නම් ඔයාලට අපේ පෝස්ට් එකට පහලින් කමෙන්ට් එකක් දාන්න යාලුවනේ. මම මේක කියන්න ඕනේ අපි කියන්නේ නෑ අර බ්‍රෑන්ඩ් එක හොදයි අනිත් බ්‍රෑන්ඩ් එක නරකයි කියලා අපි මේ හැම ෆෝන් එකක් ගැනම පුංචි විස්තරයක් දාන්නම්. ඔයාලගේ අතේ තියෙන ගාන අනුව ඔයාලට කැමති ෆෝන් එක බලන්න
වැඩි විස්තර නැතුව බලමු එහෙනම් ෆෝන් ටික. මුලින්ම xiaomi හෙවත් Mi කියල හදුන්වන බ්‍රෑන්ඩ් එක ගැන. හුගක් අය මේ බ්‍රැන්ඩ් එක දිහා වපර ඇහින් බලන්නේ නමුත් ඔයාලා දන්නේ නැති උනාට මේ xiaomi කියන බ්‍රෑන්ඩ් එක තමයි ලෝකෙන්ම පස්වෙනි තැනට හොදම ස්මාර්ට්ෆෝන් නිපදවන කම්පැණි එක. ලංකාවට අලුත් උනාට මේ ෆෝන් වලට තමයි ඉස්සල්ලම ඇන්ඩ්‍රොයිඩ් oreo රොම් එකක් ආවේ. එහෙනම් බලමූ මේ බ්‍රෑන්ඩ් එකෙන් ඔයාලට ගන්න තියෙන මිඩ් රේන්ජ් ෆෝන් මොනාද කියලා

1) Xiaomi Redmi 4x (32 GB)

මේ ෆෝන් එක රිලීස් වෙන්නේ 2017 මැයි මාසේ . ඇන්ඩ්‍රොයිඩ් 6.0.1 මාර්ශ්මෙලෝස් මෙහෙයුම් පද්ධතියක් එක්ක ආව මේ ෆෝන් එකේ ස්නැප්ඩ්‍රැගන් 435 චිප්සෙට් එකක් සහ ඔක්ටා කෝර් ප්‍රොසෙසර් එකක් තියෙන්නේ. ෆෝන් මෙමරිය 32 GB ඔයාට ඕනේ නම් මෙමරි කාඩ් එකක් මගින් මෙමරි එක වැඩි කරගන්න පුලුවන්. රැම් එක 3 GB යාලුවනේ. මේකේ ප්‍රධාන කැමරාව මෙගාපික්සල් 13ක් වන අතර පසුපස කැමරාව මෙගාපික්සල් 5ක් වෙනවා. ස්ක්‍රීන් එක අගල් 5යි. මේකේ රෙසලූශන් එක 720×1280 ඒවගේම මේකට කෝර්නිග් ගෝරිල්ලා කියන ග්ලාස් එකෙන් තිරය ආරක්ශා වෙලා එන්නේ. ෆින්ගර් ප්‍රින්ට් සෙන්සර් එකක් සමග එන මේ ෆෝන් එක ලංකාවේ නම් රුපියල් 21 ,500 සිට රුපියල් 26,500ක් මුදලට ගන්න පුලුවන් යාලුවනේ.

2) Xiaomi Redmi Note 4x

මේ ෆෝන් එක රිලීස් කරන්නේ 2017 පෙබරවාරි මාසයේදි .මේ ෆෝන් එක බලගැන්වෙන්නේ ස්නැප් ඩ්‍රැගන් 625 කියන චිප් සෙට් එක සහ ඔක්ටා කෝර් ප්‍රොසෙසර් එකකින් . අගල් 5.5 ක මල්ටි ටච් පහසුකම සහිත ips LCD කැපෑසිටිව් ටච් ස්ක්‍රීන් එකක් සහිතව වෙලෙදපලට ආව මේ ෆෝන් එක 32 GB ෆෝන් මෙමරියක් තියෙනවා රැම් එක 4GB යාලුවනේ ඇන්ඩ්‍රොයිඩ් 6.0 මාර්ශ්මෙලෝස් සංස්කරණය තමයි මේ ෆෝන් එකට ඇතුලත් වෙන්නේ . ප්‍රධාන කැමරාව මෙගාපික්සල් 13 සහ සෙල්ෆි කැම් එක හෙවත් secondary කැම් එක මෙගාපික්සල් 5කින් සමන්විත වෙනවා. මේ ෆෝන් එකත් ෆින්ගර් ප්‍රින්ට් සෙන්සර් එකක් සමග ලංකාවේ වෙලෙද පල තුල රුපියල් 19, 500ක සිට රුපියල් 33,500ක මුදලක් අතර ගන්න පුලුවන් යාලුවනේ.
********************************************
අපි දැන් බලමු ඔයාලා කවුරුත් දන්න Samsung බ්‍රෑන්ඩ් එකෙන් ඔයාලට ගෙවන ගානට සාදාරණයක් ඉටු වෙන බජට් ෆෝන් ටිකක් ගැන
********************************************

1) Samsung J2

මේ ෆෝන් මොඩල් එක මාර්කට් එකට එන්නේ 2015 සැප්තැම්බර් මාසයේදි ඊට පස්සේ මේකේ අලෙවිය වැඩි නිසා මේ මාදිලියෙම තව වැඩි දියුණුකම් සහිත J2 2016 , j2 pro, j2 prime කියන මාදිලිත් වෙලෙද පලට එනවා අපි මේ කතා කරන්නේ j2 prime මොඩල් එක ගැන මොකද දැනට තියෙන අන්තිමට ආපු j2 මොඩල් එක නිසා මේකේ ඇතුලත් වෙන්නේ මීඩීයාටෙක් චිප්සෙට් එකක් සහ ක්වාඩ් කෝර් කෝර්ටෙක්ස් A53 කියන ප්‍රොසෙසර් එකක්. මේකේ ඩිස්ප්ලේ එක TFT කැපෑසිටිව් ටච් ස්ක්‍රීන් එකක් ෆ්‍රොන්ට් කැමරා එක මෙගා පික්සල් 8ක් සහ බැක් කැම් එක මෙගා පික්සල් 5කින් සමන්විත වෙනවා . මේකේ ෆෝන් මෙමරිය 8 GB වන අතර රැම් ධාරිතාව 1.5 GB වෙනවා. මෙහි හැඩය සහ ප්‍රමාණය භාවිතයට පහසු කරමින් නිපදවා තිබෙනවා ලංකාවේ නම් මෙය රුපියල් 16.500 ත් 19.500ත් අතර මුදලටකට ගන්න පුලුවන්

2 ) Samsung J7

අගල් 5.5 සුපර් ඇමෝල්ඩ් තිරයක් සහිතව වෙළෙද පලට ආව මේ දුරකථනය සීග්‍රයෙන් ආසීයානු කලාපිය දුරකථන වෙළෙද පල ආක්‍රමණය කලා කිව්වොත් නිවැරදියි. (www.scientiamobile.com දත්ත අනුව) 16GB අභ්‍යන්තර මතකයක් හා 3GB රැම් මතකයක් සමග 2017 ජේ සෙවන් මාදිලිය වෙළෙදපලෙන් ඔබට මිලදි ගන්න පුලුවන් මෙහි ඉදිරිපස කැමරාව මෙගාපික්සල් 13ක් වන අතර පසුපස කැමරාවද මෙගා පික්සල් 13ක් වේ.මේ දෙපසම කැමරා වලට අවශ්‍ය LED ෆ්ලෑශ් ඇත. ඇන්ඩ්‍රොයිඩ් 7.0 හෙවත් නගට් මෙහෙයුම් පද්ධතිය මගින් මෙය ක්‍රියා කරයි. ලංකාවේ නම් මෙය රුපියල් 26,000 ත් රුපියල් 35,000 අතර මුදලකට ගන්න පුලුවන්.
********************************************
ඔයාල බ්‍රෑන්ඩ් වලට ආස නැත්නම් තව ෆෝන් තියෙනවා බය වෙන්න එපා අපි දැන් huawei ලගේ මිඩ්රේන්ජ් ෆෝන් ගැන බලමු
********************************************

1) huawei GR5 2017

මේ දුරකථනයට ඔයාලා හැමෝගෙම ඇස් යන්න ඇති කියලා මම දන්නවා. මොකද දැනට වෙලෙද පලේ තියෙන මිඩ්‍ රේන්ජ් ෆෝන් වලින් ඩුවල් කැමරා හෙවත් කැමරා දෙකක් ආවේ මේ ෆෝන් එකට නිසා . අගල් 55 ක FHD තිරයක් සහිතව වෙලෙදපලට ආව මේ දුරකථනය ඔබට අවශය නම් 32 GB සහ ,64 GB යන මතක ධාරිතාවලින් මිලදී ගන්න පුලුවන් එමෙන්ම මේ මාදිලි දෙකෙදී රැම් මතකය පිලිවෙලින් 3GB සහ 4 GB ලෙස වෙනස් වෙනවා ඇන්ඩ්‍රොයිඩ් 6.0 මාර්ශ්මෙලෝස් මෙහෙයුම් පද්ධතිය යටතේ කිරීන්655 චිප්සෙට් එකක් සහ ඔක්ටා කෝර් ප්‍රොසේසර් එකකින් මෙය මෙය බලගැන්වෙනවා.ප්‍රධාන කැමරාව මෙගාපික්සල් 12 ක් සහ 2ක් යන කැමරා ද්විත්වයකින් සමන්විත වන අතර පසු පස කැමරාව මෙගාපික්සල් 8කින් සමන්විත වෙනවා.ආරක්ශාව සදහා ෆින්ගර් ප්‍රින්ට් සෙන්සරයකින් සමන්විත වේ . ලංකාවේ නම් රුපියල් 25.000 ත් 28.500ත් අතර මිලකට මෙය මිලදී ගන්න පුලුවන්.

2) Huawei GR3 2017

ඉහත GR5 මාදිලියට පසුව පැමිණි මම GR3 මාදිලිය අගල් 5.2ක FHD තිරයකින් සමන්වියි . කිරීන් 655 චිප්සෙට් එකක් සහ ඔක්ටාකෝර් ප්‍රොසෙසර් එකකින් මෙම දුරකථනය බලගැනෙවෙනවා. ඇන්ඩ්‍රොයිඩ් 7.0 නගට් මෙහෙයුම් පද්දතිය මෙය තුල ඇතුලත් කර ඇති අතර අභ්‍යන්තර මතකය 16 GB ලෙසත් රැම් මතකය 3GB ලෙසත් ඇතුලත් කර ඇත.ඉදිරි කැමරාව මෙගාපික්සල් 12 වන අතර පසුපස කැමරාව මෙගාපික්සල් 8ක් වේ. මෙය තුලද ඔවුන්ගේ 4.0 ෆින්ගර් ප්‍රින්ට් සෙන්සර් පද්ධතියක් ඇතුලත් කර ඇත් ලංකාවේ වෙළෙද පල තුල රුපියල් 25,990 සිට 28,500 දක්වා මුදලකට මෙය මිලදී ගත හැක.
⭕️ මිඩ් රේන්ජ් ෆෝන් වල වාසි අවාසි ගැන අපි මීට කලින් ඔයාව දැනුවත් කලා . ඒ පෝස්ට් එක බලන්න පහත ලින්ක් එක ක්ලික් කරන්න
⤵️⤵️⤵️⤵️⤵️⤵️⤵️⤵️⤵️⤵️⤵️⤵️⤵️⤵️⤵️⤵️
https://m.facebook.com/story.php?story_fbid=132216977390386&id=117628428849241

ඉතින් යාලුවනේ මම හිතනවා ඔයාලට සාමාන්‍යයෙන් හොද මිඩ්‍ රේන්ජ් ෆෝන් එකක් පිලිබදව දළ අදහසක් එන්න ඇති කියල මම මේ ෆෝන් ටික පෝස්ට් එක තුලට ඇතුලත් කරේ කොලඹ නගරයේ දුරකථන වෙළෙදසැල් 10ක පමණ දත්ත එකතු කර ඔවුන්ගේ වැඩිම විකුණුමක් සහිත දුරකථන මාදිලි එකතු කර. ඉතින් ඔයාගේ අදහස් අපිට කමෙන්ට් කරන්න. යාලුවන්ටත් දැන ගන්න පෝස්ට් එක ශෙයා කරන්න.
#කැප්ටන්_ඌසෝස්

 

  • Facebook Geek උපුටා ගැනීම Droid SL පිටුවෙන්

අදහස් දක්වන්න

අදහස්

  • පට්ට ලිපියක්
  • සතුටු දායකයි
  • අපරාදේ
  • වැඩක් නෑ
‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,