සුභ දවසක් හැමෝටම,

WordPress ආසා කරන කොයි කාටත් WordPress ගැන ඉගෙන ගන්න හොදම තැන තමා slgeek.lk කියන්නේ. ඉතින් අපි මුලක ඉදන් යන WordPress පාඩම් මාලාවක් ආරම්භ කලා. බලපු නැති කෙනෙක්ට ඒ පාඩම් මාලාව පහතින් බලන්න පුළුවන්.

  1. WordPress හැදින්වීම – පාඩම් මාලාව #1
  2. WordPress installation to Cpanel Domain #2පාඩම
  3. WordPress website එකක් හදමු #3පාඩම
  4. CSS භාවිතයෙන් Powered By WordPress Remove කරමු

 

හරි එහෙනම් අපි තවත් WordPress පාඩමක් පටන් ගන්නයි යන්නේ, මම හිතනවා ඔයාලා දැනටමත් WordPress site එකක් හදාගෙන ඇති themes,plugins භාවිතා කරනවා ඇති,අපි එහෙනම් අද WordPress site එකක speed එක ගැන කථා කරමු,

 

WordPress  Site එකක් Speed විය යුත්තේ ඇයි?

අපි මෙහෙම හිතමු, මම ගූගල් කරනවා Asus ගැන. එතකොට අති විශාල ප්‍ර්මාණයක් search results විදිහට අපිට පෙන්නුම් කරනවා. එතකොට එම search results වලින් ඉහලින්ම තියෙන්නේ ඔයාගේ tech එකේ තියෙන asus ගැන ලිපි. මම ඉතින් ඔයාගෙ වෙබ් එකට යනවා. එහෙම ගියාම මට එපා වෙනවා ඔයාගේ සයිට් එක ලෝඩ් වෙන දිහා බලන් ඉදලා. ගොඩක් වෙලා ලෝඩ් වෙනවා. මට එපාවෙන නිසා මම ඔයාගේ සයිට් එක close කරලා දාලා වෙන site එකකට යනවා, ආයෙ දවසක් මම මොනවහරි සර්ච් කරද්දි ඔයාගේ සයිට් එකේ ලින්ක්ස් එනවා, මට මතකයි ඔයාගේ සයිට් එක ලෝඩ් වෙන්නේ හෙමින් කියලා. ඉතින් මම යන්නේ නෑ ඔයාගේ site එකට. site වෙන එකකට යනවා.මම දෙවෙනියට ගියපු සයිට් එක ගොඩක් ඉක්මනට ලෝඩ් වෙනවා. මට ප්‍රියතාවයක් ඇතිවෙනවා ඒ සයිට් එක භාවිතා කරන්න. ඒ නිසා මම bookmark එකකුත් දාගන්නවා.

දැන් ඔයාලට පැහැදිලි වෙනවා ඇති ඇයි අපේ website speed එක අපිට මේ තරම් වැදගත් කියලා. ඔයා කොච්චර මහන්සියෙන් site එක seo කලත් වැඩක් නෑ සයිට් එකේ loading speed එක slow නම්. ගොඩක් traffic අඩුවෙනවා. ඒ නිසා සයිට් එකේ speed එක වැඩිකරගන්න,

 

කොහොමද site එකේ Speed එක Check කරගන්නේ?

අපිට ඔයාගේ සයිට් එකේ speed එක කරගන්න පුළුවන් මේ pingdom කියන tool එකෙන්. එක එක Servers වලින් චෙක් කරගන්න පුළුවන් ඔයාට.

මේ විදිහට Test කලාම ඔයාගේ Site එකේ Results එක පෙන්නාවි

 

බලන්න site එක load වෙන්න තත්පර 1.80ක් ගිහින් තියෙනවා. ඒ වගේම page එකේ size එක 315KB ලෙස දක්වලා තියෙනවා. pingdom එකේ Performance Grade A එකක් ගන්නනම් සයිට් එක තත්පර දෙකට වඩා අඩුවෙන් ලෝඩ් වෙන්න ඕනේ. මම තවත් result එකක් දාන්නම්.

 

මේ තියෙන්නේ හිරු ගොසිප් සයිට් එක, බලන්න Load Time එක 6.41S ලෙසද, page size එක 14.6 MB ලෙසද සදහන් වෙලා තියෙනවා. ඔයා හිරු ගොසිප් එකේ හෝම් පේජ් එක සම්පූරණයෙන්ම ලෝඩ් කලොත් ඔයාගේ 14.6MB අය වෙනවා.

Load time එක 5S ට පහලින් අවුලක් නෑ. ඒත් මහන්සි ගන්න 2sට අඩුවෙන් තියාගන්න, ඇත්තටම මේ Page Size එක කියන්නේ ඔයාගේ සයිට් එකේ තියෙන Content (image,text,scripts,video) එකේ Size එකයි.

ඒ වගේම තමා තවත් හොදම Site Analysis tools දෙකක් විදිහට Google pagespeed insights හා gtmetrix සලකන්න පුළුවන්.

 

ඇයි Site එක Slow වෙන්නේ? හදාගන්නේ කොහොමද?

Web Hosting – ඔයාගේ සයිට් එක කොච්චර හොදට Optimize කලත් ඔයාගේ Host එක හරියට Configure වෙලා නැත්නම් සයිට් එක ටිකක්  slow වෙනවා.ඒ නිසා Host එක හරියට Configure කරන්න ඕනේ.

Page Size –  මෙන්න මෙතනදි ගොඩක් අවධානය දෙන්න ඕන කරුණක් තමයි ගොඩක් දෙනා කිරිම සෙවිල්ලක් බැලිල්ලක් නැතිව Site Content එකට images දාන එක. එක image එකක් 100kb න් ඉහල වගේ තියෙනවා. එතකොට Content Size එක වැඩිවෙනවා කියලා මතක තියාගන්න. ඔයාට දාන්න ඕන Images 100kb වඩා වැඩිනම් ඒවා Optimize කරන්න ඕනේ, මේ වැඩේ වලින් ලේසියෙන්ම Photoshop කරන්න පුළුවන්. අපි ඒ ගැන වෙනම ලිපියකින් කථා කරමු. පුළුවන් තරම් size එකින් අඩු images භාවිතා කරන්න.

Bad Plugins – තවත් කරුණක් තමයි මේ plugin භාවිතා කරනකොට අවශ්‍යයම ඒවා විතරක් භාවිතා කරන්න. භාවිතා නොකරන plugin සියල්ල delete කරලා දාන්න. දුර්වල code වලින් සකසපු plugins සයිට් එක slow වෙන්න තවත් එක හේතුවක්.

External scripts – ඔයා බාහිරින් එක එක html,js වැනි scripts යොදනවානම් ඒවාත් පේජ් ලෝඩින්ග් ස්පීඩ් එකට ගොඩක් බලපානවා. ඒවගේ දේවල් වලිනුත් ගොඩක් වැලකිලා ඉන්න පුළුවන්නම් හොදයි.

  • Leverage Browser Caching
  • WordPress Caching Plugin එකක් භාවිතා කරන්න,
  • Images Optimize කරගන්න,
  • Plugin හා WordPress Update ඇවිත් නම් ඒවා සියල්ල Update කරගන්න,
  • Content Delivery Network (CDN) එකක් භාවිතා කරන්න,
  • Video වගේ දේවල් Directly site එකට add කරන්න එපා. Youtube වගේ Upload කරලා සයිට් එකට embered කරන්න, හොදින් Optimize කරපු themes භාවිතා කරන්න,
  • External HTTP Requests අඩු කරගන්න,
  • WordPress  Database එක Optimize කරගන්න,
  • HTML, CSS & Javascript වගේ දේවල් Minify කරගන්න,
  • GZIP Compression භාවිතා කිරිම,
  • Hotlinking protection දැමීම.

මේ වගේ දේවල් කරන්න පුලුවන්.අපි මේ කථා කලේ  Wordpress site speed කෙරෙහි බලපාන ප්‍රධාන දේවල්. අපි මේ එකින් එක කරන විදිහ ඊලග WordPress පාඩම් වලින් බලමු.

එහෙනම් සුභ දවසක්, නැවත WordPress ලිපියකින් හමුවෙමු.!

 

 

 

අදහස් දක්වන්න

අදහස්

  • පට්ට ලිපියක්
  • සතුටු දායකයි
  • අපරාදේ
  • වැඩක් නෑ
‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,