අලුත් වුන iOS 16.2

මේ වන විට Apple ආයතන iPhone 8 සහ ඉහල මාදිලි සඳහා iOS 16.2 update එක නිකුත් කර අවසන්. iOS 16 ගැන සමාජයේ වැඩි කතාබහකට ලක්වන්නට එක් හේතුවක් නම්, ඉන්දියාවේ iPhone භාවිත කරන්නන් හට iOS 16.2 සමග 5G rollout කිරීමට apple ආයතනය කටයුතු කිරීමයි.

කෙසේ නමුත්, මෙවර update එක තුල සැලකිය යුතු අලුත් අංග කිහිපයක්ම ඇතුලත් වීම විශේෂත්වයකි.

End-to-end encryption for iCloud data

මෙය lockdown mode එකට වඩා වෙනස් කමක් සහිත වුවක් වන අතර මෙය end to end encryption එකක් ලෙස හන්දිවිය හැක. සරලවම whatsapp හි භාවිත වන තාක්ෂණයද මෙයයි. ඔබ තවත් කෙනෙක්ට යවන පණිවුඩයක් ඔබගේ දුරකතනයෙන් නික්මෙන්නේ කිසිවකුට කියවිය නොහැකි කේතයක් ලෙසයි. නැවත එය යතාතත්වයට පත් වනුයේ එය ලබනගේ දුරකතනයේදී පමණි. මෙය encrypt සහ decrypt ලෙස හඳුන්වයි. මෙලෙසම මින් ඉදිරියට මේ සමග Device backups, reminders, messages backup, safari bookmarks, icloud drive, siri shortcuts, notes, voice memos, photos සහ wallet passwords , ඔබ විසින් ආරක්‍ෂිත යයි නම් කරන උපන්ගයකදී හැර අනෙක් සියලුම අවස්තාවලදී encrypt වී පවතී .

එනම් යම් ලෙසකින් මෙය cloud ලෙස පවතිමේදී cloud එකකදී data breach එකක් සිදුවුවද, මෙම දත්ත වෙන කෙනෙක් ලබාගත්තද, ඒවා කියවිය නොහැකි ලෙස encrypt වී පවතී.

Apple Music karaoke mode

iPhone 11 සහ ඉහල devices සඳහා iPad, Apple TV සඳහාද මෙම feature එක ලැබෙන අතර නමින් කියවෙන පරිදිම මේ හරහා සින්දුවක කටහඬ (Vocals) ඉවත් කර music පමණක් play කිරීමට අවස්තාව සැලසේ. එසේම lyrics ද screen එක මත real time sync වෙන බැවින් ඔබට එය කියවමින් වුවද සින්දු කීමට අවස්තාව සැලසේ. Machine learning තාක්ෂනය භාවිත කර මෙලෙස සින්දුවක කටහඬ ඉවත් කරන අතර මෙම feature එක නිකුත් කිරීමේදී දැනට වැඩිපුරම ජපප්රිය ගීත වලින් 80% පමණ මෙම පහසුකම ලබාදී ඇති බව සඳහන්ය.

Freeform app

මුල්වරට පසුගිය දිනයක WWDC හි කතාබහට ලක්වුණ මෙම අංගය digital whiteboard එකකි. unlimited whiteboard එකක් ලෙස නම් කල හැකි මෙහි කිසිදු අන්තයක් නොමැත. තවත් පිරිස් සමග එකතු වී මෙලෙස තනි whiteboard එකක් මතට අවශ්‍ය ඕනෑම දෙයක් ඇතුල් කිරීමට අවස්තාව ඇත. collaborative tool එකක් ලෙස මෙය ඉදිරිපත් වෙන අතර කෙසේ නමුත් එකම limitation එක ලෙස ඇත්තේ සියලු දෙනාම apple ecosystem එකෙහි device එකක් භාවිත කිරීම මේ සඳහා අනිවාර්ය වීමයි.

Live Activities

Lockscreen සහ home screen widgets live update කිරීමේ හැකියාව එනම් real time info සමග update කිරීමේ හැකියාව ලබාදී ඇත. උදා – Sports score updates (Apple TV හරහා)

මෙවැනි වෙනස් කම් රාශියක් සමග අලුත්ම iOS 16.2 සංස්කරණය දැන් ඔබටත් ඔබගේ iPhone එකට ලබාගැනීමට අවස්තාව ඇත.