Dulan Dalugama
Latest posts by Dulan Dalugama (see all)
- SLT Selfcare App – Sri Lanka Telecom - January 30, 2019
- Bootstrap Text/Typography – Responsive Web Design #Lesson 3 - January 25, 2019
- Facebook තුළ ඔබ නොදන්නා විශේෂාංග 10ක් – 10 Hidden Facebook Tricks - January 23, 2019
ඔන්න පහුගිය දවසක ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් අලුතෙන්ම පාරිභෝගිකයන්ට දුන්න ඇප් එක තමා SLT Selfcare App එක. මේ තුලින් internetvas.slt.lk හරහා ලබා ගත හැකි වූ අපේ Usage එක ආදිය විස්තරාත්මකව බලාගන්න හැකියාව තිබෙනවා. මේ ඇප් එක නිසා අපිට තෙවන පාර්ශවයන් විසින් නිකුත් කරපු usage meter ඇප් පාවිච්චි කරන්න අවශ්‍ය නෑ.
මෙම ඇප් එක ප්‍රධානකොටගෙන තිබෙන්නේ Internet Usage එක පෙන්වන්න තමා. තාම දුරකතනයේ එම විස්තර ඇතුලත් කරලා නැ.
දැන් මේ ඇප් එකෙ තියෙන features තමා
- Internet Usage සවිස්තරාත්මක ඉදිරිපත්කිරීම.
- අමතර ඩේටා මිලදී ගැනීම.
- ඩේටා මිලදී ගැනීම් වලට අදාල පැරණි විස්තර
- Broadband Settings Configurations
- Multiple User Accounts
මේකේ තියෙන තවත් විශේෂත්වයක් වෙන්නේ ඔබට එක් Broadband ගිණුමකට වඩා ඇතුලත් කර ගිණුම් අතර හුවමාරු වෙමින් විස්තර ලබාගැනීමට ඇති හැකියාවයි.
අප දැක්ක දුර්වලතාවයක් තමා මෙම ඇප් එක ඕපන් කරන සෑම විටම ලොග් වීමේ අවශ්‍යතාවය. SLT ආයතනය නම් කීවේ ඒ ගැන මේ වෙද්දි කටයුතු කරමින් සිටින බවයි.
ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන අයට නම් දැනට chache එක හරහා සේව්ඩ් පාස්වර්ඩ් ලබා දීමෙන් එක් වරක් ලොග් වීමෙන් මෙම ගැටළුව මගහරවා ගන්න පුළුවන් දෙවැනිවර ලොග් වීමේදී සේව් කරන ලද පාස්වර්ඩ් එක තෝරා ලබාදීමට හැකිය.
ඇන්ඩ්‍රොයිඩ් හා ඇපල් සදහා මෙම app එක නිකුත් කර ඇති අතර ඉදිරියේදී තවත් අප්ඩේට් කිහිපයක් මීට එක්වීමට නියමිතයි.
ලොග් වීම Usage Meter Detailed Usage Meter Usage Analyzer (Paid) Extra Data Purchase History Buy Extra Data Account Configurations