සුභ දවසක්,

අද ගොඩක් වටින ඇප් එකක් ගැනයි කථා කරන්න හිතුවේ. ඒ තමා Shazam . Shazam ගැන දන්නේ නැති පිරිසක් ඉන්නවා. ඒ අයටයි මේ.

ගුවන් විදුලියේ හෝ රූපවාහිනියේ ඔබ කැමති වාදනයක් හෝ ගීතයක් යනකොට ඔබ එම ගීතයේ නම සොයනවා නේද ඩවුන්ලෝඩ් කරගන්න, ඒත් හිංදි හා ඉංග්‍රීසි ගීත ඇසුණු පමණින් එහි නම සොයා ගැනීමට අපට නොහැකියි, අන්න ඒ වෙලාවට අපිට මේ Shazam ඇප් එක යොදාගන්න පුළුවන්.

හිතන්න ඔබ රූපවාහිනිය නරඹමින් සිටින අතරතුර ලස්සන හිංදි ගීයක් වාදනය වනවා. ඔබ Shazam App එක Open කර රූපවාහිණිය අසලට ලං කල විගසම, ඇප් එක මගින් එම ගීතයේ පද පෙල හා වාදනය අදුනගෙන ඔබට හරිම ගීතය සොයාදෙනවා. එම ගීතය ඔබට ඩව්න්ලෝඩ් කරගැනීමටද හැකියාව සලසනවා. අපි හැමෝම ස්මාර්ට් ෆෝන් භාවිතා කරන නිසා Shazam app එක install කරගෙන සිටීම ඔබට මහත් පහසුවක් ගෙනදේවි.

Shazam App එක ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතිය හා ios මෙහෙයුම් පද්දතිය සමග භාවිතා කල හැකිය. පහලින් ඔබේ දුරකථනයට ගැලපෙන Shazam app එක බාගත කරගන්න.

Shazam for Android

Shazam for ios

අපි බලමු මේක භාවිතා කරන හැටි.

Shazam App එක Open කරගත් විට Shazam Logo එක Press කරගෙන සිටීමෙන් Shazam සංගීතයට සවන්දෙයි.

ගීතය අදුනාගත් විගස ඔබට එය මෙසේ පෙන්නුම් කරයි.

shazam වගේම Alternatives ඇප්ස් තියෙනවා. අපි ඒවා තවත් ලිපියකින් කථා කරමු. ඔයාලගේ අදහස් කමේන්ට් කරලා යන්න අමතක කරන්න එපා.

සුභ දවසක්!

අදහස් දක්වන්න

අදහස්

  • පට්ට ලිපියක්
  • සතුටු දායකයි
  • අපරාදේ
  • වැඩක් නෑ
‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,