තාක්ශනය කියන්නෙ තත්පරයෙන් තත්පරයට අලුත්වෙන දෙයක්.මේ දියුණුවෙන තාක්ශනයත් එක්ක බැදුනු ලෝකයක ඉන්න මිනිසා ගොඩක් කාලෙක ඉදන් හිතපු දෙයක් තමා අපි වගේ මිනිස්සුන්ව කෘතිමව නිර්මාණය කරන්න බැරිද කියන ප්රශ්නය.
මිනිස්සු කියන්නෙ කොහොමත් අබියෝගවලදි පැනලයන සත්තු ජාතියක් නෙමේනෙ.ඒක ලෝක ඉතිහාසය පුරා මිනිස්සු ඔප්පු කරල ඉවරයි.අනාගතයෙදිත් ප්රශ්නයක් ආවම පැනල යන්නැතුව ඒවට සාර්තකව මුහුන දෙන මිනිස්සු බිහිවේවි.ඔයත් ප්රශ්නයක් ආවම පැනල යන්නැතුව ඒවට මුහුණ දෙන්න පුලුවන් විදිහෙ ආත්ම ශක්තියක් හදාගන්න.ඒක කවදාවත් පාඩුවක් වෙන්නෙ නෑ.හරි එහෙනම් අපි අපේ කතාවට යමුකෝ..මිනිසෙක් කෘතිමව නිර්මානය කිරීම කියන ප්රශ්නයට සාර්තකව මුහුණ දෙන සමාගමක් තමයි Boston Dynamics සමාගම කියන්නෙ. මේක රොබෝ නිශ්පාදන සමාගමක්…මේ සමාගම මුලින්ම අයිතිඋනේ ඇමරිකාවට.පස්සෙ ඒක google සමාගම මිලදී ගත්තා.කොහොම උනත් දැන් මේක අයිති වෙලා තියෙන්නේ Soft Bank කියන ජපන් කම්පැනියකට..

දැන් තමයි අපි මේ කතාවෙ කතානායකය හම්බවෙන්න යන්නෙ.ඒතමයි Atlas.ඇට්ලස් කිව්වාම හැමෝටම මතක්වෙන පෑනක්,පැන්සලක්,මකනයක්,කටරෙකක් වගේ දෙයක්.ඒත් මේ කියන ඇට්ලස් නම් එහෙම දෙයක් නෙමෙයි.මෙයා මිනිසෙක් වගේ රොබෝ කෙනෙක්.අපි ඇට්ලස් මොනවගේ රොබෝකෙනෙක්ද කියල බලමුකෝ.
ඇට්ලස්ට තියනවා ජොයින්ට් 28ක්.ඒක හින්ද අනික් රොබෝලට කරන්න හිතන්නවත් බැරි වැඩ මෙයාට ගොඩක් පහසුවෙන් කරන්න පුලුවන්
ඒ වගේම ටිකක් අමුතු හැඩයක් තමා ඇට්ලස්ට තියෙන්නෙ.(හරියට ගෙම්බෙකුගෙ වගේ).මේ හැඩය නිසා කැරකෙන්න,පෙරලෙන්න,රෝල්වෙන්න වගේ එක එක වැඩ කරන්න මෙයාට හැකිවෙලා තියනවා.
මේ වගේ ලොකු රොබෝ කෙනෙක් හදද්දි බරගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනෙ.මෙයා ලොකු උනාට බරනම් හරි අඩුයි.ඇට්ලස් කිලෝ 80ක් විතර තමයි වෙන්නෙ.මෙච්චර ලොකු රොබෝකෙනෙක් කිලෝ 80යි වෙන්නෙ කිව්වාම පුදුම හිතෙනව නේද.පුදුම වෙන්න ඕනෙ නෑ මෙයාගෙ සම්පූර්ණ ශරීරයම නිර්මාණය කරල තියෙන්නෙ 3D Printing තාක්ශනයෙන්.ඒක හින්ද තමයි මෙයාගෙ බර ගොඩක් අඩුවෙලා තියෙන්නෙ.(ඔන්න දැන් අම්මල හිතන්න එපා ලමයගෙ බර අඩුවෙන්න හේතුවත් 3D Printing තාක්ශනය කියල)
මෙයාට පැයට කිලෝමීටර 20ක වෙගේ වේගෙකින් දුවන්නත් පුලුවන්.
මේ රොබෝ සම්පූර්ණයෙන්ම ඇල්ගොරිදම් වලින්තමයි වැඩ කරන්නෙ.(මේ හේතුව නිසා අනෙක් රොබෝවන්ට වඩා වේගයෙන් කටයුතු කිරීමේ හැකියාවත් මෙයාට තියනවා).
ඇට්ලස්ගෙ උස මීටර 1.5 විතර වෙනවා.
මේටික තමා අද මම ඔයාලට කියන්න හිතාගෙන ආවෙ.ඒවගේම අපි මතක තියාගන්න ඕනෙ මේවගේ රොබෝලට මුලු මිනිස් ශිස්ටාචාරයම දියුනු කරන්න වගේම අපේ ලෝකයම එක මොහොතකින් විනාශ කරන්න පුලුවන් මේ ඒකට උදාහරණ කීපයක්

Leave a Reply