VIVO ආයතනය ශ්‍රී ලංකාවේදී , අලුත්ම VIVO Y53s දුරකථනය නිකුත් කරන ලදී. VIVO Y53s දුරකථනය රු.62,990 ආසන්න මුදලකට මිලදී ගත හැකි mid range device එකක් ලෙස නම් කල හැක.

8GB Ram එකකින් සමන්විත වන VIVO Y53s දුරකතනයට තවත් 4GB virtual memory එකක් එකතු කිරීමට හැකියාව ඇත. මේ නිසා සම්පුර්ණ වශයෙන් 12GB ram ධාරිතාවක් ලැබෙන අතර ඒ සමග පරිශීලකයින් හට playstore තුල තිබෙන ඕනෑම ක්‍රීඩාවක් හෝ app එකක් ඉතාමත් පහසුවෙන් භාවිත කිරීමට හැකියාව ඇත.
128GB internal storage එකක් හෙවත් ROM එකක් ලැබෙන අතර තව දුරටත් SD Card එකක් භාවිත කර 1TB ධක්වා storage එක extend කිරීමට හැකියාව පැවැති.
SD Card එකට අමතරව Sim cards දෙකක් ඇතුල් කල හැකි VIVO Y53s දුරකථනය USB Type C port එකකින් සමන්විත වීම විශේෂත්වයකි. එසේම 33W flash charge තාක්ෂනය සමග මිනිත්තු 41 තුල 70% charge කිරීමට හැකියාව පවතී. එසේම මෙලෙස වේගයෙන් charge කලත් VIVO Y53s තුල 5000mAh සුවිශාල බැටරියක් පවතී. එය දින 1-2 කට ප්‍රමාණවත් වනු ඇත.

පසුපස ප්‍රධාන කැමරා 3 කි. 64MP කැමරාවක් ලැබෙන අතර තව දුරටත් depth සහ macro camera 2 ක් පවතී. එසේම මේ නිසා macro mode එක භාවිත කර ඉතාමත් සමීප පින්තුර ලබාගැනීමටත් bokeh mode එකෙන් background එක blur කිරීමටත් හැකියාව ඇත.
ඉදිරිපස 16MP කැමරාවක් ඇති අතර එහි beauty mode, portrait mode ඇතුළු modes ගණනාවක් පවතී.
Android 11 සමගින් පැමිණෙන VIVO Y53s දුරකථනය සියලුම google සේවා සමගින් පැමිණේ.
වැඩි දුර විස්තර දැනගන්න, SL Geek Review එක බලන්න.
Leave a Reply