Tecno ආයතනය ශ්‍රී ලංකාවේදී එයාලගේ අලුත්ම Camon 17 device එක නිකුත් කළා. මේ වන විට රු.43,990 ආසන්න මුදලකට මිලදී ගන්න හැකියාව තියනවා .

6GB Ram එකක් සහ 128GB Storage එකකින් සමන්විත camon 17 Phone එක helio 85 chipset එකකින් සමන්විත වෙන powerhouse එකක් ලෙස හඳුන්වන්න පුළුවන්.
පසුපස camon logo එක හොඳ පෙනුමක් එකතු කර ඇති අතර අනික් phones වලින් වෙන් කරගැනීමට එය හේතුවකි. එසේම triple camera setup එකක් සමග 48MP selfy camera එකක් ලැබෙන නිසා ගොඩක් detailed photos capture කරගන්න වගේම slow mo, short video, super night mode ඇතුළු ගොඩක් modes බලාගන්නත් පුළුවන්. selfy කැමරාව විදියට 16MP කැමරාවක් ලැබෙන අතර කැමරා දෙකේම beauty mode එකක් ලැබෙන අතර AI හරහා automatically හෝ manually beauty එක customize කරගන්න පුළුවන්. විශේෂයෙන්ම කැමරාවෙන් අපේ ඇස ඇතුළු මුහුණේ ඇති ගොඩක් තැන් detect කරගන්නා ආකාරය visually පෙන්නුම් කිරීමත් විශේෂත්වයක්.

සියලුම google සේවා ලැබෙනවා වගේම Hi OS එක්ක ගොඩක් tools සහ apps pre-installed විදියට ලැබී තියෙනවා. Hi OS කියන්නේ Tecno ලගේ android customize කරලා හදපු version එක . මේක සම්පුර්ණයෙන්ම android base වුන OS එකක්. හරියට කේක් එකේ අයිසින් තට්ටුව වගේ. Hi OS නිසා ගොඩක් දේවල් මේ phone එකට ලැබිලා තියනවා.
Display එක අඟල් 6.6 ක්. ඒ කියන්නේ සැලකිය යුතු ලොකු display එකක් . මේක HD display එකක් (720p). මෙතන පොඩි අවාසියක් තිබ්බත් 90Hz display එකක් වීම ඊට වඩා සැලකිය යුතු වාසියක්. refresh rate එක ඇත්තටම display එකකට සැහෙන්න වටිනවා. තවත් 450nits වගේ brightness range එකක් තියන නිසා එළියේදී පවා පහසුවෙන් display එකේ තියන දේවල් කියවගන්න බලන්න හැකියාව තියනවා.

Battery එක ගැන අනිවාර්යෙන් සතුටු වෙන්න පුළුවන්. 5000mAh battery එකක් ලැබෙනවා. ඒ වගේම 18W fast charging ලැබෙන නිසා ගොඩක් වේගයෙන් phone එක charge කරගන්නත් පුළුවන්.
Phone එකත් එක්ක Back cover, headset, screen Protector , fast charger සියල්ල ලැබෙන එකත් වාසියක්.
Leave a Reply