realme 8 – ශ්‍රී ලංකාවට

Realme ආයතනය ශ්‍රී ලංකාවේ smart phones කිහිපයක්ම මේ වන විටත් නිල වශයෙන් නිකුත් කර අවසන්. SL Geek App එක සහ blog එක හරහා review කරන පලවෙනි realme phone එක විදියට realme 8 එක අරගෙන ආවත් මේ වන විටත් SL Geek නාලිකාව හරහා වීඩියෝ කිහිපයක්ම realme devices ගැන සකස් කර ඇත. කෙසේ වෙතත් mid-range price range එකේ smart phone එකක් විදියට realme 8 මිට පැය කිහිපයකට පෙර නිකුත් වූ අතර මේ වන විටත් ශ්‍රී ලංකාවේදී මිලදී ගැනීමට අවස්තාව ඇත.

realme 8 දුරකථනය විශේෂ වන්නේ එහි ඇති performence නිසා කිව්වොත් වැරදි නැහැ. මොකද 8GB Ram එකක් එක්ක 128GB internal storage එකක් එනවා. ගොඩක් games, apps වගේම photos videos store කරගන්න අවස්තාව තියනවා වගේම gamers ල ටත් 8GB ram එක සෑහෙන්න වටීවි. එත් එක්කම MediaTek Helio G95 gaming processor එක ගැනත් අනිවාර්යෙන්ම මතක් කරන්න අවශ්‍යයි.

විශේෂයෙන්ම 6.4 inch super amoled display එකත් එක්ක vivid colors experience කරන්න පුළුවන් වගේම full HD video resolution එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. Touch sampling rate එක 180Hz විතර වෙන නිසා games සෙල්ලම් කරද්දී වගේම එදිනෙදා භාවිතයේදී අනිවාර්යෙන්ම ඒක දැනෙන දෙයක් වෙනවාමයි.

90.8% විතර screen to body ratio එකක් එක්ක 1000 නිට්ස් brightness අගයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. brightness range එක ගැන කියන්න වරදක් ඇත්තෙම නැහැ . එත් එක්කම මේ amoled display එක නිසා realme ආයතනයට in-screen fingerprint එකක් එකතු කරන්නත් පුළුවන් වෙලා තියනවා. මේක සාපේක්ෂව ගොඩක් වේගවත්.

ප්‍රධාන කැමරා 4ක quad camera setup එකක් පසුපස බලාගන්න පුළුවන් වගේම ප්‍රධාන කැමරාව මෙගා පික්සල් 64කි. තවදුරටත් 8MP Ultra wide angle lens එකක් එක්කම macro සහ Monochrome sensor එකක් බලාගන්න පුළුවන්.

16MP selfy camera එකත් එක්ක portraits පැත්ත ගැන කතා කරොත් ගොඩක් improvements බලාගන්න පුළුවන්. එත් එක්කම UIS mode එකත් එක්ක ක්‍රිස්පී වීඩියෝ stabalization එකක් අත් විදින්න පුළුවන්.

Android 11 එක්ක ඊට උඩින් යන realme UI 2.0 බලාගන පුළුවන් වගේම සියලුම google apps සහ සේවාද සාමාන්‍ය පරිදි ලැබෙනවා.

5000mAh battery එකක් ලැබෙන අතර realme ආයතනය සඳහන් කරන විදියට දින 40ක් පමණ standby තිබීමට එයට හැකියාව තියනවා. ඒ වගේම reverse charging ද support කිරීම තවත් වාසියක්. මේ හැමදේටම අමතරව phone එකත් එක්ක ලැබෙන 30W dart charger එක විශේෂයි. සාමාන්යෙන් 100% ම battery එක charge කරන්න යන්නේ පැයක වගේ කාලයක්. සාමන්යෙන් රු.64,999 වගේ මුදලකට ශ්‍රී ලංකාවෙදී මිලදී ගන්න පුළුවන්.