මීළඟ iPhone එක ? මේ වෙද්දීත් එක එක ආරංචි විස්තර ඇහෙන්න ලැබෙනවා. ඉතින් මේවගෙන් විශ්වාස කරන්න පුළුවන් සහ දැනගන්න ලැබෙන හරි විස්තර එක්ක මේ ලිපිය ලියන්න හිතුවා.

2021 එකේ release වෙන iPhone එක ලොකු හයිප් එකක් තියන device එකක් වෙනවා. මොකද මේ අවුරුද්දේදී note එකක් release වෙන්නේ නැති නිසා. සාමාන්යෙන් හැම වසරේ අගෝස්තු සැප්තැම්බර් ආසන්නයෙන් Samsung keynote සහ apple keynote programmes සිදු වුනත් මේ අවුරුද්දේ samsung event එක පැවැත්වෙන්නේ නැහැ. ඒ අනුව ලොකු අවස්තාවක් iPhone එකට ලැබෙනවා. මොකද තරඟකාරී note එක මේ පාර නැති නිසා.
මෙවර අපිට 120Hz refresh rate එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වේවි. ඒ වගේම size , colors වල ලොකු වෙනසක් නැති වේවි. Storage එක 1TB දක්වා ලැබේවි. A15 chipset එක ලැබෙන අතර මෙය 4nm chipset එකක් වෙන්න පුළුවන්. මේක සැහෙන්න හොඳ දෙයක්.

එත් මේකේ නම මොකක්ද ? මට දැනෙන විදියට මේක minor upgrade එකක්. එහෙම වුනොත් iPhone 12s කියල නම් කරයි කියල හිතනවා. මොකද 13 කියන ඉලක්කම භාවිත කරයි කියල හිතන්න බැහැ .
සමහර විට touch ID එක නැවත ඒවි. එහෙම අවොත් physical finger print එකක් විදියට එන්නේ නැතුව in display fingerprint එකක් විදියට ලැබෙන්න පුළුවන්. magsafe එක imporove වේවි. charging speed එක වැඩි වේවි.
අලුතෙන් එන iPhone එක ගැන සම්පුර්ණයෙන් දැනගන්න SL Geek Video එක බලන්න .
Leave a Reply