Asus Zenbook 14 කරලියට

Asus ආයතනය විසින් සිය flagship laptop series එකක් වන zenbook series එක ශ්‍රී ලංකාවේදී නිකුත් කරන ලදී. UX435 නොහොත් ZenBook 14 පරිගණකය මෙලෙස නිකුත් වු එකකි.

Screen Pad එකකින් සමන්විත වන නිසා secondary display එකක අවශ්‍යතාවය ඇති බහුතරයකට මෙය කදිම විසඳුමක් වනු ඇත . 92% තරම් වූ screen to body ratio එකක් ඇති නිසා මෙය nano edge display එකක් ලෙස නම් කල හැක. 100% sRGB තිරයක් සමග ඉතාමත් වර්ණවත් වගේම color accuracy වැඩි display එකක් ලැබෙනවා. අංශක 178ක wide view එකක් ඇති අතර එය touch පහසුකම ඇති තීරයක්ද වනවා. secondary display ලෙස හඳුන්වන screenpad එක සමග ඉතාමත් පහසුවෙන් apps switch කරගැනීමටත් වෙනත් app එහි භාවිත කිරීමටත් හැකියාව තියනවා. එසේම උදාහරණයක් ලෙස adobe premiere හරහා වීඩියෝ එකක් edit කිරීමේදී preview එක screenpad හි භාවිත කිරීමට අවස්තාව ඇත.

Core i7 11th gen processor එකක් ලබාගැනීමට තිබීම විශේෂත්වයකි. එසේම MX 450 GPU එකකින් සමන්විත වේ. තව දුරටත් 1TB දක්වා SSD සහ 16GB Ram ධාරිතාවයකින් පැමිණී. ඒ වගේම අවශ්‍ය ports සියල්ලම පාහේ ලැබී තිබීම විශේෂත්වයකි. මේවා අතර USB C Thunderbolt , HDMI, Card reader , Standard Size USB Port එකක් ඇතුලත් වේ.

IR Camera එකකින් සමන්විත නිසා කලුවරේදී වුනත් windows hello feature එක , ඒ කියන්නේ face recognation පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම laptop එක open කරාට පස්සේ keyboard එකට හොඳ angle එකක් ලැබෙනවා. මේකට හේතුව 3% වගේ ප්‍රමාණයක් ඉදිරිපස එසවෙන නිසා. ඒ එක්කම හොඳ air flow එකක් පහලින් laptop එකට ලැබෙනවා.

Audio powered වෙන්නේ Harman Kardon එක්ක. loudness එක ගැන කිව්වොත් ගොඩාක්ම නෑ . හැබැයි අවශ්‍ය ප්‍රමාණයට තියනවා. හැබැයි Sounds වල quality එක ගොඩක්ම හොඳයි. ඒ එක්කම Asus military grade certifications එක්ක පැහැදිලිවම කියන්න පුළුවන් durability එක සෑහෙන්න වැඩි. මේ වගේ ගොඩක් features සහ functions එක්ක තමයි අලුත් zenbook එක එන්නේ .

අවසානයේ මේ මොනවා තිබ්බත් වැදගත්ම දේ portability එක . Zenbook 14 එක ගොඩක් portable. 1.19KG තරම් ගොඩක් සැහැල්ලුවට නිෂ්පාදනය කරලා තියන අතර 16.9mm තරම් සිහින්. 63wh battery එකත් එක්ක ගොඩක් හොඳ battery life එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.