Asus Zenbook 14 එක සුළු වෙලාවකට පෙර ශ්‍රී ලංකාවේදී නිකුත් විය. Display දෙකකින් සමන්විත වීම වගේම high end පරිගනකයක performence බලාපොරොත්තු වෙන්න පුළුවන් වීම විශේෂත්වයක්.

වැඩි විස්තර සඳහා මේ වීඩියෝ එක බලන්න.
Display දෙකක් කියන්නේ පරිගණකයකට අත්‍යාවශ්‍ය දෙයක් කිව්වොත් නිවැරදි. මොකද උදාහරණයක් විදියට video editing, photo editing වගේම game straming වගේ දෙයක් වුනත් තනි display එකක කරන එක ටිකක් අමාරු වැඩක්.
ඉතින් මේ වැඩේ සරල කරන්න තමයි asus ආයතනය 2020 වගේ කිට්ටු වෙද්දී dual display concept එක හඳුන්වලා දුන්නේ. මේ අනුව asus zenbook series එකට zenbook duo සහ pro duo වගේ නම් එකතු වුනා. කොහොම නමුත් මේ වෙද්දීත් මම මේ zenbooks 4 ක් වගේ review කරලා තියන නිසා මේ ගැන අනිවාර්යෙන්ම ඔයා දන්නවා ඇති.
Zenbook duo මුලින් එද්දී තිබ්බට වඩා මේ වෙද්දී ගොඩක් perfect කියලා කියන්න පුළුවන්. displays place වෙලා තියන විදිය, තියෙන angles වගේ දේවල් නිසා කලින්ට සාපේක්ෂව සහෙන්නම හොඳයි. විශේෂයෙන්ම මේ laptop එකේ හොඳ heat flow එකක් බලාගන්නත් පුළුවන්.

ප්‍රධාන display එක 1080p එහෙම නැත්නම් full HD display එකක්. screen to body ratio එක 93% වගේ වෙනවා. ඒ අනුව අපිට කියන්න පුළුවන් මේ laptop එකේ bezzles ගොඩක්ම අඩුයි කියලා.
ලැබෙන්නේ windows 10 home එක්ක. ඒ වගේම 11th gen core i7 දක්වා processor එකක් බලාගන්න පුළුවන් . විශේෂයෙන්ම models කිහිපයකින් එන නිසා මේ specs වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම Nvidia MX450 Graphics card එකකිනුත්, 32GB දක්වා ram එකක් වගේම 1TB දක්වා SSD එකක් ලැබෙනවා.
originally gaming වලට asus ලගේ ROG series එක ආවත් මේ laptop එකේ performence අනුව අනිවාර්යෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව බොහෝ games ultra graphics යටතේ අපිට සෙල්ලම් කරන්න පුළුවන්. වැදගත්ම දේ තමයි, මේක සැහෙන්න portable.
සෙන්ටි මීටර 1.69 තරම් සිහින් වගේම කිලෝ ග්‍රෑම් එක හමාරකට ආසන්න බරකින් යුක්තයි. ඉතින් මේ නිසා පහසුවෙන් අපිට අපි travel කරද්දී වුනත් අරන් යන්න පුළුවන්. Battery capacity එක 70wh වෙන නිසා පැය 17 ක් වගේ අපිට එක දිගට use කරන්න පුළුවන් battery එකක් තියනවා.

Screen Pad Plus එක ගැන කතා කරමු. ඒ කියන්නේ secondary display එක. මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් apps extend කරන්න. ඒ කියන්නේ මේ displays දෙකම touch. ඒ නිසා අපිට එක app එකක් වුනත් මේ display දෙකේම දික් අතට පෙන්න දෙකටම extend කරන්න පුළුවන්. ඒ වගේම පහල display එකේ apps ඉහලට වගේම, ඉහල apps පහලට ගෙනියන්න පුළුවන්. ඉතින් මේ වගේ මම කලින් කිව්වා වගේ video editing, color grading, audio , gaming , streaming වගේ විවිධ වැඩ කරන අයට සැහෙන වැදගත්.



අපි දාන්නම adobe apps එක්ක පවා කිසිම ප්‍රශ්නයක් නැතුව භාවිත කරන්න පුළුවන්. මෙතැනදී අපිට control panel එකක් ලැබෙනවා. ඒ වගේම stylus පහසුකමත් ලැබෙනවා.




Ports ගැන කතා කරද්දී USB Thunderbolt 4 technology එක බලාගන්න පුළුවන්. 40Gbps speed එකක් මේ එක්ක experience කරන්න පුළුවන්. Micro SD, Audio Jack, USB 3.2, HDMI ports වගේම Thunderbolt 4 ports දෙකක් අපිට ලැබෙනවා. ඒ වගේම WIFI 6 connectivity එක බලාගන්න පුළුවන් නිසා wifi ගොඩක්ම stable.

IR Camera එකක් ලැබෙනවා වගේම මේකත් එක්ක windows hello (Face recognition) පාවිච්චි කරන්න පුළුවන්. Sounds, Harman Kardon certified. ඒ වගේම අනිත් Asus laptop වගේම මේ ලැප්ටොප් එකටත් military grade certification එක තියන නිසා හොඳ durability එකක් expect කරන්න පුළුවන්.
Leave a Reply