Iphone 12 Pro Max Vs 13 Pro Max මොකක්ද ගන්න හොදම ?

Iphone 12 Pro Max කියන්නෙ 2020 නිකුත් වුන Phone එකක්. ඒවගේම තමයි Iphone 13 Pro Max කියන්නෙ දැනට මාස 2කට වගේ කලින් නිකුත් කරපු Phone එකක්.ඉතින් ඔයා 12 Pro Max එකක් භාවිතා කරන කෙනෙක් වෙන්න පුළුවන් ඔයා 13 Pro Max එකකට යන එක හොඳද ? , එහෙමත් නැත්නම් ඔයා අලුතින්ම Iphone එකකට යන්න ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් ඉතින් ඔයා ගන්න ඕනෙ 12 pro max ද 13 pro max ද ඉතින් මෙන්න මේ කාරණා අපි අද article එකෙන් කියවල බලමු.

  1. Design

මේ Phone දෙකේ Design අතින් බලපුවාම දෙකම එක වගේ පේනවා.ඒවුනාට 13 Pro Max එකේ Color එකත් එක්ක බලපුවාම පොඩී වෙනසක් පේනවා 12 pro max එකට සාපේක්ෂව.කොහොම උනත් ඔයාගෙ Phone එක 13 pro max ද 12 pro max ද කියල දකින කෙනෙක්ට කියන්න පුළුවන් එකම විදිය තමයි Color එක මොකද 12 Pro Max එකට Blue Color එක විදියට ලැබුනෙ Pasific Blue Color එක ඒ වුනාට 13 Pro Max එකට Blue Color එක විදියට ලැබුනෙ Sierra Blue Color එක ඉතින් ඔයා 13 Pro එකකට යනවනම් ගොඩක් දුරට මේ Sierra Blue Color එක ගන්න එක වැදගත් මොකද මේ Color එක 12 pro max එකේ ආව නැති නිසා. ඔයාට මේ පහල රූපයෙන් බලාගන්න පුළුවන් 12 pro max එකේ blue color එක සහ 13 pro max එකේ blue Color එක , ඒ වගේම Phone දෙකේ තියන තව ප්‍රධාන වෙනසක් තමයි Notch එක මේ පාර 13 Pro Max එකේ Notch එක 12 Pro Max එකට වඩා කුඩයි.

2.Display

Display එක ගැන කතා කරද්දිදි මේ පාර 13 Pro Max එකට Pro Motion කියල අලුත් Feature එකක් ලැබිල තියනව.මේක බැලූ බැල්මට හොයාගන්න අමාරුයි ඒත් යම් යම් අවස්තාවල අපිට මේක Note වෙනවා . මේකෙදි සරලම සිදු වෙන්නෙ 120 hz ක Refresh Rate එකක් ලැබෙන එක ඒ කියන්නෙ තත්පරයට 120 වතාවක් Display එක refresh කරන්න පුළුවන් .මේක ඔයාට හරියටම බලාගන්න අවශ්‍යනම් 120hz Movie එකක් හෝ Video Clip එකක් බලන්න පුළුවන්. එතකොට පැහැදිලි වෙනසක් මේ දෙකේ බලාගන්න පුළුවන්.

ඉතින් මෙන්න මේ වගේ විශේශතා කිහිපයක්ම තියනව 13 Pro Max එකේ. ඔයාට වැඩිදුර අවබෝධයක් ගන්න අවශ්‍ය නම් මේ Video බලන්න පුළුවන්.