කලින් ලිපියෙන් අපි කීවා reCaptcha ගැන.  මේ ලිපිය වෙන් කරන්නේ ඔයාගේ වෙබ් සයිට් එකට මේක දාගන්න විදිය ගැන කියන්න.

ඒකට ඔයාට යන්න වෙනවා මෙන්න මේ වෙබ් අඩවියට https://www.google.com/recaptcha/intro/

මේ සේවාව ලබා දෙන්නේ ගූගල් මගින්. මේක නොමිලයේ ඕනම කෙනෙක්ට ලබාගන්න පුළුවන්.

ඔය වෙබ් අඩවියට ගියාම දකුණු අත උඩ තියෙන Get reCaptcha එක click කරලා ඔයාගේ Dashboard එකට ලොග් වෙන්න පුළුවන්. කලින් ලියාපදිංචි වෙලා නැති නිසා ඔයාට කරන්න තියෙන්නේ ගූගල් ලොගින් පාවිච්චි කරලා ඇතුල් වෙන එකයි.

 

දැන් තියෙන්නේ ඔය එන form එක fill කරන්නයි.  මුලින්ම ඔයාගේ කැප්චා එකට නමක් දෙන්න.

මෙතන අපි slgeek.lk වෙනුවෙන් හදන නිසා අපි දෙනවා SlGeekLk කියලා.  ඊළඟ කොටසේ  කැප්චා වර්ගය තෝරගන්න ඕන. සාමාන්‍යයෙන් අපි තෝරගන්නේ reCaptcha V2 එක. දැන් දෙන්න ඕන මේ කැප්චා එක පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන domain එක.  අපි මේක www.slgeek.lk වෙනුවෙන් භාවිතා කරන නිසා ඒක යෙදුවා.

ඊළඟට terms and conditions වලට එකඟ වෙන්න tick එක දාලා. අවශ්‍ය නම් විතරක් ඊළගට තියෙන send alerts to owners කියන තැන ටික් එක දාගන්න. ඒක අවශ්‍යම නැහැ.

දැන් රෙජිස්ටර් වෙන්න.

දැන් ඔයාට පහල ආකාරයේ තිරයක් දිස් වේවි.

Adding Captcha to you Site යටතේ ඔයාට බලාගන්න පුළුවන් reCaptcha එකට අදාල Public සහා Private කී ටික. තේරෙන්න කිවොත් Site key (public key) සහා Secret key (private key) මේවා රහසිගත ලෙස තියාගන්න කාටවත් පෙන්විය යුතු නෑ. මේක උදාහරණ නිසා මම පේන්න තියනවා.

ඊළඟට තියෙන්නේ client integration ඒ කියන්නේ අපේ html form එකට මේක ඇතුලත් කරගන්න අවශ්‍ය කෝඩ් එක.

එතනින්  පහල තියෙන කෝඩ් එක තමා reCaptcha එකට අවශ්‍ය Jscript එක. ඒක ඔයාගේ scripts තියෙන තැනින් දාන්න. නමුත් ගූගල් සමාගම කියන්නේ </head> ටැග් එකට කලින් යොදන එක සුදුසුයි කියලා.

<script src=’https://www.google.com/recaptcha/api.js’></script>

ඊළගට කැප්චා එක දිස්විය යුතු ස්ථානය හා කැප්චා ටෙස්ට් එක ඇතුලත් කරන කෝඩ් එක. මේක <form> ටැග් එක ඇතුලේ අන්තර්ගත වෙන්න ඕන.  ඔයාගේ form එකේ දිස්විය යුතු ස්ථානයේ මේක ඇතුලත් කරන්න

<div class=”g-recaptcha” data-sitekey=”ඔයාගේ සයිට් කී එක”></div>

පහත උදාහරණය බලන්නකෝ.  මේක තමා ඔයාගේ පිටුව.

මේ වගේ form එකක් දිස් වේවි.

ඊළඟට අපිට තියෙන්නේ මේ කැප්චා එකෙන් ඇතුලත් කරපු දේවල් හරිද කියලා බලන්න. ඒක කරන්න අපි form එක හරහා ගත්ත කැප්චා එකේ දත්ත ගූගල්ට යවන්න ඕන. ඒක මම php Script එකක් හරහා කරන්නයි හදන්නේ.  test.php කියලා මම අලුත් php එකක් අරන්  මේ විදියට කෝඩ් කරනවා.

එතනනදී අපි $secret=”___Your Secret Key____”;  මෙතැන අපේ  secret key එක දාගන්න ඕන. පස්සේ අපි ගත්ත තොරතුරු google (https://www.google.com/recaptcha/api/siteverify)වෙත යවලා ගූගල් වෙතින් response (‘g-recaptcha-response’). එක  success නම් කැප්චා success හා යොදපු නම දිස්වෙන්නත් unsuccess නම් error ලෙස පෙන්වන්නත් තමයි මේ කෝඩ් එක හදාලා තියෙන්නෙ.

දැන් මේක සේව් කරලා ඔයාගේ අදාල එකේ දාලා බලන්න. අපේ verification එක වැඩ ද කියලා

වැදගත් ඒ ඒ අදාල කැප්චා එක වැඩ කරන්නේ ඒක රෙජිස්ටර් වන අවස්ථාවේ දී දුන් domain එකේ දී පමණයි. localhost එකේ බලන්න ඕන නම් domain එක localhost ලෙස නැවත සකසාගත යුතුවේ.

සම්පූර්ණ කෝඩ් එක ඩවුන්ලෝඩ් කරගන්න 

අදහස් දක්වන්න

comments

  • පට්ට ලිපියක්
  • සතුටු දායකයි
  • අපරාදේ
  • වැඩක් නෑ
‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,