ගුවන් යානා ප්‍රමාද වන්නේ ඇයි ?


3
3 points

ලංකාව ගැන කතා කලොත් ගුවන් යානයක ගමනක් යෑමට ලැබෙන්නේ ඉතාමත් සීමිත පිරිසකට වගේම එතනිනුත් බහුතරයක් ගුවන් යානයක යන්නේ ඉතාමත් කලාතුරකින්. ඉතින් මෙහෙම යන ගමන ප්‍රමාද වුනොත් මොන වගේ හැඟීමක් ඒවිද ?

ගුවන් යානයක් ප්‍රමාද වෙනවනම් එකට හේතු කිහිපයක් තිබෙනවා. ඒ ගැන අපි අද කතා කරමු.

(1) Cleaning සඳහා වැඩි කාලයක් ගත වීම

ගුවන් යානයක් ගුවන් ගමනකින් පසු පිරිසිඳු කිරීම අතිශය වැදගත්. පුද්ගලයෙක් පැය කිහිපයක් සිටි අසුනක් සමග ඔහු භාවිත කල දෑ තවත් කෙනෙකුට දීමේදී කිසිදු වරදක් සිදුවිය නොහැක. මේ නිසා සමහර අවස්ථා වලදී නිසි පරිදි පිරිසිඳු කිරීම් නියමිත වෙලාවට අවසන් නොවිය හැක.

(2) Crew එක නොමැති වීම හෝ ප්‍රමාද වීම

සමහර විට crew members ල මේ වන විටත් ගුවන් තොටුපලට පැමිණෙනවා විය හැක. ඔවුන් ගුවන් යානයකින් පැමිණෙන්නේ නම් සමහර විට එය ප්‍රමාද වීමට වුවද පුළුවන්. සාමන්යෙන් ගුවන් තොටුපල තව අමතර crew එකක් සිටින අතර ප්‍රමාදය සුළු එකක් නම් ඔවුන් භාවිතා නොකරන අවස්ථා ද තියෙනවා.

(3) Fuel සහ Cargo සඳහා වැඩි වෙලාවක් ගත වීම

පෞද්ගලික අත්දැකීමෙන් මම දන්නවා Fuel සඳහා සමහර වෙලාවට වැඩි කාලයක් ගත වෙනවා. ඒ විතරක් නෙමේ passenger cargo වගේම සාමාන්‍ය cargo පවා ගොඩක් වෙලාවට ඔයා යන passenger aircraft එකේම යනවා. ඉතින් මේවා security හරහා ගිහින් ඇවිත් plane එකට load වෙද්දී ටිකක් වැඩි කාලයක් යන්න පුළුවන්.

(4) Weather conditions

නවීන ගුවන් යානයක් මේ වෙද්දී අකුණු වගේම දරුණු කාලගුණ තත්වයන්ට ඔරොත්තු දෙන්න හදල තිබ්බත් තවමත් එහි අවදානමක් තිබෙනවා. මිලියන ගණන් ($) වටිනා ගුවන් යානයක් එක්ක මිනිසුන් 100-300 ක ගේ ජිවිත විනාශ කිරීමට වඩා ඒ වගේ අවදානමක් හමුවේ delay වෙන එක හොඳයි කියල හැමෝම පිළිගනී. කාලගුණ තත්වය අයහපත්නම් ඒ නිසයි ටිකක් delay වෙලා යන්නේ. මෙතැනදී ඇත්තටම දැනට plane එක තියන airport එකේ විතරක් නෙමේ . route එක පුරාම වගේම අවසාන ගුවන් තොටුපල ආශ්‍රිතව කාලගුණ තත්වය සලකා බලනවා.

(5) අවසාන මොහොතේ දෝෂයක් සොයාගැනීම

අවසාන පරික්ෂාව සාමාන්යෙන් කරන්නේ pilot විසින්. ඉතින් එය අවසාන වශයෙන් ගුවන් යානය පරික්ෂා කරලා කියනවා තව දුරටත් මොන හරි ගටලුවක් තියනවද කියල. සමහර විට අවසාන මොහොතේ කොක්පිට් එකේදී හරි මේ වගේ ගැටළුවක් හොයාගන්න පුළුවන්. එහෙම වුනොත් එම දෝෂය සකස් කරන තෙක් යාමට අවස්තාවක් ලැබෙන්නේ නැහැ.

(6) Take off load එක වැඩි වීම

Take off කිරීමේදී ගුවන් යානය දැරිය හැකි උපරිම බර ගැන සලකා බැලෙනවා. ඉතින් සමහර විට passengers ලා, crew , cargo වල බර අවසානයේ pilot ට දැනගන්න ලැබෙනවා. ඒ බර වැඩි නම් crew එකේ අයව , නැත්නම් cargo හරි නැවත off load කරන්න වෙනවා.

වැඩිදුර විස්තර දැනගන්න Fly With Me Video එක බලන්න.

Why plane delay sri lankan airlines flight delay late why reasons to delay sri lanka flights bandaranayake international airport sinhala


Like it? Share with your friends!

3
3 points
SL Geek

0 Comments

Your email address will not be published. Required fields are marked *