අපි පහුගිය පාඩම් දෙකේ දී හදුනාගත්තා ඩයනමික් වෙබ් අඩවි හා PHP developing සඳහා මූලික පරිසරය පරිගණයක තුල හදාගන්න හැටි.  අද අපි කියන්න යන්නේ PHP ගැන.  ඩයනමික් වෙබ් අඩවි නිර්මාණය කරන්න භාවිතා කරන ප්‍රධානම පරිගණක භාෂාවක් තමයි PHP කියන්නේ. මේ වන විට PHP වර්ශන් 7ක් දක්වා නිකුත් වෙලා තියෙන අතර PHP කියන්නේ Open source Language එකක්.

දැන් HTML ගැන දන්නවා නේ hyper text markup language එකක් කියලා PHP කියන්නේ ඒ Hyper Text Processor එකක්.  ඒකියන්නේ HTML මගින් දෙන දත්ත කිසියම් ක්‍රියාවලීන්ට භාජනය කරලා ඉදිරිපත් කරන්න අවස්ථාව සලසනවා.

PHP භාෂාව ඉගෙන ගන්න නම් මූලිකව ඔබ දැනගත යුතු දේවල් කිහිපයක් තියෙනවා.

  1. HTML
  2. CSS
  3. JavaScript

PHP ලියපූ කෝඩ් එකකට සරලව අපි ස්ක්‍රිප්ට් එකක් කියලා කියනවා. මේ ස්ක්‍රිප්ට් එකක් වැඩ කරන්න නම් වෙබ් සර්වර් එකක් තුල පිහිටවලා රන් කරන්නම ඕන. රිසල්ට් එක සාමාන්‍ය html එකක් විදියට අපේ බ්‍රවුසර් එකේ පෙන්වනවා. ස්ර්වර් එකක් විදියට මේ වෙලාවේ අපි යොදාගන්නේ WAMP එක. ඒක ගැන කලින් ලීවා.  එතකොට මේ PHP ස්ක්‍රිප්ට් එකක් ඇතුලේ html,  css,  javascript, text වගේ දේවල් ඇතුලත් කරන්න පුළුවන්.  එතකොට මේ ස්ක්‍රිප්ට් එකක් save කරද්දී “.php” විදියට සේව් කරන්නත් අමතක කරන්න එපා.

PHP වලින් මොනවා ද කරන්න පුළුවන්?

  • PHP මගින් ඩයනමික් වෙබ් අඩවි, ඩේටා ආදිය ඉදිරිපත් කරන්න පුළුවන්.
  • මේ මගින් සර්වර් එක ඇතුලේ Files , නිර්මාණය කරන්න Create, Open, Read, Write, Delete සහා Close කරන්න පුළුවන්.
  • දත්ත රැස්කරන්න.
  • cookies යවන්න සහා ලබාගන්න.
  • Database එකේ දත්ත ඇතුලත් කරන්න  මකන්න  කියවන්න පුළුවන්.
  • User Access control කරන්නත් පුළුවන්
  • ඔයාගේ දත්ත Encrypt / Decryption  කරන්නත් පුළුවන්

ඒවගේ PHP එකක output එක අපිට HTML ආකාරයේ වෙබ් පිටුවක් විදියට පමණක් නෙවෙයි. PDF, Flash Movie එකක්, Image එකක් වගේම text සහා XML විදියටත් ලබා ගන්න හැකියාව තියෙනවා.

ඉතින් වෙබ් අඩවි නිර්මාපකයෙක් වෙබ් ඇප්ලිකේෂන් හදන කෙනෙක්ට PHP ඉගෙනගන්න එක වටිනවා.

දැන් PHP ජනප්‍රිය ඇයි කියලාත් දැනගන්න එපැයි.

  • මේක ගොඩක් සර්වර් OS  Platfrom වල වැඩ කරනවා (Windows, Linux, Unix, Mac OS X, etc.)
  • සර්වර් වලටත් සපෝර්ට් කරනවා (Apache, IIS, etc)
  • ගොඩක් Database Tools වලටත් මේක සපෝර්ට් කරනවා (MySQL) විතරක්ම නෙවෙයි.
  • නොමිලයේ ලබාගන්න පුළුවන් (http://php.net)

ඔයාගේ සර්වර් එකට PHP install කරගන්න අවශ්‍ය නම් (http://php.net/manual/en/install.php) මෙතනින් ඒ ඒ OS එකට අවශ්‍ය උපදෙස් ලබාදීලා තියෙනවා. අපිට නම් ඒක අවශ්‍ය නැ මොකද වැම්ප් පරිසරය තුල PHP පිහිටුවාලා  දෙන නිසා. ඒවගේම PHP මැනුවල් එකත් මේ වෙබ් අවඩියෙන්නම  නොමිලයේ ලබා දෙන නිසා ඕන ගැටළුවක් වගේම ඒ ඒ Function භාවිතා කරන ආකාරය පවා අධ්‍යනය කරන්න අවස්ථාව තියෙනවා.

මූලිකව PHP කෝඩ් එකක් ලියන්නේ  පහත ආකාරයට

[php] <?php
// ඔබේ  ස්ක්‍රිප්ට් එක
?>
[/php]

PHP කෝඩ් එකක් ලියන්න ඕන <?php      ?>  දෙක අතරේ. HTML ටැග්ස් ඇතුලේ PHP කෝඩ් ලියන්නත් PHP ඇතුලේ HTML කෝඩ් ලියන්නත් පුළුවන්.

 

එතකොට මොනවා හරි අවුට් පුට් එකක් ගන්න පුළුවන් echo කියන keyword එක පාවිච්චි කරලා. ඊට අමතර keyword තියෙනවා ඒ ගැන පස්සේ ලියන්නම්.  අපි ලියන හැම ස්ටේට්මන්ට් එකක්ම  ” ; ” එකකින් අවසන් කරන්නත් ඕන. ටැග් එකක් ඕපන් කරාම අවසන් කරන්න ඕන කියලාත් අමතක කරන්න එපා.

එතකොට functions එකක් ලියන්න පාවිච්චි කරන්නේ පහත ආකාරයේ ආකෘතියක්. සඟල වරහන් දෙක ඇතුලේ අපේ function එකේ විය යුතු දේ ලියලා ස්ක්‍රිප්ට් එකේ අවශ්‍ය තැනකදී පාවිච්චි කරන්න පුළුවන්

[php]

function function_name(){

}

[/php]

කොමෙන්ට් කරාම ඒ කොටස execute කරන්නේ නෑ. PHP වල එක පේලියක් කමෙන්ට් කරන්න ” // ” යොදාගන්න පුළුවන් වගේම පේලි කිහියක් comment කරන්නේ  “/*  your command */”  මේ ටැග් යොදාගෙන. ‍ෙ

ප්‍රධාන වශයෙන් මේටික දැනගත්තාම අපිට කෝඩ් කරන්න පුළුවන්.  ඊළඟ පාඩමෙන් මූලික Function ගැන කතා කරමු.

ඔයාගේ  අදහසුත් මේකට කියලා එවනවා නම් ඒක ලොකු ශක්තියක් වේවි.

 

අදහස් දක්වන්න

අදහස්

  • පට්ට ලිපියක්
  • සතුටු දායකයි
  • අපරාදේ
  • වැඩක් නෑ
‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,

ඔබත් දැන්ම ගීක් කෙනෙක් වෙන්න!

You have successfully subscribed to the Geek

There was an error while trying to send your request. Please try again.

SL Geek LK will use the information you provide on this form to be in touch with you and to provide updates and marketing.

ස්මාර්ට් ගීක් කෙනෙක් වෙන්න! ගීක් මොබයිල් ඇප් එක දාගන්න.

Download Geek App now - 4Mb Only