Online ඉගෙන ගන්න Tab ද Lap ද ?


2
2 points

මේ දවස් වල Online meetings කියන්නේ හැමෝටම පොදු දෙයක්. Zoom, Miscrosoft teams ගැන අහල තිබුණු නැති අය පවා මේ වෙද්දී දිනපතා පාවිච්චි කරන්න පටන් අරන්. ඉතින් ගොඩක් දෙනෙක්ට තියන ප්‍රශ්නයක් තමයි කොහොමද අපි එක පාරටම මේවට අවශ්‍ය devices හොයාගන්නේ කියන එක. ඒ කියන්නේ සමහර විට එකම නිවසේ කිහිප දෙනෙක් එක වර zoom පාවිච්චි කරන්න වෙන්න පුළුවන්. ඉතින් මෙතැනදී අනිවාර්යෙන්ම එක phone එකක් තිබ්බත් මේක මදි වෙන්න පුළුවන්. ඉතින් තව device එකකට යනවනම් මිලදී ගන්න අවශ්‍ය වෙන්නේ මොකක්ද ? ඒ ගැන අද අපි මේ ලිපියෙන් කතා කරමු.

Tab සහ Laptop කියන දෙක portability අතින් ගනිද්දී පැහැදිලිවම දෙකම සමස්තයක් ලෙස ඉස්සරහින් ඉන්නවා. පහසුවෙන් ඕනෑම තැනකට අරන් යන්න පුළුවන්. හැබැයි එත් Tab එකක් ගෙනියන එක ඒ දෙකෙනුත් ගොඩක්ම ලේසි. Tab එක සාපේක්ෂව පොඩි සහ නිතරම Plug කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි 2nd Hand වගේ lap එකකට ගියොත් සමහර විට battery එකේ ගැටළු තියෙන්න පුළුවන් නිසා නිතරම plug කරලා තියන්න සිද්ද වෙන්න පුළුවන්. හැබැයි tab එකේ එහෙම අවුලක් තිබ්බත් power bank එකක් හරි use කරන්න පුළුවන්.

මේ වෙද්දී ISP ලා (අන්තර්ජාල සේවා සපයන්නන්) සියල්ලම පාහේ Zoom / MS Teams / Youtube / Social Media සඳහා සාධාරණ මුදලකට Unlimited Plans දෙන නිසා tab එකකට Sim එකක් දාගත්තොත් ගොඩක් ලේසියෙන් internet යන්න පුළුවන්. හැබැයි Laptop එකකදී නම් router එකක් අවශ්‍ය වෙනවා.

ඒ වගේම කල් පැවැත්ම, ලෙඩ, ප්‍රශ්න අතින් Laptops වලට වඩා tablets හොඳයි . හැබැයි හැම කතාවකම දෙපැත්තක් තියනවා. Laptops වල වාසි කිහිපයක් තියනවා. අපිට ලේසියෙන්ම printer එකක් connect කරලා print out ගන්න පුළුවන්. files ලස්සනට organize කරලා තියාගෙන tab එකේ නැති apps පවා පාවිච්චි කරන්න පුළුවන් . ඉතින් ඒ වගේ අවශ්‍යතා තියනවනම් Laptop හොඳයි , නැත්නම් desktop එකකට යන්න.

Surface Go 2 vs Galaxy Tab S6 Lite: Battle of the budget tablets | Laptop  Mag

තව දෙයක් ! බොහොමයක් දෙනෙක් මිල ගැන හොයනවා . Used tab සාමාන්යෙන් 5,000 ඉඳන් වගේ තියනවා . හැබැයි සමහර ඒවා පරණයි. මේ පරණ නිසා මේවගේ තියෙන්නේ පරණ android version එකක් . ඒ නිසා Zoom වගේ ගොඩක් apps වැඩ කරන්නේ නැති වෙනවා. ඒ වගේම තමයි Laptops. ගොඩක් අඩු specifications තියන ඒවා ගත්තත් මේ ප්‍රශ්නේ එනවා. ඉතින් ඒවා ගැනත් ගොඩක් පරිස්සමින්.

මේ ගැන වැඩි විස්තර දැනගන්න SL Geek Video එක බලන්න.

online learning , online devices , zoom microsoft teams sri lanka sinhala , how to use tab for zoom , laptop vs tab in sri lanka


Like it? Share with your friends!

2
2 points
SL Geek

0 Comments

Your email address will not be published. Required fields are marked *