සුභ දවසක්,
අපේ HTML පාඩම් මාලාවත් හෙමින් හෙමින් යන අතර මට මතක් උනා මේක කියන්නම ඕන දෙයක් කියලා. HTML පාඩම් ටික බැලුවේ නැත්නම් මෙතනින් බලන්න.
ඔයා HTML ඉගෙන ගන්නකොට කරන පොඩි පොඩි ක්‍රියාකාරකම් Test කරන්නේ html file එකක් හදලනේ. ඉතින් මට කියන්න අමතක උනා, ඔයා නිතරම Notepad වල ලිය ලියා එකින් එක සේව් කර කර ඉන්න ඕනේ නෑ. නෙට් එකේ ඕන තරම් Online html Editors තියෙනවා. ගූගල් කලානම් තව හොයාගන්න පුළුවන්. ඉතින් මම මේ පහලින් සදහන් කරන්නේ මම ඉස්සර ඉදන් භාවිතා කරපු html Editors ටිකක්,


https://html-online.com/editor/

https://html5-editor.net/

https://htmlcodeeditor.com/


මේකේ අපි input කරන html code එකේ Result එක බලන්නත්, අපි නිර්මාණය කරන දේ html කෝඩ් එක ගන්නත් පුළුවන්. ඒ නිසා ආදුනික අයට මේක ගොඩක් වටිනවා. ඔයාට තියෙන්නේ word document එකක් වගේ images ඇඩ් කරලා text size,color වගේ දේවල් කරලා view එක හදන්නයි. මෙයා අනිත් පැත්තෙන් ඒකේ html code එක output කරනවා. ඒ වගේම css, js වගේ දේවලුත් මේකේ Test කරලා එක බලාගන්න පුළුවන් බොහොම ලේසියෙන්.

W3Schools.com


ලෝකේ ජනප්‍රියම වෙබ් අඩවියක් වන W3Schools අපි කොයි කවුරුත් දන්න හදුනන Web Development Leaning School එකක්. ඉතින් ඒකේ සේවාව ගැනත් කියන්න ඕනේ නෑනේ. Google Drive වලට Save කරන්නත්, file import පහසුකම් තියෙනවා. ඉතින් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. මේකෙත් js,css වැඩකරනවා.

ඔයාට පුළුවන් මේවගෙන් Test කරන්න ඔයාගේ Projects. එ වගේම ඔයා html වලට ආධුනිකයි නම් අලුත් අලුත් දේවල් නිර්මාණය කරලා Output html code එක Study කරන්න පුළුවන්. ඒ වගේම තමා ඔයාට බස් එකේ, මග තොටේ යන එන ගමන් උනත් පුළුවන් ෆෝන් එකෙන්ම එක එක codes එක්ක වැඩ කරන්න. w3School editor එකේ ලස්සන Responsive Mobile View එකකුත් තියෙනවා. ඉතින් මම මේ කිව්වේ මම භාවිතා කරපු ප්‍රධාන html editor දෙක ගැන. ඔයත් මේවා ප්‍රයෝජනයට ගන්නවනම් ඔයාගේ ප්‍රියතමonline editor එකත් පහලින් සදහන් කරලා යන්න අමතක කරන්න එපා. html පාඩමකින් හමුවෙමු.!

අදහස් දක්වන්න

අදහස්

  • පට්ට ලිපියක්
  • සතුටු දායකයි
  • අපරාදේ
  • වැඩක් නෑ
‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,