අද මේ ලිපිය වෙන්කරන්නේ Entertainment වලට ආස අය වෙනුවෙන්. කැමතිද තමන්ගේම කියලා ගුවන් විදුලි මධ්‍යස්ථානයක් පටන්ගන්න. Online Radio Station එකක් හදාගෙන කැමති සින්දු දාලා තමන්ගේම චැනල් එකක් කරන විදිය. මේක අපි කරන්නේ අන්තර්ජාලය හරහා නිසා data වැයකරන්නත් සිදුවෙනවා.  මේක කරන්න විශේෂ අවසර එහෙම අනවශ්‍ය නිසා නීතිමය ගැටළුවකුත් නැහැ.

මේක කරන්න අපිට අවශ්‍යතා කිහිපයක් තියෙනවා.

1. ස්ථාවර අන්තර්ජාල සම්බන්ධතාවයක්

2. WinAMP Player 

3. SHOUTcast Source DSP

ඔය මූලික කාරණා සම්පූර්ණ කරගත්තායින් පස්සේ මුලින්ම අපි ඔන්ලයින් රේඩියෝ සර්වර් එකක ලියාපංදිංචි වෙලා අපිට port එකක් ලබාගන්න ඕන. නොමිලයේ ලබා දෙන රේඩියෝ  සර්වර් ගොඩක් තියෙනවා. ඒ අතරින් ජනප්‍රියම එකක් වෙන්නේ SHOUTcast හා Listen2Myradio.com අඩවියයි. මේකෙන් කැමති  එකක පහසුවෙන් ලියාපදිංචි වෙන්න පුළුවන්.

දැන් ලියාපදිංචි වුනායින් පස්සේ අපිට ලැබෙනවා අපේ රේඩියෝ එකට අදාල Dashboard එක. මෙතන තමයි වැදගත්ම දේවල් තියෙන්නේ ඒ කියන්නේ අපේ Streaming server එක streaming Password එක ඇතුලත්ව චැනල් එක සම්බන්ධ විස්තර.

SHOUTCast මගින් ලබා දෙන සර්වර් විස්තර

Listen2Myradio Dashboard එක

WinAmp install කරගෙන ඊට පස්සේ SHOUTcast plugin එක දාගත්තා නේ.  හරි ඊළඟට මේක Openකරන්න ඕන. සාමාන්‍යයෙන් මේක Winamp එකත් එක්කම .

දැන් මේකේ අපි තියෙන දේවල් පුරෝමු. output 1 – 5 දක්වා චැනල් 5ක් අපිට මේකෙන් එකවර විකාශය කරන්න පුළුවන්.  මම ඉතින් දැන් මේක configure කරන්නයි හදන්නේ.  මුලින්ම Output ටැබ් එක පුරෝමු.

ඒකේ මුලින්ම තියෙන්නේ login කියලා  යටින් තව ටැබ් එකක් තියෙනවා

Server Address – අපි Streame කරන සර්වර් එකේ ip එක

Port – සර්වර් එකෙන් අපිට දෙන පෝර්ට් එක

StreamID – මේක අපිට සේවාව ලබා දෙන තැන ඇති.

Dj/UserID – streaming කරන්න පාවිච්චි කරන username එක (SHOUTcast අඩවියේ  username වෙනුවට StreamID යොදාගනී)

Password – streaming password

Connect Using – V2.x mode එක තමයි භාවිතා කල යුත්තේ.

ඊළඟට අනිත් ටැබ් එක Directory

Radio එකට අවශ්‍ය විස්තර තියෙන්නෙ මෙතන රේඩියෝවේ නම. එතකොට අහන්න පුළුවන් URL එක (Streaming URL) ආදිය මෙතන දාන්න ඕන

අපි Encode කරන්නේ MP3 විදියට නිසා Encode ටැබ් එකේ encode Type එක mp3 දීලා අපේ ශ්‍රවණ ගුණත්වය (bit rate) එක තෝරගන්න ඕන.  මතක තියාගන්න අඩු බිට් රේට් එකක දී ශ්‍රව්‍ය ගුණත්වය අඩු අතර අඩු ඩේටා ප්‍රමාණයක් වැය වෙනවා. වැඩි බිට් රේට් එකකදී හොඳ ශ්‍රවණ තත්වයක් වගේම වැඩි ඩේටා ප්‍රමාණයක් ද වැය වෙනවා.

මේ මූලික කාරණා හරිනම් Output ටැබ් එකට අනිත් පස තිබෙන Input ටැබ් එක ඔස්සේ අපේ Sound source එක සිලෙක්ට් කරලා දෙන්න හැකියි.

දැන් ආපහු Output එකට ඇවිත් Connect කරන්න. සියලු settings හරිනම් Connect වෙලා timer එක වැටෙන්න ගන්නවා වගේම වැය වන data ප්‍රමාණය ද දක්වනවා.

එසේම දැන් අපිට අහන්න පුළුවන් කියලා සේවා සම්පාදකයා දීපු URL එකට ගිහින් බැලුවොත් Winamp එකේ යන සින්දු එතනත්  ප්ලේවෙන වෙබ් අඩවියක ඇහේවී. ඔය විදියට ඔයාගෙම රේඩියෝ එකක් පටන් ගන්න පුළුවන්. ඒ වගේම මේ Streaming URL එක අපේ Player එකකට configකරලා අපේ වෙබ් අඩවියක වුනත් ඇහෙන්න සලස්වන්න පුළුවන්. ඔයාගේ පරිගණකය මගින් මේ රේඩියෝ එක පාලනය කරන්නත් පුළුවන්.

 

Listen2MyRadio මගින් ලබා දෙන default Streaming පිටුව

 

ShoutCast මගින් Stream කිරීම

ඊළඟ දවසේ කියලා දෙන්නම් සර්වර් එකක රේඩියෝ හොස්ට් කරන විදිය.

 

 

අදහස් දක්වන්න

comments

  • පට්ට ලිපියක්
  • සතුටු දායකයි
  • අපරාදේ
  • වැඩක් නෑ
‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,