Note 21 නිකුත් නොකෙරේ.

Samsung ආයතනය සෑම වසරකම Flagship Smart Phones දෙකක් නිකුත් කරන බව අප සැම දන්නා කාරණාවකි. ඒ Samsung Galaxy S series දුරකතනයක් සහ Samsung Galaxy Note දුරකතනයක්. මේ වසරේදීත් සුපුරුදු පරිදි S Series දුරකථන විදියට Samsung Galaxy S21, S21 Plus වගේම S21 Ultra නිකුත් විය.

Samsung has officially cancelled the Galaxy Note 21 | Express.co.uk

කෙසේ වෙතත් මේ වසරේදී සැප්තැම්බර් පමණ නිකුත් වීමට නියමිත Samsung Galaxy Note 21 දුරකථනය නිකුත් නොවන බව මේ වන විට දැනගන්නට ලැබේ. Samsung සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි D.J.කෝ මහතා, Samsung investors ල සමග පවතී සාකච්චාවකදී සඳහන් කර ඇත්තේ මේ වසරේ note දුරකතනයක් නිකුත් කිරීම අපහසු කාරණාවක් බවයි.

මෙයට හේතුව මේ වන විට පවතින වසංගත තත්වය වන අතර ශ්‍රී ලංකාව ගැන පවා කතා කිරීමේදී පැමිණීමට නියමිතව තිබු ගොඩක් දුරකථන නොපැමිණි අතර ඒවා පැමිණියත් ඉතාමත් සීමිත පිරිසක් පමණක් මිලදී ගන්නා ලදී.

තවත් අතකින් සමහර විට Note 21 එක සඳහා එක් කිරීමට අවශ්‍ය තරම් තාක්ෂණයක් ඔවුන් සතු නොවීම, ටිකක් වෙනස් වැඩි දියුණු කල තාක්ෂණයක් සහිතව දුරකතනයක් වෙළඳපොළට 2022 එවීමට බලාපොරොත්තුවෙන් මෙම තීරණය ගන්න ඇති බවටත් විවිධ රාවයන් පවතී.

කෙසේ වෙතත් මේ ගැන වැඩි විස්තර SL Geek “Samsung Galaxy Note 21 Cancelled” Video එකෙන් දැනගත හැක.

samsung galaxy note 21 cancel note 21 specifications samsung galaxy s21 ultra price in sri lanka camera test sinhala