Image result for database

කලින් පාඩමක දී MySql database එකක් පාවිච්චි කරලා පාඩමක් දාපූ නිසා ගොඩක් අය අහලා තිබ්බා MySQL database එකක් හදන්නේ කොහොමද කියලා සහා ඒ SQL ඩේටා බේස් එකක  තොරතුරු දාන්නේ කොහොමද කියලා. ඉතින් ඒකට අදාල වෙන්න කෙටියෙන් ඩේටාබේස් ගැන ගියලා දෙන්නයි මේ හදන්නේ.

ඩේටා බේස් එකක් කියන්නේ තොරතුරු රැස්කරලා තියෙන තැනක් නේ. මේ ඩේටා බේස් එක ඇතුලේ තොරතුරු වගුවල දාලා තමයි තියෙන්නේ.  හරියට ඩේටා බෙස් එක කියනනෙ කබඩ් එකක් නම් ටේබල් කියන්නේ කබඩ් එකක ඇතුලේ දාලා තියෙන Fileවගේ.

මේ විදියට දත්ත ගබඩා කරන ක්‍රම ගොඩක් තියෙනවා. SQL Azure, MySQL, SQL Server, MS Access, Oracle, Sybase, Informix, Postgresql, MongoDB ආදිය දක්වන්න පුළුවන්.

 

Related image

 

අපි දැන් WampServer එක දැනට ස්ථාපනය කරලා තියෙන නිසා MySQL එකත් ඉන්ස්ටෝල් වෙලා තියෙන්නේ. අපි බලමු කොහොමද මුලින්ම ඩේටා බේස් එකක් හදාගන්නේ කියලා.  ඒකට අපි දැනගන්න ඕන අපි මේ ගබඩා කරන තොරතුරු මොනවා ද? (Number / Text / Date & Time) කියලා සහා අපේ තොරතුරු වගුගත කරන්න හැකි පරිදි වර්ග කරලා පහත උදාහරණ වගේ

වර්ගීකරණය (පුද්ගල තොරතුරු (නම,වයස,ගම,රැකියාව) / භාණ්ඩ තොරතුරු (භාණ්ඩය,මිල, නිශ්පාදිත දිනය, කල්ඉකුත්වන දිනය) / සේවක තොරතුරු (නම, දෙපාර්තමේන්තුව, බැඳුන දිනය, සේවක අංකය)

MySQL සඳහා අපිට පරීශීලක මුහුණත් දෙකක් තිබෙනවා එකක් තමා console එක හරහා භාවිතයත් අනික phpMyAdmin අතුරු මුහුණත. මේ දෙකෙන් වඩාත් පහසු මොකක් ද කීවොත් phpMyAdmin තමා. නමුත් මේ SQL Query ලියන්න පුරුදු වෙන්න නම් console එක ලොකු උදව්වක්.

කොන්සෝල් එක සහා phpmyAdmin ඕපන් කරගන්නා ආකාරය. SLGEEK.lk

toolbar එකේ තියෙන වැම්ප් අයිකන් එක උඩ click කරාම ඉහත ආකාරයේ මෙනුවෙන් MySQL > MySQL console එක හෝ ඉහල ඇති phpMyAdmin තෝරාගන්න පුළුවන්.

දැන් මේ දෙකෙන් මොකක් විවෘත කරත් මුලින්ම database එකේ ලොගින් ඉල්ලනවා. එතකොට ස්ථාපනය කරන අවස්ථාවේ දුන්න මුරපදය ඇතුලත් කරන්න ඕන. ගොඩක් වෙලාවට default username එක විදියට root තමා ඇතුලත් වෙන්නේ සහා ඊට මුරපදයක් නැහැ. Enter කිරීමෙන් පිවිසෙන්න පුළුවන්.

console වෙත log වූ පසු. slgeek.lk

දැන් phpMyAdmin  වෙත පිවිසුනාම බලාගන්න පුළුවන් දැනට අපේ පවතින database මොනවාද ඒ ඒ database  එකට අදාල table වර්ග ඒ ඒ table වල තියෙන දත්ත. ආරක්ෂණ විධීවිධාන ඇතුලු සැකසුම් රාශියක්. ඉතින් මේක ගැන වෙනම ඉගෙනගන්න ඕන.

phpMyAdmin login මුහුණත. slgeek.lk

slgeek.lk

 

ටිකක් පුරුදු වෙනකම් මම කොන්සෝල් එක තුලින්ම වැඩකරන්නම්.

console එකේ නම් ඔයාට තියෙන database  බලාගන්න පහත query එකම ඇතුලත් කරන්න ඕන.

මතක තියාගන්න SQL කියන්නෙ query language එකක් ඔයාගේ කමාන්ඩ් එකක් අවසානය දැක්වෙන delimiter එක හැම කමාන්ඩ් එකක් අවසානයේදීම ඇතුලත් කරන්නම ඕන. නැතිනම් ඔයා ඒක දෙනකම් අදාල කමාන්ඩ් එක වැඩ කරන්නේ නැ. සාමාන්‍යයෙන් delimiter එක වෙන්නේ “;” .

දැන් ඉහත කමාන්ඩ් එක දැම්මාම පහතින් තියෙනවා වගේ සියලුම database පෙන්වාවි.

slgeek.lk

අපිට පුළුවන් අලුතින් ඩේටා බේස් එකක් මෙතන හදන්න.  ඒකට පහත query එක ඇතුලත් කරනවා

මේ query  එක නිසි පරිදි වැඩ කරානම් මේ වගේ (Query OK, 1 row affected (0.04 sec)) කියලා යටින් පෙන්වාවි.

slgeek.lk

දැන් ආපහු database ටික බැලුවොත් පෙනේවි අපේ slgeek database  එක හැදිලා තියෙනවා. ඊළඟ පියවර මේ database  එකට ගිහින් අපේ දත්ත ඇතුලත් කරන්න අවශ්‍ය table හදන එක.

මුලින් අවශ්‍ය database එක ඇතුලට යන්න ඕන මේ විදියට use slgeek;

slgeek.lk

දැන් database  එක වෙනස් වුණ බව පෙන්වාවි.

දැන් අපිට පුළුවන් මේක ඇතුලේ table හදන්න.

අපි හදමු සාමාජික ලැයිස්තුවක්.  මම බලාපොරොත්තුවෙනවා ඇතුලත් කරන්න සාමාජිකයාගේ නම , ගම, වයස, උපන් දිනය ආදි තොරතුරු. දැන් බලමු මේ තොරතුරු මොනවා ද කියලා.

නම/ගම- මේක අකුරු සහා විශේෂ ලකුණු ආදිය ඇතුලත් වෙන නිසා varchar හෝ text ලෙස සලකන්න පුළුවන්.

වයස – ඉලක්කමක් නිසා (number) ලෙස සලකන්න පුළුවන්.

උපන් දිනය- අක්ෂර මගින් ඇතුලු කරන නිසා  varchar හෝ text ලෙස සලකන්න පුළුවන්.

දත්තගබඩාව ඇතුලේ මේවා තැන්පත් කරන ආකාරය තමයි මේ අපි හදන්නේ. ඉතින් අපි අපේ වගුවේ ඒ ඒ  තැන් මේ විදියට සැකසුවාම ඉලක්කම් ඇතුලත් කලහැකි තැන්වල අකුරු ආකාරයේ තොරතුරු තැන්පත් වෙන්නේ නැ.

දැන් ඔයා බලනවා ඇති varchar කිය්නනේ මොනවා ද text කියන්නේ මොනවා ද කියලා. ඒවා දත්ත වර්ග කියලා තේරුම් ගන්න කෝ.

දැන් බලමු අපේ වගුව දිහා

MemberID FirstName LastName Address Age BirthDay
int varchar(15) varchar(15) varchar (70)  int  date

යටින් මම දැම්මේ දත්තවර්ගය යි. varchar කියන දත්තවර්ගය නම් කරද්දි එම දත්තවර්ගයට ඇතුලත් වන දත්තයේ පැවතිය හැකි උපරිම අකුරු ගණනත් අපි දාන්න ඕන. උදාහරණයක් විදියට FirstName හි ඇතුලත් කල හැක්කේ අකුරු 15ක නමක් පමණයි.

හරි දැන් අපි table එක හදමු. එක්ට ඔයාගේ console එකේ පහත Query එක දාන්න ඕන.

දැන් ආපහු show tables කරෝතින් අපේ මෙම්බර්ස් ටේබල් එක හැදිලා තියෙන්න ඕන.

slgeek.lk

අපි මේ ටේබල් එකට දත්ත දාන විදිය ඊළඟ පාඩමෙන් කතා කරමු.

 

අදහස් දක්වන්න

අදහස්

  • පට්ට ලිපියක්
  • සතුටු දායකයි
  • අපරාදේ
  • වැඩක් නෑ
‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,