මොකක්ද මේ MS Framework කියන්නේ?
කෙටියෙන් කිව්වොත් Windows මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණක වෙනුවෙන් නිර්මාණය වෙන Application Software ක්‍රියාත්මක වීමට අවශ්‍යය යටිතල පහසුකම කි. Windows මෙහෙයුම් පද්ධති වර්ග සමග MS Framework නව සංස්කරණයක් නිකුත් කරනු ලබයි. එය Windows මෙහෙයුම් පද්ධතිය තුළ අන්තර්ගතකර අපට ලබා දෙනු ලබයි. මේ හේතුව නිසා බොහෝ දෙනෙකු MS Framework ගැන අසන්නට හෝ නොලබයි.

Windows මෙහෙයුම් පද්ධති වර්ග සමග MS Framework නව සංස්කරණයක් නිකුත් කිරීමට අමතරව ද නව MS Framework සංස්කරණ නිකුත් කිරීම Microsoft ආයතනය සිදු කරනු ලබයි.

Windows 8 හා ඊට පසු පැමිණි Windows සංස්කරණවල දී MS Framework 3.5 හෝ ඊට පෙර සංස්කරණ අන්තර්ගත නොවන නිසා MS Framework 3.5 හෝ ඊට පෙර සංස්කරණ භාවිතා කර නිර්මාණය කළ Application Software ක්‍රියාත්මක නොවීම හෝ install නොවීමත් සමග බොහෝ දෙනා මේ පිළිබඳව උනන්දු වන බව දකින්නට පුළුවන.

Windows අලුතින් ඉන්ස්ටෝල් කළ පසු කරන පළමු Application Software ඉන්ස්ටෝල් කිරීමේ දීම බොහෝවිට Framework 3.5 ඉන්ස්ටෝල් කරන ලෙස දැනුම් දීමක් සිදු කරනු ලබයි. එහි දී අදාල පරිගණකයට අන්තර්ජාල සම්බන්ධතාවයක් ඇතිනම් කිසිඳු ප්‍රශ්නයක් ඇති නොවී ඉබේම Framework 3.5 ඉන්ස්ටෝල් වනු ඇත.

නමුත් අන්තර්ජාල සම්බන්ධතාවයක් නොමැති නම් අදාල මෘදුකාංගය ඉන්ස්ටොල් නොවනු ඇත.

දැන් අපි බලමු කොහොමද අන්තර්ජාල සම්බන්ධතාවයක් නොමැති විට Framework 3.5 ඉන්ස්ටෝල් කරන්නේ කියා.

 

1. Windows DVD එක පරිගණකයට ඇතුළු  කළ යුතු ය.

2. ඔබගේ DVD ධාවකයට අදාල Drive Letter එක සොයා ගන්න. ඒ සඳහා වින්ඩෝස් එක්ස්ෆ්ලෝරර් බාවිතා ක‍ළ හැක.

3. කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ඇඩ්මිනිස්ට්‍රේටර් ආකාරයෙන් විවෘත කර ගන්න. ඒ සඳහා  ස්ටාර්ට් බටන් එක ක්ලික් කරන්න. ස්ටාර්ට් මෙනු එක විවෘත වූ පසු cmd ලෙස ටයිප් කරන්න.  එවිට Command Prompt එක සර්ච් වනු ඇත. එය තිරයේ දිස්වන විට ඒ මත රයිට් ක්ලික් කර  Run as Administrator ක්ලික් කරන්න.

 

මෙම අවස්ථාවේ දී බොහෝවිට යූසර් එකවුන්ට් කොන්ට්‍රෝල් යන පහත ඩයලෝග් බොක්ස් එක ලැබෙන අතර එහි ඇති Yes ක්ලික් කිරීමට ඔබට සිදුවේ.

4. දැන් පහත කමාන්ඩ් එක නිවැරදිව කමාන්ඩ් පෝම්ප්ට් එක තුළ ටයිප් කරන්න. එහිදී රෑපයේ දක්වා ඇති අකුර වෙනුවට ඔබගේ DVD ධවකයේ Drive Letter එක යොදන්න.

DISM /Online /Enable-Feature /FeatureName:NetFx3 /All /LimitAccess /Source:W:\sources\sxs

 

5. අවසානයේ දී එන්ටර් කී එක ඔබන්න.

දැන් විනාඩි කිහිපයක් ගත කරමින්  Framework 3.5 ඉන්ස්ටෝල් වනු ඇත. එසේ සිදු වී අවසාන වූ පසු කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ක්ලෝස් කරන්න.

 

මේ සුළු පියවරන් අවසානයේ දී ඔබට නැවත Framework 3.5 බාවිතා කර නිපදවූ මෘදුකාංග ඔබගේ පරිගණකයට ඉන්ස්ටෝල්  කර ගැනීමට හැකියාව නැවත ලැබෙනු ඇත. මෙහි දී විශේෂ වාසිය වනුයේ අන්තරජාල පහසුකම් අවශ්‍යය නොවීමයි.

 

සුළු වේලාවක දී කෙටියෙන් ලියන්න වීම ගැන අමනාප නොවෙයි කියලා හිතනවා. ලිපිය ගැන ඔබේ කමෙන්ට්ස් දැන ගැනීමට හැකි නම් සතුටකි.

– Dhananjaya Prabhash –

අදහස් දක්වන්න

comments

  • පට්ට ලිපියක්
  • සතුටු දායකයි
  • අපරාදේ
  • වැඩක් නෑ
‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,