අපේ තියෙන කැඩුණ ලැප්ටොප් වල තියෙන Hard Disk එක නැවත පාවිච්චියට ගන්න පුළුවන් විදියක් තමයි කියලා දෙන්න හදන්නේ. ඉතින් laptop එකක් භාවිතයෙන් ඉවත් කරත් ඒකේ තියෙන සමහර උපාංග අපිට වෙන වෙන ආකාරයෙන් භාවිතා කරන්න පුළුවන්.  ඔයාලා දන්නවනේ 1TB එක external hard disk එකක මිල සාමාන්‍යයෙන් රු8000 ත් 11000ත් අතර වෙනවා නේ. අපි මේ කියලා දෙන්න හදන්නේ ඉතාම අඩු මුදලකින් ඔයාටම කියලා හාඩ් එකක් හදාගන්න විදියක්.

මේ වෙනකොට ගොඩක් පරගණක වල තියෙන්නේ SATA තාක්ෂණය එක්ක ආපු හාඩ්ඩිස්ක් ඉතින් මේ හාඩ් එක USB එකකින් read කරන්න පුළුවන් විදියට අපි හදාගන්න ඕ්න ඒකට පාවි්චි කරන දේවල් තමා මේ පහලින් දැම්මේ.

අවශ්‍ය දේවල්

මුලින්ම මේකට ඕන කරන දේවල් අපි බලමු.

1.  Laptop හාඩ් එකක් (SATA) වර්ගයේ. 

2. Hard Disk Encloser එකක් අවශ්‍ය tools
 මේකත් එක්ක අපිට හම්බෙනවා පහත දේවල් ලැබෙනවා
 – හාඩ් එකේ පිටත කවරය
 – SATA to USB converter පරිපථය
 – USB 3.0 කේබල් එකක්
 – අවශ්‍ය ඇණ සහා කුඩා ඉස්කුරුප්පුව

Tool Required External Hard Disk
 External Hard Disk එක සාදාගන්න අවශ්‍ය  දේවල්

සාදන ආකාරය

මුලින්ම හාඩ් එක පරිස්සමට laptop එකෙන් ගලවලා ගන්න.  දැන් එ්කට දාලා තියෙන ආරක්ෂිත රාමුව ඉවත් කරගන්න. මොකද හාඩ් එක අපේ encloser එක ඇතුලට දාන්න ඕන නිසා.

දැන් මේ ටික හරි නම් එන්ක්ලොසර් එක කවර් එක අරගෙන ඒකත් එක්ක ලැබුණ පරිපථය හරියටම අපේ SATA port එකට ගැලපෙන විදියට තියාගෙන සවි කරගන්න ඕන.  ඔය පරිපථයේ දෙකට වෙන් වෙලා තියෙන ආකාරයට හාඩ් එකෙත් දෙකට වෙන්වෙලා තියෙන පරිදි ගලපලා තියන්න ඕන.  නැතිනම් සවි කරද්දි පරිපථ වලට හානි සිද්ධ වෙන්න පුළුවන්.

circuit and hard disk matching External Hard Disk
පරිපථය ගලපාගන්න
circuit set to the hard disk
සවිකරාම මේ විදියට තමා තියෙන්නේ

දැන් මේ සම්පූර්ණ කොටසම කවර් එක ඇතුලට දාලා දෙපැත්තේ තියෙන ඇණ තද කරගන්න.

Insert Into harddisk cover External Hard Disk
කවරය තුලට ඇතුලත් කරගැනීම

External Hard Disk
 දෙපැත්තේම ඇති ඇණ තද කරගන්න

ඕන්න අපේ portable හාඩ් එක හදාගෙන ඉවරයි.

Final output External Hard Disk
ඔන්න දැන් මේ External Hard Disk එක පාවිච්චි කරන්න පුළුවන්

මේ එන්ක්ලොසර් එකක් අපිට රු 1000 – 1500ත්  අතර මිලකට වෙළෙඳපලෙන් මිල දී ගන්න හැකියි. ඒවගේම හාඩ් එකක් ඔයාට නැතිනම්  පරිගණක අලුත්වැඩියා කරන තැනකින් රු.3000-5000ක් වගේ මිලකට ගන්නත් පුළුවන්.

දැන් මේ සමහර හාඩ් වලට අපිට වෙනම විදුලි බලය සපයන්න වෙනවා ඒක වැඩ කරන්න අවශ්‍ය නම්. නමුත් ලැප්ටොප් හාඩ් එකක නම් USB එක හරහාම ඒකට අවශ්‍ය බලය ලබාගන්න නිසා ගැටලුවක් වෙන්නැ. දැන් පරණ හාඩ් වලට අවශ්‍ය ඒ බලය ලබාගන්න ඕන කරන power packs ඇතුලත් එන්ක්ලෝසර්ස් වෙනම මිලට ගන්න පුළුවන්.

අදහස් දක්වන්න

අදහස්

Share your vote!


  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,

ඔබත් දැන්ම ගීක් කෙනෙක් වෙන්න!

You have successfully subscribed to the Geek

There was an error while trying to send your request. Please try again.

SL Geek LK will use the information you provide on this form to be in touch with you and to provide updates and marketing.

ස්මාර්ට් ගීක් කෙනෙක් වෙන්න! ගීක් මොබයිල් ඇප් එක දාගන්න.

Download Geek App now - 4Mb Only