සුභ දවසක් හැමෝටම,

අද අපි බලමු Leverage Browser Caching FIX කරගන්නේ කොහොමද කියලා. ඔයාලා GTmetrix හරි Pingdom වගේ Tool එකක් භාවිතා කරලා Site එක Analyze කලොත් ඔයාලට Analyze Results වලින් මෙහෙම පෙන්නුම් කරනවා. ඔයාට දැකගන්න පුළුවන් Leverage Browser Caching කියන එක Red color එකට හැරිලා තියෙනවා. ඒ කියන්නේ අපි ඒක කල යුතුයි.

 

මොකක්ද මේ Leverage Browser Caching කියන්නේ?

ඔයාලට දැනිලා තියෙනවද වෙබ් අඩවියකට පලවෙනි පාර යනකොට යම් කාල පරාසයක් ගත උනා  Full Load වෙන්න. ඊට පස්සේ ඒ වෙබ් එක නැවත නැවත භාවිතා කරනකොට ඉතා ඉක්මනින් ඔයාට Load වෙනවා. කලින්ට වඩා වේගයෙන්. මේකෙදි වෙන්නේ මේකයි. හිතන්න වෙබ් පිටුවක් ඔයා Web Browser එකෙන් Load කරද්දී එම වෙබ් පිටුවේ ඇති HTML,CSS,JAVA SCRIPT,IMAGES,GIF FILE වැනි දෑ ඔයා Surf කරන  Web Browser එකට Save කරගන්නවා. ඊලග සැරේ පේජ් එක Refresh කලොත් Page එක ඉක්මනින් Load වෙනවා අර ඔයාගේ Web Browser එක තුළ Save උන ඒවගේ උදව්වෙන්.  ඇත්තටම මේ Caching System එක ගොඩක් ප්‍රයෝජනවත්. අපි බලමූ මේ Caching System එක Configure කරගන්නේ කොහොමද කියලා.

මුලින්ම යන්න ඔයාගේ Cpanel >> File Manager එකට.

ඔයාගේ Domain Root Folder එකේ තියෙනවද බලන්න .htaccess කියලා file එකක්. .htaccess එක hide වෙලයි තියෙන්නේ. පේන්න නැත්නම් hide වෙලා තියෙන dot files Visible කරගන්න.

 

 

බලන්න එතකොටවත් තියෙනවද කියලා. ඒත් නැත්නම් .htaccess කියලා file එකක් හදාගන්න.

 

දැන් .htaccess එක open කරගෙන මෙහෙම ලියාගන්න

## EXPIRES CACHING ##

<IfModule mod_expires.c>

ExpiresActive On
ExpiresByType image/jpg "access 1 year"
ExpiresByType image/jpeg "access 1 year"
ExpiresByType image/gif "access 1 year"
ExpiresByType image/png "access 1 year"
ExpiresByType text/css "access 1 month"
ExpiresByType text/html "access 1 month"
ExpiresByType application/pdf "access 1 month"
ExpiresByType text/x-javascript "access 1 month"
ExpiresByType application/x-shockwave-flash "access 1 month"
ExpiresByType image/x-icon "access 1 year"
ExpiresDefault "access 1 month"

</IfModule>

## EXPIRES CACHING ##

දැන් .htaccess එක Save කරගන්න.  ඔයාට මේ “access 1 month” කියන value වල Time frame එක change කරන්න පුළුවන්. ඒත් මේ Time frame මේ විදිහටම තියන්න Recommend කරනවා.

දැන් ඔයාගේ Saver එකේ Leverage Browser Caching එක හරිය Configure වෙලානම් මේ විදිහට දැකගන්න පුළුවන්.

 

මේ .htaccess එක භාවිතා කිරීමේදී ඉතා විමසිලිමත් වෙන්න. මේ .htaccess file එක අපිට ගොඩක් වැදගත් වෙනවා Web Development මේ වලදී. අපි ඉදිරියට මේ ගැන බොහෝ දේ කථා කරමු, ඔයාලගේ අදහස් එකතු කරලා යන්න අමතක කරන්න එපා. නැවත Website speed tips එකකින් හමුවෙමු. මම මේ   ‌WordPress වෙබ් අඩවිය වේගවත් කරගන්න, #පාඩම4  ලිපියත් ලියලා තියෙනවා. ප්‍රයෝජනවත් වෙයි, බලපු නැති අය බලන්න. එහෙනම් සුභ දවසක්

අදහස් දක්වන්න

අදහස්

‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,

ඔබත් දැන්ම ගීක් කෙනෙක් වෙන්න!

You have successfully subscribed to the Geek

There was an error while trying to send your request. Please try again.

SL Geek LK will use the information you provide on this form to be in touch with you and to provide updates and marketing.

ස්මාර්ට් ගීක් කෙනෙක් වෙන්න! ගීක් මොබයිල් ඇප් එක දාගන්න.

Download Geek App now