Follow me

Facebook Geek

Facebook Geek යනු ෆේස්බුක් තුළ පළවන වටිනා Geek ලිපි ගීක් ඔබ වෙතට ගෙන එන නව විශේෂාංගයකි. ඔබටත් මෙවන් ලිපි හමුවුවහොත් අප ෆේස්බුක් පිටුව වෙත දන්වන්න.
Facebook Geek
Follow me

බොහෝ දෙනෙක් මේ වනවිට භාවිතා කරන්නේ free VPN එකක්. මෙවන් සේවාවන් ඕනෑතරම් තිබුණත් කොතරමි පිරිසක් භාවිතා කළත් වෙනත් විකල්පයක් නොමැති වුණත් මේවා භාවිතයේ ගැහැදිලි අවදානමක් පවතින බව දැන සිටිය යුතුයි.

සාමාන්‍ය අන්තර්ජාල භාවිතයකදී අප විසින් අපගේ සේවා සැපයුම්කරු හරහා සෘජුව අදාල වෙබ් සේවාව වෙත සම්බන්ධ වුවත් VPN භාවිතයේදී අපගේ දත්ත පළමුව යොමුවන්නේ අප විසින් තෝරාගත් VPN Server එකක් වෙතයි. ඉන් අනතුරුව අපගේ අන්තර්ජාල භාවිතය සිදුවන්නේ ඒ හරහා අදාල VPN Server එක තුළින් අන්තර්ජාලයට පිවිසෙන ආකාරයටයි. ඒ හේතුව නිසායි එවන් අවස්ථාවක අපගේ රට ලෙසින් අදාල VPN සේවාව ලබාදෙන රට පෙන්වනු ලබන්නේ.

Related image

පොදු Wifi සේවා තුලත් හැකර්කරුවන් – Pinterest

VPN සේවාව විශ්වාසය තැබියහැකි එකක් නම් මෙහිදී ගැටළුවක් මතුවන්නේ නැහැ. එවන් සේවාවන් සියල්ලක්ම යම්කිසි මුදලක් අය කරනවා මාසික පදනමක් මත. එයට හේතුව වන්නේ එම සේවාව පවත්වාගෙන යාමට ඔවුන්ට පිරිවැයක් දැරීමට සිදුවීමයි. එහෙත් අප විසින් සැළකිය යුත්තේ free VPN සේවාවක් කෙතරම් ආරක්ෂිතද යන්නයි. මෙම සේවාව නොමිලයේ ලබාදෙන්නේ කුමන පරමාර්ථයක් මතද යන්න සැළකිය යුතුයි. ඔවුන් වියදමක් දරමින් එම සේවාව නොමිලයේ ලබා දෙන්නේ කිසියම් පරමාර්ථයක් මතයි. බොහෝවිට ඔවුන් අපගේ දත්ත එකතු කරනු ලබනවා. ඒ යම්කිසි අයුරකින් ලාභ ඉපයීම සදහා. එම දත්ත අතර අපගේ location data, username and passwords, video and audio data, browsing logs, conversat‍ion logs, credit card numbers ආදී බොහෝ දේ තිබිය හැකියි. මෙම දත්ත අප විසින් අන්තර්ජාලය හරහා හුවමාරැ කරන ඒවා සේම අපගේ පරිගණකයේ හෝ smartphone තුළ තිබෙන ඒවා විය හැකියි.

මෙහිදී බොහෝ දෙනෙක්ගේ පිළිතුර වන්නේ අපේ දත්ත ඔවුන්ට මොකටද, අපේ දත්ත ඔවුන්ට වටිනවාද, අපි ජාවාරම් කරනවාද යන්නයි. එසේ සිතමින් හිත හදා ගැනීමක් සිදු කරනවා. එහෙත් අවදානම පවතින්නේ එතන නොවෙයි. ඔවුන්ට හැකියි අපගේ අනන්‍යතාවය භාවිතයෙන් යම්කිසි බරපතල නීතිවිරෝධී කාර්යයක් සිදුකිරීමට. ඔවුන් විසින් සිදුකරනු ලබන දෙය සදහා වගකීම සෘජුවම අප වෙත යොමු විය හැකියි.

Image result for vpn hackers

නිදහස් VPN වල පහසුකම් සපයන ගමන් තොරතුරු එක්රැස් කරයි – Le VPN

දැන් කළයුත්තේ කුමක්ද?

සන්සන්දනාත්මකව free VPN එකකට වඩා Tor browser ආරක්ෂිතයැයි සිතිය හැකියි. VPN එකක් භාවිතා කළ යුතු අවස්ථාවක premium VPN එකක් භාවිතා කළ හැකිනම් හොදයි. තාවකාලික අවස්ථාවක නම් එවන් වර්තමාන තත්වය වැනි අවස්ථාවකදී premium VPN සේවාවක trial period එකක් භාවිතය තරමක් ආරක්ෂාකාරී පියවරක්.

VPN එකක් භාවිතයේදී හැකිතාක් ආරක්ෂාකාරී encrypted, HTTPS සේවාවන් භාවිතා කරන්න. පිටස්තර VPN සේවාවකදී online payments කිසිසේත්ම නොකිරීමයි ආරක්ෂිත.

මෙසේ සිදු නොකරනවා නම්, ඔවුන් විසින් පවත්වාගෙන යනු ලබන VPN සේවාවේ වියදම මුදල් ලෙසින් නොවුණත් කුමන හෝ ලෙසකින් අපට ගෙවීමට සිදුවේවි.

මෙය කිසිසේත්ම මෙවන් කෙටි post එකක් තුළ කතාකළහැකි මාතෘකාවක් නොවෙයි. එහෙත් පවතින තත්වය මත සහ බොහෝ දෙනෙක්ගේ posts දකින විට පළකිරීමට සිතුණ නිසා හැකිතාක් කෙටියෙන් පළ කළෙමි.

 

 (Director – GalleZone Solutions (Private) Limited. (Music.lk))
නුවන් චින්තන

අදහස් දක්වන්න

අදහස්

‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,

ඔබත් දැන්ම ගීක් කෙනෙක් වෙන්න!

You have successfully subscribed to the Geek

There was an error while trying to send your request. Please try again.

SL Geek LK will use the information you provide on this form to be in touch with you and to provide updates and marketing.

ස්මාර්ට් ගීක් කෙනෙක් වෙන්න! ගීක් මොබයිල් ඇප් එක දාගන්න.

Download Geek App now

Please Vote US! logo