සුභ දවසක් හැමෝටම. අද තමා Apple category එකේ පලමු ලිපිය අරන් එන්නේ. අද ලිපියෙන් බලමු අපි iphone battery එකේ health එක බලන්නේ කොහොමද කියලා. i phone use ගොඩක් දෙනාට මේක වැදගත් වේවි. ගොඩක් අය මේක දන්නවත් ඇති. සමහරු කියනවා මගෙ ෆෝන් එකේ Battery එක බහිනවා ඉක්මනින්. බැටරියෙ අවුලක්ද දන්නේ නෑ කියලා.  බැටරි බහින එක os එකේ issue එකක් වෙන්නත් පුළුවන්.  මේ App එකෙන් ඔයාලට ලේසියෙන්ම පුළුවන් බැටරි එකේ Health එක බලන්න. ඒ වගේම ඔයාගේ ෆෝන් Charger එකේ Output voltage එක current එක වගේ දේවල් measure කරගන්න.

ඇප් එකේ නම තමා Battery Life

App Store එකට ගිහින් Battery Life කියලා search කලොත් ඇප්ස් ගොඩක් එනවා. මෙන්න මේක තමා හරිම ඇප් එක.

11.1 MB නිසා හැමෝටම පහසු වේවි.  මම ෆෝන් එක මගේ Charger එකට plug කලා.  පහල Screenshot එක බලන්න.

 

මේක හොදින් බලන්න. උඩම BATTERY DATA යටතේ Battery Health කියන එක Perfect ලෙස කොල පාටින් සදහන් වෙලා තියෙනවා. ඒ progress bar එකේ සදහන් වෙලා තියෙනවා 99% යි කියලා. ඒ කියන්නේ දැනට බැටරියේ health එක 99යි.  ඒවගේම ෆෝන් බැටරියේ සැබෑ Capacity එක 1715mAh (මේ අගය ඔයාගේ ෆෝන් මොඩල් එක අනුව වෙනස් වෙනවා) ඒත් දැන් තියෙන්නේ 1700mAh කින් යුත් බැටරියක්.  15mAh ක් අඩු වෙලා තියෙනවා. ඒකයි 99%ක් ලෙස දක්වන්නේ.

ඒ වගේම current Capacity යටතේ දැක්වෙන්නේ ඔයාගේ බැටරියේ දැන් පවතින Capacity එකෙන් කොච්චර ප්‍රමාණයක current එකක් තියෙනවද කියලයි.

Voltage යටතේ දැක්වෙන්නේ ඔයාගේ බැටරියේ වෝල්ටීය තාවය

Temperature එක යටතේ දැක්වෙන්නේ මේ වන විට බැටරියේ පවතින උශ්ණත්වයයි.

ඒ වගේම CHARGER INFORMATION යටතේ බැලුවහොත් දැකගන්න පුළුවන් Source එකට Usb Charger ලෙස දැක්වෙනවා. මොකද මම මේ Screenshot එක ගත්තේ මගේ usb Charger එකට Plug කරලයි.

ඒ වගේම Amperage යටතේ දැක්වෙන්නේ ඔයාගේ USB Charger එකෙන් output current එක.  ඒ වගේම w අගයත් නිවැරදිව දැක්වෙනවා.

TIME REMAINING යටතේ ඔයාට දැකගන්න පුළුවන් ඔයාගේ battery usage එක කොහොම භාවිතා වෙනවද කියලා.

ඒවගේම ඔයාගේ ෆෝන් එකේ Hardware details ටික පහසුවෙන් බලාගන්නත් පුළුවන්. CPU/GPU වගේ දේවල්

 

ඒ විතරක් නෙවේ ඔයාගෙ Device එක ටෙස්ට් කරගන්නත් පුළුවන්. පහල screenshot එක බලන්නකො.

 

ඇප් එක පොඩි උනාට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. ඔයාලගේ අදහස් කමෙන්ට් කරගෙන යමු. නැවත ios ලිපියකින් හමුවෙමු!

අදහස් දක්වන්න

අදහස්

  • පට්ට ලිපියක්
  • සතුටු දායකයි
  • අපරාදේ
  • වැඩක් නෑ
‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,

ඔබත් දැන්ම ගීක් කෙනෙක් වෙන්න!

You have successfully subscribed to the Geek

There was an error while trying to send your request. Please try again.

SL Geek LK will use the information you provide on this form to be in touch with you and to provide updates and marketing.

ස්මාර්ට් ගීක් කෙනෙක් වෙන්න! ගීක් මොබයිල් ඇප් එක දාගන්න.

Download Geek App now - 4Mb Only