සුභ දවසක් හැමෝටම,

ස්මාර්ට් ෆෝන් භාවිතා කරන කොයි කාටත් තියෙන ගැටළුවක් තමයි මේ ෆෝන් එකේ බැට්‍රි එක ඉක්මනින් වියලී යාම. අපි දන්නවා ඉස්සර ආව Nokia,motorola වගේ ෆෝන් වල බැටරි චාර්ජ් එක දවස් 4,5 ති‍යෙනවා. ඒත් ඇයි Smart Phone වල එහෙම බැරි? Smartphone එක කියන්නේ මෙහෙයුම් පද්ධතියක් ධාවනය වන උපාංගයක්, හරියට Computer එකක් වගේ. මෙහෙයුම් පද්ධතියක් ඇතුළත Process රාශියක් Run වෙනවා, එමෙන්ම Smart Phone Display එකට ලොකු විදුලියක් වැ‍ය වෙනවා. මේ ඔක්කොම දේවල් වලට විදුලිය සපයන්නේ එක බැටරියකින්. ඉතින් ඒ නිසා වෙනත් ෆෝන් වලට වඩා මේ Smart Phone වල Battery බහින වේගය වැඩියි.

අපි අද කථා කරමු කොහොමද iphone එකක Battery එක Save කරගන්නේ කියලා. බලන්න ඔයා මේ Tips භාවිතා කරන්නේ නැත්නම් මේ Tips ටික කරලා බලන්න, පැහැදිලි වෙනසක් බලාගන්න පුළුවන්,

 

1.Reduce Motion

මෙන්න මේ Reduce Motion කියන එක on කලොත් අපිට දැනෙන්න Battery save කරගන්න පුළුවන්. පොඩක් මේක On කරලා බලන්න කොහොමද වැඩ කරන්නේ කියලා. ඔයාට දැකගන්න පුලුවන් System animation එකේ යම් වෙනෙසක් තියෙනවා මේක on කලාම. ඒ වෙනසට ගොඩක් අය කැමති නෑ. ඒ නිසයි Reduce Motion Off කරලා තියෙන්නේ. ඒත් iphone එකේ බැටරි ගොඩක් බැස්ස වෙලාවට මේ Reduce Motion එක On කරගන්න පුළුවන්.

Settings >> Accessibility >> Reduce Motion

 

2.Cellular Data

iphone  කියන්නේ හැම වෙලේම Online තියෙන Device එකක්, Data off කරන්නෙම නැති තරම්, ඒත් Cellular Data වලට ගිහින් බලන්න ඔයා භාවිතා කරන්නේ නැති, අවශ්‍යය නැති Apps මොනවද කියලා. ඒ ඇප්ස් වලට Cellular Data Off කරන්න. එමගින් ඔයාගේ Mobile data එකත් save වෙනවා.

Settings >> Cellular Data

 

3.Siri

ඔයාලා දන්නවා කියන්නේ  intelligent assistant කෙනෙක්. මෙයා ලංකාවෙ අය භාවිතා කරන්නේ හරි අඩුවෙන්, Siri භාවිතා කරන්නෙම නැති අය Siri Off කරලා දාන්න, ටිකක් විතර සිරි භාවිතා කරනවනම් මේ Hey siri කියන එක Off කරන්න.එමගින් Siri Background Run වෙන එක නවතිනවා.

Settings >> Siri

 

4.Handoff

Handoff කියන එකත් Off කරලා දාන්න,

Settings >> General >> Handoff

 

5.Notification

ඔයාලට පුළුවන් Notification වැඩක් නැති Apps වලට මේ Notification Off කරලා දාන්න.  උදාහරණයක් විදිහට Messenger, email වගේ apps වලට Notification ඕනමයි, photos,camera,games වගේ Apps Notification  එච්චර වැඩක් නෑ. ඒ නිසා ඒවගේ apps හොයලා Notification Off කරලා දාන්න.

Settings >> Notification

 

6.Spotlight Search

Spotlight Search කරලා දාන්න, Spotlight Search use කරන කෙනෙක්නම් Siri Suggestions වගේ ඒවා Off කරන්න.

Settings>> General >> Spotlight Search

 

7.ICloud

ඔයා icloud ගිහින් බලන්න icloud එකට Auto Sync වෙන්නේ මොනවද කියලා, ඒවා ඔයාට ඕනේ නැත්නම් Off කරලා දාන්න.

Settings >> Apple ID >> iCloud

 

8.Low Power Mode

Low Power Mode එකක් ඇපල්ලා නිර්මාණය කරලා තියෙන්නේ Battery එක Save කරන්න. මේක on කලාම iphone එකේ Performance අඩු වෙනවා දැනෙනවා. මේ ඔක්කොම background process,brightness,sensors පාලනය කරනවා. ඒත් අපෙ iෆෝන් එකේ Battery එක 40%කින් විතර save කරගන්න පුළුවන් මේ Low Power Mode එක On කලොත්.

Settings >> Battery

 

9.iTunes & App Stores

මෙතනින් බලන්න Automatic Download වෙන්න දාලා තියෙන්නේ මොනවද කියලා. ඔයාට අනවශ්‍යය ඒවා  Off කරන්න. Data ගැන වදවෙන කෙනෙක්නම් ඔක්කොම Off කරල දාන්න.

Settings >> iTunes & App Stores

 

10.Background App Refresh

Background App Refresh කියන්නේ ඔයාගේ ෆෝන් එකේ තියෙන ඇප්ස් ඔයාටත් නොදැනිම, ඒ කියන්නේ ඇප්ස් ඕපන් කලේ නැතත් ඒවා Background Run වෙන එකට. මෙන්න මේක Off කරලා දාන්න. දැනෙන්න බැටරි සේව් කරගන්න පුළුවන්.

Settings >> General >> Background App Refresh

 

11.Location Services

Location Services ගිහින් බලන්න ඔයා මොනවටද මේ Location Services Allow කරලා තියෙන්නේ කියලා, වැඩක් නැති ඒව Never කරලා දාන්න. Location Services සම්පූර්ණයෙන්ම Off කලත් කමක් නෑ, ඕන උන වෙලාවට On  කරගන්න පුළුවන් නිසා.

Settings >> Privacy >> Location Services

 

12.3D Touch

මේ එක එන්නේ 6S එකෙන් ඉහල ෆෝන්.  3D Touch  Use කරන්නෙම නැති කෙනෙක්නම් Off කරලා දාන්න.

Settings >> Accessibility >> 3D Touch

 

13.Raise to wake

එකත් එන්නේ 6S එකින් ඉහල iෆෝන් වලට විතරයි. මේකෙදි වෙන්නේ iphone එක පැත්තක තිබිලා ඔයා අතට අරන් ඒ දිහා බලනකොට Display එක on වෙනවා. Raise to wake එකට කැමති නැත්නම් Off කරන්න.

Settings >>Display & Brightness

 

14.Use dark color wallpaper

ඔයා අදුරු සහිත wallpaper එකක් භාවිතා කරනවනම් Display Colors,light වලට වැය වන විදුලියෙන් කොටසක් ඉතුරු කරගන්න පුළුවන්,

 

15. Recent app Clear

Home Button එක Double tap කරලා ඔයා භාවිතා කරපු Recent ඇප්ස් ඔක්කොම වගේ Clear කරලා දාන්න, නිතර නිතර Clear කරනවනම් හොදයි.

 

 

හොදයි, මේ Tips ටික කරලා බලන්න, බැටරි හොදටම බැහැපු වෙලාවක මේ ටික ඔක්කොම කරලා බලන්න ඔයාට පැහැදිලි වෙනසක් දැකගන්න පුළුවන් වෙයි. ඔයාලගෙ අදහස් කමේන්ට් කරගෙන යන්න.

සුභ දවසක්,

අදහස් දක්වන්න

comments

  • පට්ට ලිපියක්
  • සතුටු දායකයි
  • අපරාදේ
  • වැඩක් නෑ
‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,