සුභ දවසක්.

ios usersලා ආදරය කරන තවත් දෙයක් තමයි 3D Touch කියන්නේ. ඉතින් මේ ලිපිය ඒ අයට වෙන්වූවක්, ඔයාලා දන්නවා 3D Touch Feature එක එන්නේ iphone se එකට වගේම iphone 6s එකින් ඉහල දුරකථන සදහා පමණයි කියන වග. 3D Touch භාවිතා කරන අය මේ ට්‍රික් එක දැනන් ඉන්න එක ගොඩක් ප්‍රයෝජනවත් වේවි.

හිතන්න කිසියම්  Text Document එකක් තියෙනවා. එය ඉක්මනින් මකා ගැනීමට අවශ්‍යයනම් අපි කරන්නේ backspace key එකෙන්  අකුරෙන් අකුර Delete කරන එකයි. නමුත් මේ backspace key එකට 3D Touch එකක් දුන් විගස ඉතා වේගයෙන් වචනයෙන් වචනය මැකී යයි.

අකුරෙන් අකුර මකනවට වඩා වැඩි වේගයකින් මකා දමන්න පුළුවන් වචනයෙන් වචනය. අපට අවශ්‍යය කොටස දක්වා මකා දමා backspace key තුළින් ඇගිල්ල මුදා හැරිය  විගස Delete වීම නවතී. ඔබගේ කාර්‍යය බහුල ජීවන රටාවට මෙය මහත් පහසුවක් ගෙනදේවි. එමෙන්ම මෙම Feature එක ios 10 සංස්කරණය සමග පැමිණෙන නිසා ඔබේ දුරකථනයේ ios 10 තිබීම අනිවාර්‍යය වේ.

වැඩේ පැහැදිලි නෑ වගේනම් පහත වීඩියෝව නරබන්න.

අදහස් දක්වන්න

comments

  • පට්ට ලිපියක්
  • සතුටු දායකයි
  • අපරාදේ
  • වැඩක් නෑ
‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,