සුභ දවසක් හැමෝටම.

අද අපි කතා කරන්න යන්නේ ඔබේ WordPress අඩවි‍ය වේගවත් කරගන්න තවත් එක් වටිනාම කාරණයක් ගැනයි.

හිතන්න ඔබ ඔබේ වෙබ් Pages වලට,එහෙමත් නැත්නම් WordPress වෙබ් එකට කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතිව images දානවනම්?  ඔයා දැනටමත් Post,page,slider,widgets වලට images දාලා ඇති. ඔයාට හොදයි කියලා හිතෙන images දානවා ඇති. නමුත් ඔබ හිතුවද ඒ දාපු images ඔයාගේ සයිට් එකේ Speed එකට බලපෑමක් ඇති කරයි කියලා?

දැන් ඔබ කියයි image එකේ Size එක අඩු කලෝතින් image එකේ quality එක අඩු වෙනවනේ කියලා, ඔව් අඩු වෙනවා. නමුත් හොදටම quality එක අඩු නොකර image එක Optimize කරගන්න පුළුවන් අපට. අපිට අපෙ Web Content එකකට High Quality images දාන්න ඕනේ නැ. මොකද අපිට ඕනේ වෙබ් පිටු පරිශීලකයාගේ කැමැත්ත, එයා ඔයාගේ සයිට් එක ගොඩක් වෙලා load වෙන එකක්නම්,කොච්චර ලස්සනට පැහැදිලි images තිබුනත් ඔයාගේ සයිට් එකට රුචියක් දක්වන්නේ නෑ. නමුත් ඔයාගේ සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙලා පරිශීලකයා සතුටු වෙනවනම්, එම තැනැත්තා නැවත වරක් පැමිණීමට පසුබට වෙන්නේ නැහැ. image එකේ Quality එක ගොඩක් අඩු නොවෙන්න,හොයන්න බැරි ගානට Reduce කරන්න පුළුවන්.

Photoshop වලින් හොදටම Optimize කරන්න පුළුවන්. ඔයාගේ output image එක jpg/jpeg Optimize Format එකින්  Save කරන්න. පහත screenshot එක බලන්න.

මේ image එක Png format එකින් save කලොත්  512 kb ක් තියෙනවා. නමුත් අපට මේක jpg Optimize Format එකින් Save කලොත් 92 kb වගේ size එකකට ලබාගන්න පුළුවන්. image එකේ quality එක ටිකක් අඩු උනත් ඉතා හොද මට්ටමින් තියෙනවා දැකගන්න පුළුවන්.

Photoshop භාවිතයෙන් images Compress කරන ආකාරය ගැන අවබෝධයක් ගන්න පහල වීඩියෝව බලන්න.


තව ක්‍රමයක් තමා Image Optimization Plugins භාවිතය.

Smush Image Compression and Optimization


EWWW Image Optimizer


Imsanity


Imagify Image Optimizer


ShortPixel Image Optimizer


TP Image Optimizer   


Optimus – WordPress Image Optimizer

 

ඉහත සදහන් කල Plugin එකක් භාවිතා කරන්න. ඒත් වඩා හොද PhotoShop Image Compress ක්‍රමය අනුගමනය කරන එක. මොකද අපි අඩුවෙන් plugins භාවිතා කරන එකයි වඩා වැදගත්. නමුත් මේ හොදම Plugins වලින් කැමති එකක් භාවිතා කලාට ගැටළුවක් වන්නේ නෑ.

තවත් ක්‍රමයක් තමා Image Compressing Method (Server Method) එක. ඒ ගැන වෙනම post එකක් දාන්නම්. මොකද Images විතරක් නෙවේ Compress කරන්නේ ඒ ක්‍රමවේදයෙන්.

ඒ වගේම තමා වැඩි Dimensions තියෙන Images භාවිතා කිරීමෙන් වැලකී සිටින්න. ඔයාගේ image එකේ Dimension හා Pixel වැඩිවෙන තරමට File size එක වැඩිවෙනවා. ඔයාට අඩු size එකෙන් images ලබා ගැනීමට අවශ්‍යයනම් Google image  වල Tools >> Size ගිහින් පුළුවන් විශාලත්වයෙන් අඩු images හොයාගන්න පුළුවන්.

 

ඔබ විසින් සකසන ලද ෆොටෝස් හෝ පින්තූර නම් Photoshop වලින් Size එක අඩු කරගන්න පුළුවන්. තවත් ක්‍රමයකින් අපිට මේ image size reduce කරගන්න පුළුවන් පහසුවෙන්ම. ඒ තමා Image Optimization සදහාම වෙන් වුන වෙබ් අඩවි. ගූගල් කලොත් ඕන තරම් හොයාගන්න පුළුවන්. පහලින් ටිකක් සදහන් කරන්නම්.

 

අපි කථා කලා WordPress WebSite එකක් Speed කරන්න ක්‍රම කිහිපයක් ගැනම. එම ක්‍රමවේදයන් භාවිතා කරලා  ඔයාගේ WordPress site එකේ  images Optimize කරගන්න.  අපි අද කතා කලේ වෙබ් අඩවිය Speed කරගත හැකි එක් ක්‍රමයක් පමණි. තවත් ක්‍රම ගණනාවක් තියෙනවා. ඒ ටික බලන්න මේ ලිපිය බලන්න. ‌WordPress වෙබ් අඩවිය වේගවත් කරගන්න, #පාඩම4

එහෙනම් සුභ දවසක්,  මීලග Speed Tip එක සමගින් හමුවෙමු!

 

අදහස් දක්වන්න

comments

  • පට්ට ලිපියක්
  • සතුටු දායකයි
  • අපරාදේ
  • වැඩක් නෑ
‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,